top of page

මව් සෙනෙහස
හැම අම්මා කෙනෙකුටම තමන්ගේ දරුවා වටිනාම සම්පතක්. ඒක මුළු විශ්වයටම පොදුයි. කතාවක් තියෙනවානේ උණහපුලුවාට උගේ දරුවා මැණිකක් කියලා.
ඇත් පැටවාට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්. පුංචි පැටියාට මවගේ නිරන්තර ආරක්‍ෂාව හිමිවෙනවා. පැටියා ටිකක් එහාට මෙහාට වුනොත් අම්මා වහාම ක්‍රියාත්මක වනවා. හොඬවැලෙන් පැටියාගේ වලිගය අල්ලාගෙන රැකවරණය ලබා දෙනවා. පුංචි පැටියා හදිසි ආපදාවකට ලක්වුනොත් රැලේ එවුන්ගේ සහාය වහාම ලබා දෙනවා.
දරුවන් මහමඟ දමා යන අම්මාලාට තාත්තලාට හිතන්න යමක් මේ තිරිසන් සතුන් ඉතිරි කර තිබෙනවා. දරු සෙනෙහස ගැන මීට වඩා යමක් හිතන්න පුළුවන්ද?
මේ වගේ සුන්දර අලි පැටව් අම්මාගෙන් වෙන් කරගෙන මුදල් උපයන නොමිනිසුන්ටත් මොන තරම් ආදර්ශයක් ලබා ගන්න පුළුවන්ද.
සමහර මිනිසුන්ට නැති මනුස්සකම සතුන් ළඟ තියෙන බව අමුතුවෙන් කිව යුතු නැහැ.

bottom of page