top of page

මරණ මංචකයේ සිට තම පුතුගේ ජීවිතය පුරාවට එක්ව ජීවත් වන්නට සැලසුම් කළ රොවෙනාගේ අනුවේදනීය කථාව.

රොවෙනාට ජීවත් විය හැක්කේ තව මාස කිහිපයක් පමණි. සිය පුතු ෆ්‍රෙඩී ඉපදුන මොහොතේ සිටම ඇයට උදරයේ පිළිකාවක් වැළඳී තිබුණා. තම පුතු සමඟ ගත කළ හැකි කාලය ඉක්මනින් ගෙවී යන බව ඇය දැනගත්තා. ජීවිතයේ අවසන් මොහොතේ ඇය කල්පනා කරන්නේ තම පුතු තේරුම්යන වියට පත්වනවිට ඔහුට සිය මව පිළිබඳ මතකය තබා ගත හැකි ක්‍රමවේදයන් ගැනයි.

ඇය ඔහු නමින් ඊමේල් ගිණුමක් සැකසුවා. ඒ ඔහු වැඩිවියට පත්වූ පසු ඔහුට පරිහරණය කිරීම පිනිසයි. ඇය රෝගී වූ මොහොතේ සිට තම පුතුට තමාගේ ඇතුලාන්තය පිළිබඳව සියලු තොරතුරු මෙහි ඇතුලත් කළා.

ඇය තමාගේ ප්‍රියතම ගීත CD පටයකට ගොනු කළ අතර තවත් ළමා කථා කිහිපයක් ලියා තැබීමට සූදානම් කළා. ෆ්‍රෙඩීට වයස 21 වන තෙක් සෑම උපන් දිනයටම ලැබීම සඳහා උපන්දින සුභ පැතුම් පත් සකස් කළා. පාසල් යන ප්‍රථම දවසට ද සුභ පැතුම් පතක් සකසනු ලැබුවා. උපාධිය ලබා ගත් මොහොතට සහ විවාහ වන දිනයටද සුභපැතුම් පත් සකස් කළා. සෑම සුභපැතුම් පතකම වටිනා පණිවුඩ එකතු කළා. උදා: "ඔබට ධනාත්මකව යමක් කිව නොහැකි නම්, නිහඬව සිටින්න", "අහස දෙස බලන හැම මොහොතක්ම මගේ ආදරය කොපමනදැයි වටහා වන්න", ආදී වශයෙනි. ඇය තම ස්වාමියාට සහ පුතුට සමරු පලකයක් ද සැකසුවා.

එහි සඳහන් වන්නේ මෙසේය. "ෆිල් සහ ෆ්‍රෙඩී වෙත, මරණය කියා දෙයක් නොමැත. මිනිසුන් මිය යන්නේ අපට ඔවුන් අමතක වූ විටයි. ඔබට මා මතක නම් මා සැමදා ඔබ සමඟයි."

පිළිකා රෝග වලින් පෙලෙන බොහෝ දෙනා ජීවිතයේ  වටිනාකම ගැන කථා කරති. නමුත් මම ෆ්‍රෙඩී සමඟ ගත කරන හැම පැයක්ම මගේ ජීවිතයේ වටිනාම කාලයයි.

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page