
අවු. 50 - 70 අතර වැළඳිය හැකි ඇට මිඳුලුවල ආසාදනය මයිලෝෆයිබ්‍රෝසිස්

ඇට මිදුලුවල සිදුවන ආසාධනය නිසා සාමාන්‍යයෙන් ශරීරය විසින් සිදු කරනු ලබන රුධිර සෛලය නිෂ්පාදනය අවුල් වීම මයිලෝෆයිබ්‍රොසිස් යනුවෙන් හඳුන්වනු ලබන රෝග තත්ත්වයයි. මෙම රෝගය නිසා ඇට මිදුලු පලුදු වී දැඩි රක්තහීනතාවයක් දුර්වල බවක්, මහන්සියක්, මෙන්ම අක්මාවේ හා ප්ලීහාවේ ඉදිමීමක් සිදුවිය හැකිය.
මෙම රෝගාබාධය එක්තරා විධියක අවස්වාභාවික ලියුකේමියා රෝගයක්. එනම් රුධිරයේ ඇතිවන පිළිකා තත්ත්වයක් ලෙසද හඳුන්වාලිය හැකිය. මෙම මයිලෝෆයිබ්‍රෝසිස් රෝගය මයිලෝප්‍රොලිෆරේටිව් (Myeloproliferative) ආසාදන ගණයට අයත් වන රෝගයක් ලෙසද දැක්වේ.
සාමාන්‍යයෙන් මෙම රෝගය වයස 50ටත් 70ටත් අතර පුද්ගලයින්ට වැළඳිය හැකි බවත් එය වැළඳීමෙන් පසු ක්‍රමයෙන් ඉතා මන්දගාමී ලෙස වැඩි දියුණු වීම සිදුවන බවත් සොයාගෙන ඇත.
සාමාන්‍යයෙන් රුධිර සෛල නිෂ්පාදනය අඩපණ වීම නිසා ඇතිවන රක්තහීනතාවය නිසා මහන්සිය දුර්වලතාවයට අමතරව හුස්ම ගැනීමේ අපහසුතාවයක් ද ඇතිවිය හැකිය. එසේම පීලිහාවේ සිදුවන ඉදිමීම නිසා වම් පැත්තේ ඉල ඇට පහළින් වේදනාවක් සිදුවනු ඇති බවත් චර්මය සුදුමැලි වීම පහසුවෙන් තුවාල සිදු වී අධික රුධිරය ගැලීම, නිදාගෙන සිටින විට අධික ලෙස දහඩිය දැමීම, උණ, නිතර රෝග වැළඳීමේ ප්‍රවනතාව හා ඇටවලින් වේදනාවක් ඇති වීම වැනි රෝග ලක්ෂණ මෙම රෝගය නිසා ඇති වන බව සොයාගෙන ඇත.
මේ රෝග ලක්ෂණවලින් කිහිපයක් හෝ ඇති බව දැනුණ විගස වෛද්‍යවරයෙකු හමුවීම අවශ්‍ය වන්නේය.
ජානමය අක්‍රමිකතාවයක් නිසා රුධිර සෛල නිෂ්පාදනය හරිහැටි සිදු නොවීම හේතුවෙන් විකෘති රුධිර සෛල වේගයෙන් නිෂ්පාදනය වීම සිදුවේ. එම විකෘති රුධිර සෛල නිෂ්පාදනය වෙමින් තිබෙන නව රුධිර සෛලවලට ද සම්බන්ධ වීම නිසා රුධිර සෛල නිෂ්පාදදනයට දැඩි බලපෑමක් එක්වීම නිතැනින්ම සිදු වේ. මෙම ක්‍රියාවලියේ අවසන් ප්‍රතිඵලය වන්නේ රතුවන් රක්තානු අඩු වීමයි. එමඟින් රක්තහීනතාවය ඇති වීම සිදු වේ. එවිට රුධිරයේ ශ්වෙතානු වැඩි වීමක් ද සිදු වේ.
මයිලෝෆයිබ්‍රෝසිස් රෝගය හඳුනාගැනීම සඳහා ශරීරික පරික්ෂණයට අමතරව රුධිර පරීක්ෂණ, එක්ස් කිරණ මෙන්ම ඇට මිදුලු පරීක්ෂණ ද සිදු කරනු ලැබේ. මෙබඳු ආසාදන තත්ත්වයක් සොයා ගනු ලැබූ පසු රක්තහීනතාවය, ප්ලීහාවේ හා අක්මාවේ ඉදිමුමක් දැකිය නොහැකි නම් ඉක්මන් ප්‍රතිකාර අවශ්‍ය නොවන නමුත් මෙම රෝගය වර්ධනය වන බවක් පෙනේ නම් වහාම ප්‍රතිකාර ගැනීම අවශ්‍ය වේ.
දැනට ජානමය විකෘති භාවය වැළැක්වීම සඳහා පර්යේෂණ පවත්වා ගෙන යමින් පවතින අතර මෙම රෝග ලක්ෂණවල වර්ධනයක් සිදු නොවීම සඳහා (Ruxolitinib) රුක්සෝලිටිනිබ් නම් වූ බෙහෙත දෙනු ලබයි. එහෙත් මෙම බෙහෙතින් මයිලෝෆයිබ්‍රෝසිස් රෝගය සුව වේද යන්න තවම සොයා ගෙන නොමැත. මෙම බෙහෙත මඟින් ජානමය විකෘති භාවය අඩු වීමක් සිදුවන බව පෙනේ. එහෙත් මෙම බෙහෙත නිසා වෙනත් ආසාදන ඇතිවිය හැකි බවද පර්යේෂණවලින් හෙළි වී ඇත.
රක්තහීනතාවය දරුණු ලෙස පෙන්නුම් කරන විට දැනට ලේ දීම, ඇන්ඩ්‍රෝජන් ප්‍රතිකාරය, තලිඩෝමයිඩ් රෝගය හා එම රෝගයට සම්බන්ධ රෝගවලට කරනු ලබන ප්‍රතිකාරවලට අමතරව ප්ලීහාවේ ශල්‍යකර්මයකින් ඉවත් කිරීම, කීමෝ ප්‍රතිකාර, විකිරණ ප්‍රතිකාර වැනි ප්‍රතිකාර ක්‍රම සිදු කිරීම එම රෝගී ලක්ෂණ සංකීර්ණතාවය අනුව සිදු කරනු ලබයි.