
මනස සුවපත් කරන්නට මේ ආහාර වර්ග අතිශයින්ම යෝග්‍යයි
සතුට තරම් වටිනා, අගය කළ යුතු මනෝභාවයක් තවත් නොමැති තරම්ය. සතුට ඇති කරනුයේ මානසික යහ පැවැත්ම පමණක් නොවේ. එය කායික යහ පැවැත්මට ද වැදගත් වූවකි. ඝෘණාත්මක නැතිනම් අයහපත් සිතුවිලි බොහෝ කායික රෝග ඇතුළු අසතුටුදායක සෞඛ්‍ය ප්‍රතිඵල උරුම කිරීමට සමත්ය.
විශේෂයෙන්ම මානසික අවපීඩනය නැතිනම් විෂාදය, අධික රුධිර පීඩනය හා හෘදයාබාධ ඇතුළු කායික රෝග තත්ත්වයන් ගණනාකටම අවදානම් සාධකයකි. මේ කරුණු පිළිබඳව පර්යේෂණ සිදු කළ පෝෂක විශේෂඥයන් පවසන්නේ අප ගන්නා ආහාර ශරීරයේ ශක්ති මට්ටම වර්ධනය සඳහා පමණක් නොව මනෝභාවයට සහ චිත්තාවේගයන්හි යහපතටත් හේතු වන බවය.
මොළය තුළ නිපදවෙන ඩොපමීන්, සෙරොටොනීන් සහ නොර්එපිනෙප්රින් නම් ස්නායු සම්පේ‍්‍රෂක රසායනික අපගේ මනෝභාවයන් සහ හැසිරීම් පාලනය කරති. මෙම ස්නායු සම්පේ‍්‍රෂක නිෂ්පාදනයේදී අප ගන්නා ආහාර ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව අමතක නොකළ යුතුය.
මනෝභාවය සම්බන්ධයෙන් කතා බහ කරන විට මොළයෙහි සෙරොටොනින් මට්ටම ඉහළ අගයක තිබෙන විට කෙනෙකුට වැඩි සතුටක් පී‍්‍රතියක් දැනෙන අතර ඉහිල් බවක් ද විවේකී ස්වභාවයක් ද දැනීමට ඒ හේතු වෙයි. ඒ අතර ඩොපමීන් හා නොර්එපිනෙප්රින් නිරවුල්ව සිතීමට සහ ඉක්මනින් ක්‍රියාකාරී වීමට අවශ්‍ය හැකියාව ඇතිකරන ස්නායු සම්ප්‍රේෂකයන්ය.
එහෙයින් ඔබ කිසියම් අසතුටකින් පෙළෙන, උදාසීන හා වෙහෙස මහන්සි ගතියකින් පසු වනවිට මනෝභාවය ප්‍රභාමත් කිරීම සඳහා උදව් විය හැකි ආහාර ගණනාවක් ගැන මනෝ හා පෝෂණ විද්‍යාඥයන් හෙළිදරව් කර ඇත. මෙම ආහාර මොනවාදැයි සොයා බලමු.
ගී‍්‍රන් ටී
“කොළ පැහැති තේ” තුළ අඩංගු එල් - තියැනීන් නම් ඇමයිනෝ අම්ලය රුධිර - මොළ බාධකය මඟහැර ගොස් මනෝභාවය නංවාලීමටත්, පැණි රස සඳහා පවතින ලෝලිත්වය මොට කිරීමටත් සමත්ය. රුධිර - සීනි ප්‍රමාණය පාලනයට ද ගි‍්‍රන් ටී සමත්ය.
ඇට වර්ග
කජු, රටකජු, කොට්ටන්, ආමන්ඩ් ඇතුළු සියළු ඇට වර්ග ප්‍රති - ඔක්සිකාරක (ඇන්ටි - ඔක්සිඩන්ට්ස්), මැග්නීසියම් සහ අත්‍යවශ්‍ය මේද අම්ල වලින් යුක්තය. මේ සියල්ලම ස්නායු සෛල සෞඛ්‍යය නංවාලීමට උදව් වන පෝෂකය. විශේෂයෙන්ම රටකජු ෆෝලික් අම්ලය සපයන මුලාශ්‍රයකි.
පලතුරු
දිනපතා කෙසෙල් ගෙඩියක් ආහාරයට ගැනීමෙන් සෙරොටොනින් සහ ඩොපමින් නිෂ්පාදනය ඉහළ නංවා ගත හැකිය. අන්නාසි වලින් සැපයෙන ට්‍රිප්ටොපැන් ඇමයිනෝ අම්ලය තුළින් සෙරොටොනින් නිෂ්පාදනය ඉහළ නැංවෙයි. ලොවි, දං, ජම්බු, ස්ට්‍රෝබෙරි, වෙරළු ආදී පලතුරු තුළ ප්‍රති - ඔක්සිකාරක, ෆ්ලෙවනොයිඩ්ස් හා විටමින් සී බහුලය. දෙහි දොඩම්, නාරං තුළ සී විටමිනය බහුලය. ලේ සෑදීමට අවශ්‍ය යකඩ අවශෝෂකයට ද සී විටමිනය දායක වෙයි.
මිරිස්
කැපසෙයිසින් ලෙස හැඳින්වෙන මිරිස් තුළ අඩංගු සක්‍රීය සංයෝගය මොළයට එන්ඩොර්පීන් ස්‍රාවය කිරිම සලස්වයි. එයමනෝභාවය ඉහළ නැංවීමට උදව් වන ක්‍රියාවකි.
බණ්ඩක්කා
විටමින් බී වලින් පොහොසත් බණ්ඩක්කා ආතතිය දුරු කර මනෝභාවය යහපත් කරයි. ෆෝලික් අම්ලය ද ඒ තුළ බහුලය.
කුකුල් මස්
ආතතියට මුහුණ දීමට ශරීරය සමත් කරවන ටයිරොසීන් නම් ඇමයිනෝ අම්ලය කුකුළු මස් තුළ බහුලය. එසේම ඩොපමීන් සහ හොර්එපිනෙප්පී‍්‍රන් තැනීමේදී ද ටයිරොසීන් දායක වෙයි.
නිවුඩ්ඩ සහිත ධාන්‍ය
නොපාහින ලද ධාන්‍ය ආහාරයට ගත් විට ඒවා දිරවීම සෙමෙන් සිදුවන නිසා වැඩි වේලාවක් බඩපිරුණු ස්වභාවයක් උරුම කරයි. එයද සතුටට කරුණකි. කාබෝහයිඩ්‍රේට් ආහාර ගැනීම සෙරොටොනින් මට්ටම ඉහළ යවන බවට ද සොයා ගෙන ඇත.
යෝගට්
ඔබගේ ආහාර මාර්ගය තුළ සෙරොටනින් ප්‍රතිග්‍රාහක සහිත වෙනමම මනසක් සිතක් තිබෙන බව සඳහන් කළහොත් ඔබ එය විශ්වාස කිරීමටත් අදිමදි කරනු ඇත. එහෙත් සත්‍යය නම් සිරුරේ අඩංගු සෙරොටොනීන් වලින් වැඩි ප්‍රමාණයක් ආහාර මාර්ගයේ පවතින “එන්ටරෝක්‍රොමපීන් සෛල” නම් සෛල තුළ පැවතීමයි. ඒවා අන්ත්‍ර තුළ ආහාර ගමනාගමනය නියාමනය කිරීමේ යෙදෙයි.
යම් ලෙසකින් ආහාර මාර්ගය තුළ පදිංචි හිතකර බැක්ටීරියා හා අහිතකර බැක්ටීරියා තුල්‍යතාවය බිඳී ගියහොත් සෙරොටනින් නිෂ්පාදනයට සහ ප්‍රතිග්‍රහණයට බාධා පැමිණෙයි. යෝගට් සහ කොටේජ් චීස් ආදී ආහාර තුළ අඩංගු ප්‍රෝ- බයෝටික්ස් අයහපත් බැක්ටීරියා වර්ධනය පාලනය කිරීමට සමත්ය.
පරිප්පු හා වෙනත් පියළි ඇට
ෆෝලික් අම්ලය බහුලව අඩංගුය. ෆෝලික් අම්ල ඌනතාවයක් ඇති වුවහොත් ඒ හේතුවෙන් මොළයට වැදගත් වන සෙරොටොනින්, ඩොපමින් හා හෝර් ඇඩ්‍රිනලීන් යන ස්නායු සම්ප්‍රේෂක රසායනික පරිවෘත්තියට බාධා ඇති වෙයි.
කොළ පැහැ පලා වර්ග
සෑම කොළ පැහැ පලා වර්ගයක්ම ෆෝලික් අම්ල උල්පත් වෙයි. හොඳින් නින්ද යෑමට මෙන්ම ස්ථාවර මනෝභාවයක් විශේෂයෙන්ම සතුට පවත්වාගෙන යාමට උදව් වන සෙරොටොනින් හෝර්මෝනය, ට්‍රිප්ටෝපැන් නම් ඇමයිනෝ අම්ලයෙන් නිපදවා ගැනීමට ෆෝලික් අම්ලය උදව් කාරකයකි.
එසේම තද කොළ පැහැ පලා වර්ග තුළ අඩංගු මැග්නීසියම් ද ස්නායු සහ පේශි ක්‍රියාකාරීත්වය සාමාන්‍ය අයුරෙන් පවත්වා ගෙන යාමට උදව් වෙයි. සිරුරේ මැග්නීසියම් මට්ටම අඩු වන විට සෙරොටොනින් මට්ටම ද පහළ වැටීමක් දැකිය හැකිය.
කිරි
කිරි බහුපෝෂක සපිරි ආහාරයකි. එහි ඒ විටමිනය, බී විටමිනය, කැල්සියම්, කාබෝහයිඩ්‍රේට්, මැග්නීසියම්, පොස්පේටි, ප්‍රෝටීන්, රිබෝෆ්ලේවින්, සින්ක් මෙන්ම මොළයේ ප්‍රති විෂාදීය “සෙරොටොනින්” සෑදීමට අවශ්‍ය ට්‍රිප්ටෝපැන් නම් ඇමයිනෝ අම්ලය ද අඩංගුය. ආතතිය හා පරිවෘත්තිය ක්‍රියා හේතුකොට ශරීරය තුළ නිපදවෙන මුක්ත අංශු විනාශ කරන ප්‍රති - ඔක්සිකාරක ද කිරි තුළ අඩංගුය.
බිත්තර
සෞඛ්‍යමත් සිරුරකට සහ මනසකට සහාය වන පෝෂක අසීමිත සංඛ්‍යාවක් පවතියි. බිත්තර කහ මදය තුළ ඩී විටමිනය සහ බී 12 විටමිනය මෙන්ම කෝලීන් නම් ඇමයිනෝ අම්ලය ද අඩංගුය. මොළයේ වර්ධනයට සහ ක්‍රියාකාරීත්වයට මෙම පෝෂක අත්‍යවශ්‍යය. විශේෂයෙන්ම ස්නායු සම්පේ‍්‍රෂකයන් සඳහා කෝලීන් ඉතා වැදගත් පෝෂකයකි.
මාළු
ඩොකොසැහෙක්ඇන්නොයික් අම්ලය හෙවත් ඩී.එච්.ඒ. ලෙස සුලබව හැඳින්වෙන ඔමේගා 3 මේද අම්ලය බොහෝ මාළු වර්ග තුළ අඩංගුය. කෙලවල්ලන්, කුම්බලාවන්, තලපත්, මෝර, සාඩින් ආදී මත්ස්‍යයන් තුළ සුලබ මෙම මේද අම්ලය යහපත් මනෝභාවයක් ඇති කිරීමෙහිලා ඉතා වැදගත්ය. දැල්ලන්, බෙල්ලන්, ඉස්සන්, පොකිරිස්සන්, කකුළුවන් ආදී කවච මත්ස්‍යයන් තුළ අඩංගු ට්‍රිප්ටොපැන්, සෙරොටොනින් නිෂ්පාදනය සඳහා වැදගත් වෙයි.
කෝපි
ලෝකයේ ජනපි‍්‍රයතම නීත්‍යානුකූල මනෝ සක්‍රීය ඖෂධ වන කැෆේන් කෝපි තුළ අඩංගුය. එය උත්තේජකයකි. එය නිදිමත පලවා හැර කෙනෙකුගේ පරිවෘත්තිය හා ශක්ති මට්ටම නංවා ලීමට සමත්ය. එමඟින් “අවදි” බවකින් සිටීමේ හැකියාව ඇති කරයි.