top of page

ජීවිතයේ අවසන් දින කිහිපයේ පිළිගන්නා තිත්ත ඇත්ත.

අන්‍යයන් මගෙන් බලාපොරොත්තු වුන ජීවන රටාවෙන් මිදී මටම ආවේනික ජීවිතයක් ගත කිරීමට හැකි වුනා නම් කොතරම් සතුටක්ද?

බොහෝ දෙනෙකුට පොදු, පසුතැවෙන කරුණු මෙයයි. ජීවිතයේ අවසන් අදියරට ළඟාවී ජීවිතය දෙස ආපසු හැරී බලන විට කොයි තරම් සාක්ෂාත් කරගත නොහැකිව සිහින ඉතිරිව ඇත්ද? බොහෝ දෙනෙකුට තම බලාපොරොත්තු කන්දෙන භාගයක්වත් ඉටු කරගැනීමට නොහැකිවී ඇත. නිසි කලට තීරණ ගැනීම හෝ නොගැනීම නිසා තම බලාපොරොත්තු ඉටු කර ගත නොහැකි වීම කනගාටු වන ප්‍රධාන කරුණක්. ජීවිතය පුරාවට තමන්ගේ බලාපොරොත්තු කිහිපයක් හෝ ඉටු කරගැනීමට උත්සුක විය යුතුය. වියපත්ව රෝගී වූ විට ඔබ ප්‍රමාද වැඩිය. නිරෝගීමත්භාවය සාර්ථක ජීවිතයක පදනම බව බොහෝ දෙනෙකු තේරුම් ගෙන නැත.

 


මම හිතනවා මම මෙච්චර මහන්සි වී වැඩ නොකළ යුතුව තිබූ බව.

 

බොහෝ වයෝවෘද්ධ පිරිමින් මේ ගැන පසුතැවෙනවා. ඔවුන්ගේ දරුවන්ගේ ඇසුරෙන් ඈත්ව දරුවන්ට පියාගේ බැල්ම නොලැබීම ගැන ඔවුන් කනගාටුවෙනවා. වයසක කාන්තාවන් මේ අන්දමින් පසු තැවෙනවා. රාජකාරියටම මුල් තැන දී කටයුතු කිරීම ගැන දැන් ඔවුන් පසු තැවෙනවා.

ජීවිතයට මුදල් අත්‍යවශ්‍ය වුවත් සමබරතාවයෙන් ආර්ථිකය සහ පවුල් ජීවිතය සැලසුම් කළහොත් ඔබට මෙවැනි පසුතැවීමක් ඇති වන්නේ නැහැ.

මම හිතනවා මීට වඩා මගේ අදහස් නිදහසේ ප්‍රකාශ කිරීමට නොහැකිවීම අඩුපාඩුවක් බව. අන් අය අමනාපවේය යන බියෙන් බොහෝ දෙනා නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමෙන් වලකිනවා. මේ හේතුව නිසා ඔවුන් ජීවිතය පුරාම අසහනයට පත් වෙනවා. අපට අන්‍යයන් පාලනය කිරීමට නොහොකි අතර අවංක මතය ප්‍රකාශ කිරීම නිසා මුලදී බොහෝ දෙනා උරණ වුවත් කලක් ඇවෑමෙන් සත්‍යය ජය ගන්නවා. මේ හේතුවෙන් බොරුකාරයන් ඔබෙන් ඈත්වන අතර අවංකයින් ඔබ හා එක්වෙනවා
.

 

 

මම හිතනවා මගේ මිතුරන් සමඟ මීට වඩා ළඟින් ඇසුරු කළ යුතුව තිබූ බව.

 

පැරණි මිත්‍රත්වයේ අගය සමහරුන්ට තේරෙන්නේ මරණ මංචකයේදී බොහෝ දෙනා ජීවිතයේ පැවැත්ම වෙනුවෙන් මුළු කාලයම වෙන් කරන නිසා මිතුරන් තමන්ගෙන් ඈත් කර ගන්නවා.  මිත්‍රත්වය දියුණු තැන ලබා නොදීම නිසා ජීවිතයේ අවසන් අදියරේ ඔවුන් ඒ ගැන පසුතැවෙනවා. කලබලකාරී  ජීවන රටාව නිසා මිතුරන් ඇසුර පවත්වා ගැනීම බොහෝ දෙනෙකුට අපහසු කර්තව්‍යයක්. නමුත් ජීවිතයේ අවසන් අදියරේදී මුදල් හෝ සැප සම්පත් වලට වඩා මිතුරන්ගේ ඇසුර ලබා ගැනීමට නොහැකිවීම නිසා ඔවුන් නිරන්තරයෙන් දුක් වෙනවා. ඔවුන් නිතරම තමන්ගේම පවුලට සියල්ල සැප සම්පත් ලබා දීමට කටයුතු කළාත් අවසානයේ තනිවන මොහොතක් දැනෙන තනිකම වේදනාවට පත් කරනවා. ජීවිතයේ අවසන් සති කිහිපය ආදරය සහ සම්බන්ධතා අතර ප්‍රශනයක් බවට පත්වෙනවා

 

 

මම හිතනවා මගේ ජීවිතය මීට වඩා සතුටින් ගතකළ යුතුව තිබූ බව.

මෙය බොහෝ දෙනෙකුට පොදු කාරනයක්. බොහෝ දෙනෙකුට සතුට යනු තෝරාගැනීමක් බව වැටහී යන්නේ ජීවිතයේ අවසන් අදියරේදී පවුලේ වර්ධන ගැන සිතමින්ම කටයුතු කිරීම තුළින් ජීවිතයේ විඳිය යුතු සතුට මඟ හරිමින් පවුලේ වටපිටාව සැකසීමට බොහෝ දෙනා උත්සුක වුවත් අවසානයේ සතුට විඳි යුතුව තිබූ අවධියේ එය අනුන් වෙනුවෙන් කැප කිරීම පිළිබඳ කණගාටු වෙනවා. ඔබ මරණ මංචකයට ලංවූ විට අන්‍යයන් ඔබ ගැන සිතන විදිය පිළිබඳව කිසිම තැකීමක් නොකරන අතර, ඔබ ජීවිතයේ විඳි සතුට අනුස්මරණය කිරීමට නිරන්තරයෙන්ම පෙළඹෙනවා.  

ජීවිතය යනු තෝරා ගැනීමක්. එය ඔබේ ජීවිතයයි. තෝරාගන්න සිහිබුද්ධියෙන්. තෝරාගන්න නිවැරදිව. තෝරාගන්න අවංකව. තෝරාගන්න සතුට...

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page