top of page

ඔවුන්ගේ සුරතලා අන්ගවිකලත්වයට පත්වෙමින් සිටිනවා.

ඔවුන් යමක් කළයුතු කාලය එළඹිලා. මගේ පියා ඒහාසම්බන්ධ සැලසුම් දිවා ආහාරයෙදී ඉදිරිපත් කළා. රාමුව පී.වී.සී. පයිප්ප වලින් සැකසූ එකක්. එය නිර්මාණය ඉතා පහසු කටයුත්තක්වුනා.

ඔහු ඇද වැටීම වැළැක්වීමට සුදුසු නිර්මාණයක් සැකසුවා. කොටස් දෙකකින් යුක්ත වන රාමුව, පටි වලින් බැඳීමට හැකි වන ආකාරයට සකසුනා. මුල් කොටස් ඔහුගේ වම්පස කකුල් වලට ආධාරකයක් වුනා. මලපහ පිට කිරීමට හැකි වන ආකාරයට එය විද, සකස් කළා. දෙවැනි කොටස උගේ උරහිස කොටසට සවි කළ අතර එයින් බිම ඇදවැටීමට තිබූ ඉඩකඩ අහුරනු ලබනවා.

නියම ආකාරයට රාමුව සකස් කර ගත් පසු, ළා දුඹුරු වර්ණයක් ආලේප කළ අතර රෝදවලට තද පාට යොදනු ලැබුවා. එය මාගරීටාගේ ආධාරක යන්ත්‍රය හෙවත් රෝද පුටුව බවට පතවුනා.

මුළු නිර්මානයේම ප්‍රමුඛත්වය ආරක්ෂාවට ලබා දී තිබුනා. අපි බෙන්ට්ලිට ආදරය නිසාම ආහාර සැපයීමේ වඩාත් ප්‍රවේසම් වුනා. ආහාර ලබා දීම සඳහා පිටුපසින් සැකසූ ආධාරකය මාර්ගයෙන් ඔහුට අවශ්‍ය ප්‍රමාණයට පමණක් අවශ්‍ය ආහාර ලවා ගැනීමට අවකාශ සැලසුවා.

රාමුව සකසූ පසු අවසාන නිර්මාණය අරඹනු ලැබුවා. බෙන්ටලී, අගේ රාමුව ගැටෙන ප්‍රදේශය රෙදි වලින් ආවරණය කරනු ලැබුවා. යට කොටස සෝදා පිරිසිදු කළ හැකි පරිදි ආවරණය කරනු ලැබුවා.

Y හැඩයේ මැද කොටසේ සිදුර සකසනු ලැබුවා. ඔහුගේ කකුල් Y හැඩයේ පිටුපසට සවි කරනු ලැබුවා. ඉදිරි Y කොටසින් රෙදි
ආවරණය අවම කරලා, උගේ ඉදිරි කකුල් පහළට වැටෙන සේ ආධාරකයට සවි කළා.  බඳ පටිය පහතින් සැකසුවා.

 

ඉතා සුළු මුදලකට ලබාගත් ආවරණ කට්ටලය ගලවා සෝදා පිරිසිදු කර නැවත සවි කළ හැකි ආකාරයට සකසනු ලැබුවා. ඉදිරියේ මෙය තවත් අලංකාරවත් කිරීමට කටයුතු කරනු ලබනවා.

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page