top of page

ව්‍යායාම් සහ මනස

ව්‍යායාම් වලින් පසුව ඔබට කිසියම් සහනයක් ලැබෙන බව ඔබ අත්විඳ තිබෙනවාද? ව්‍යායාම් තුළින් ඔබේ මනසට කිසියම් සැනසිල්ලක් ලැබෙන අතර එමගින් ආතතිය වලකන අතර සතුටින් දවස ගතකිරීමට මඟ සැලසේ. ඔබට අසහනයක් දැනෙන විට එක කරුණක් දෙසටම එය යොමු කිරීම නුසුදුසුයි. ඔබගේ හැසීරීම් රටාව, අනෙකුත් ක්‍රියාකාරකම් මේ සියල්ල එකට බැඳී පවතිනවා. ව්‍යායාම් කිරීමෙන් කේන්තිය අඩු කරගත හැකි අතර ආතතියද අවම මට්ටමක පවත්වා ගත හැකියි. නියමිත පරිදි නිවැරදි ආහාර ගැනීම, විවේකය සහ ඔබ ගැන සිතා කටයුතු කිරීම තුළින් ඔබට ඔබේ සෞඛ්‍යය වර්ධනය කර ගත හැක.

පුංචි ඉලක්කයන්ගෙන් ව්‍යායාම ආරම්භ කරන්න.
ඔබ ව්‍යායාම් අලුතෙන් ආරම්භ කරන්නෙක් නම් මුලින්ම පුංචි ඉලක්කයන්  තෝරා ගන්න.
උදා: සතියකට වරක් ව්‍යායාම කිරීම. පසුව මෙය ක්‍රමයෙන් වැඩි කරන්න. එකම වර්ගයේ ව්‍යායාම් දිගටම නොකර වෙනත් ව්‍යායාම් ක්‍රමවේදයන්ද එකතු කරගැනීම තුළ කම්මැලි ගතිය මඟහැරී යනවා ඇත. ව්‍යායාම සඳහා මිතුරකුද එකතු කරගන්න. මේ තුළින් අඛණ්ඩව ව්‍යායාම් වල යෙදීමට හැකි වන අතර එය කාල සටහනකට අනුව සිදු කිරීම වැදගත් වෙනවා. රිද්මය වැඩි කිරීම මඟින් සති කිහිපයක් යන විට ව්‍යායාම වලින් යහපත් ප්‍රතිඵල ඔබට දැනෙන්නට පටන් ගනීවි.

ව්‍යායාම් වල යෙදීමෙන් ආත්මාභිමානය වර්ධනය වන අතර එය ආතතියටද පිළියමකි.
ඉතා බරපතල මානසික රෝග ව්‍යායාම් තුළින් සම්පූර්ණයෙන් සුව නොවුවත්, එය මානසික සෞඛ්‍යයට හිතකර ලෙස බලපෑම් කරනවා. නිරන්තරයෙන් ව්‍යායාම් වල යෙදෙන්නන්ගේ කායික තත්වය හොඳ තත්වයේ පවතින අතර අසහනය අඩු වේ. පහසුවෙන් නින්දට යා හැකි වන අතර සමස්තයක් වශයෙන් ජීවන රටාවට නව ජීවයක් එක් කරනු ඇත. 'ඩියුක්' සරසවියේ කරන ලද පර්යේෂණයකට අනුව මාස 4ක් තිස්සේ ආතතියෙන් පෙලුන රෝගීන්ගෙන් 60%ක් සතියකට විනාඩි 30 බැගින් තුන් වරක් ව්‍යායාම් කිරීම තුළින් වෛද්‍ය ප්‍රතිකාර නොමැතිව සුවයක් වූ බව සොයාගෙන තිබෙනවා. ඔබ මානසික රෝගයකින් නොපෙලුනත් නිරන්තර ව්‍යායාම් තුළින් අසහනය, කේන්තියාම, ශෝකීභාවයට පත්වීම අවම කර ගත හැකි බවත්, නිරෝගීව ජීවත් වීමට හැකි බවත් පර්යේෂණ තුළින් ඔප්පු කර තිබෙනවා.

 

එළිමහනේ ව්‍යායාම් වල යෙදීම

එළිමහන් ව්‍යායාම් වල යෙදීමෙන් අසහනය, බිය සැක ඇති වීම වළක්වන අතර පරිසරය තුළ ක්‍රියාකාරකම් වල යෙදීම ශරීර සෞඛ්‍යයටද හිතකර බලපෑම් ඇති කරනවා.


ඉවසිලිවන්ත වන්න
ව්‍යායාම් ආරම්භ කර සති කිහිපයක්වත් යනතුරු ප්‍රතිඵලයක් නොදැනෙන්නට පුළුවන. ඒ කෙසේ වෙතත් දිගටම ව්‍යායාම් වල යෙදීම වැදගත් වනවා. බයිසිකල් පැදීම ආරම්භ කර සති කිහිපයක් ගතවන විට එහි ප්‍රතිඵල ඔබට දැනෙන්නට පටන් ගන්නවා. ඉතා කෙටි ව්‍යායාම් වල යෙදීමෙන් වුවත් යහපත් ප්‍රතිඵල අත්කර ගත හැක. විනාඩි 8ක පමණ කෙටි කාලයක් තුළ වුවද ව්‍යායාම් වල යෙදීමෙන් යහපත් ප්‍රතිඵල අත්පත් කර ගත හැක.

නිර්මාණශීලී වන්න
නිතරම ව්‍යායාම් වලට නිර්මාණශීලී යමක් එකතු කරන්න. එවිට ඒකාකාරී ගතිය මඟ හැරීමට පුළුවන්. ව්‍යායාම රිද්මය වෙනස් කරමින් විවිධ ක්‍රම අනුගමනය කරන්න. බයිසිකල් පැදීම ව්‍යායාමයක් හැටියට කරන්නේ නම්, මුලින් සෙමින් පැදීම ආරම්භ කර පසුව වේගය වැඩි කරගන්න. මෙමගින් හෘද ස්පන්දනය අඩුවැඩි කළ හැකිය.

එම නිසා ව්‍යායාම යනු බර අඩු කිරීම හෝ කෙට්ටු වීමට පමණක්ය යන සංකල්පයෙන් මිදෙන්න. ව්‍යායාම තුළින් ඔබේ ශරීරයේ රසායනික ක්‍රියාවලිය පණගැන්වෙන අතර එමගින් යහපත් ශාරීරික මෙන්ම මානසික වර්ධනයක්ද අත්පත් කරගත හැක. බයිසිකල් පැදීම, ඇවිදීම, පිහිනීම, කඳු නැගීම හෝ වෙනත් මොනයම් ව්‍යයාමයකදී වුවත් ඉලක්කයක් සකසාගෙන ඒ අනුව ක්‍රියාකාරකම් වල යෙදීමෙන් සුවදායක දිවියකට මඟ සලසා ගත හැක.

ලීසා කැප්ලේන් (ව්‍යායාම් උපදේශිකා)

 

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page