
මිනිසාගේ නිරෝගි භාවයට සන්නිවේදනය ප්‍රබල සාධකයක්
මා සිතන දේ ඔබට පැවසීමට එසේත් නැත්නම් සංනිවේදනයට භාවිතා වන්නේ භාෂාවයි. එය වචනයෙන් ප්‍රකාශ කළත් ලිඛිතව ඉදිරිපත් කළත් වෙනත් කුමන ආකාරයකට ඉදිරිපත් කළත් ඉන් සිදුවන්නේ අදහස් ප්‍රකාශ කිරීමකි. කෙසේ වෙතත් මෙම සංනිවේදන ක්‍රියාවලිය නිසි ආකාරව සිදු නොවුණහොත් ඉන් සිදුවන්නේ ගැටුම් ඇති වීමයි. ඒ නිසා සංනිවේදනය එසේත් නැත්නම් අදහස් ප්‍රකාශ කිරීම යනු කුමක් ද එහි වැදගත්කම හා නිවැරදි ආකාරයෙන් සංනිවේදනයේ යෙදෙන්නේ කෙසේද යන්න පිළිබඳව මනෝ විද්‍යාත්මකව විමසා බලමු.
සංනිවේදනය යනු කුමක්ද?
සංනිවේදනය යනු මිනිසුන් අතර ඇති විශේෂිත වූ ක්‍රියාවලියකි. මෙම සංනිවේදනය හරහා පුද්ගලයාගේ දියුණුවට ලැබී ඇත්තේ අති විශාල සහයෝගයකි. එපමණක් නොව සංනිවේදනය සඳහා විවිධාකාර මෙවලම් හා ක්‍රමවේද මේ වනවිට සමාජය තුළ බහුලව භාවිතයට ගැනෙයි. මේවා ඉදිරියේදී තව තවත් වර්ධනය වනු ඇත. කෙසේ වෙතත් මෙම ක්‍රියාවලිය මිනිසාගේ මානසික ක්‍රියාකාරීත්වය හා චර්යාවන් සමඟ කෙලෙස බැඳී ඇත්දැයි විමසා බැලිය යුතු වේ. මේ පිළිබඳ මනෝ විද්‍යාව ආශ්‍රයෙන් පැහැදිලි කළ හැකි අතර මනස ආශි‍්‍රත රෝග තත්ත්ව හඳුනා ගැනීමට, ඒ පිළිබඳ පරීක්ෂා කිරීමට පමණක් නොව රෝග සුව කිරිමට ද මේ ක්‍රියාවලිය ආධාර වනු ඇත.
විවිධ වූ මිනිසාගේ සංනිවේදන ක්‍රම මොනවාද?
මිනිසා සංනිවේදනය (අදහස් හුවමාරුව) සිදු කරන්නේ වාචිකවයි. එය Verbal Communication වශයෙන් හඳුන්වනු ලැබේ. ඊට අමතරව වෙනත් ආකාරයේ සංනිවේදන ක්‍රම ද ඒ සඳහා භාවිතා කරන අතර ඒවා Non Verbal Communication නමින් හඳුන්වනු ලැබේ.සංනිවේදන ක්‍රමය කුමක් වුවත් පහත කරුණු පිළිබඳව සැලකිලිමත් වන්න.$$සංනිවේදනය කිරීමේදී සංනිවේදනය කරන පුද්ගලයා හැරුණුවිට තවත් එක් අයෙකු හෝ ඊට වඩා වැඩි පිරිසක් සහභාගී විය යුතු වේ. මෙම ක්‍රියාවලිය සඳහා පුද්ගලයෙකු විසින් කථා කිරිම හැරුණු විට ශාරීරික හැසිරීම් ද භාවිතා කරනු ලැබේ. නමුත් තාක්ෂණයේ දියුණුව නිසා සංනිවේදනය කරන පුද්ගලයන් එකිනෙකට නොපෙනුණ ද එම කාර්යය කිසිදු ගැටලුවකින් තොරව සිදු කරගෙන යාමට හැකියාව ලැබී තිබේ. කෙසේවෙතත් සංනිවේදනයේදී සජීවීව ප්‍රතිග්‍රාහකයෙකු හෝ කිහිපදෙනෙක් සහභාගී වූවත් ඇතැම් මානසික රෝගවලදී අදාළ රෝගී පුද්ගලයා තනිවම සංනිවේදනයේ යෙදෙයි. මෙය Schizophrenia නම් වේ. එම රෝගයෙන් පෙළෙන අය මෙසේ අදහස් හුවමාරු කර ගන්නේ කථාව, දර්ශන හා දැනීම් මඟිනි. මෙම රෝගය විනිශ්චය කිරීමේදී තනිව කථා කිරීම සිනාසීම ආදිය ප්‍රබල රෝග ලක්ෂණ ලෙසින් සලකා බැලෙයි.
සංනිවේදනය මඟින් තම මනසේ ඇති විවිධ අදහස්, සිතුවිලි, පීඩනයන් චිත්තවේග ආදිය ප්‍රකාශ කරනු ලැබේ. යම් අයෙක් කථා කරන දේ ඔස්සේ ඔවුන්ගේ සිතුවිලි රටාව අවබෝධ කරගත හැකි වේ. එහිදී එම කථාවේ ස්වභාවය, කථාවේ හරය, කථාවේ අවසාන ඵලය, වචනවල ප්‍රබලත්වය, වචනවල තීව්‍ර බව ඉතාමත් වැදගත් ලක්ෂණ වන අතර එය ඔවුන්ගේ මානසික තත්ත්වය අගය කළ හැකි ප්‍රබල සාධකයකි.
මනෝ විශ්ලේෂණයට අනුව මානසික ආතතිය, විෂාදය මෙන්ම පෞරුෂත්වයේ ඇති ගැටලු ඇගයීමට මෙම ක්‍රමය ඉතාම වැදගත්ය. යම් අයෙක් එක්වරම කථා කිරීම නවතා දැමීම හෝ කථා කිරීම අඩු කිරීම, ප්‍රශ්නවලට උත්තර නොදීම, ප්‍රශ්න නොඇසීම වැනි සංනිවේදන ක්‍රම අඩාල වීමක් සිදු වුවහොත් එය අදාළ තැනැත්තාගේ මානසික තත්ත්වයේ වෙනස් වීමක් වශයෙන් හඳුනාගත හැකිය.
සමාජයේ ජීවත් වීමේදී මෙම ඇගයීම ඉතා වැදගත් වේ. එපමණක් නොව එය අපගේ සමාජ ජීවිතය හා තදින් බැඳී පවතියි. විශේෂයෙන් පවුලක තිබෙන සම්බන්ධතාව පිළිබඳ කථා කිරීමේදී එය ඉතා වැදගත් වේ. ඉහත පැහැදිලි කළ වෙනස්කම් මඟින් පුද්ගලයාගේ මානසික තත්ත්වය හා එසේ වූ විටදී ඔවුන් සමඟ කටයුතු කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව අවබෝධ කරගත හැකි වේ. ඒ වගේම දරුවන්ගේ අදහස් වෙනස්වීම් අවබෝධ කර ගැනීමට ද මෙම ක්‍රමය භාවිතා කළ හැකි වේ.
සංනිවේදනයේ යෙදෙන්නේ කල්පනාවෙන්
පුද්ගලයන් සමඟ සංනිවේදනයේ යෙදෙන විට එය ඉතාම විද්‍යාත්මකව කළ යුතුයි. සංනිවේදනය සඳහා භාවිතා කරන භාෂාව, වචන අසන්නාට තේරුම් ගත හැකි විය යුතු වේ. මෙහිදී අසන්නාට අවබෝධ කර ගැනීමට පහසුවන (වචන කථා කිරිමේදී) පරිදි කාලය යොදා ගැනීමත් ඉතා වැදගත්ය. එම විධි ක්‍රම හරහා සංනිවේදනයේ යෙදෙන පරමාර්ථය සාර්ථක කරගත හැකි වේ. එසේ නොවුණහොත් පවුල් අතර අරගල, විවාහ දිවියේ අරගල, රැකියා ස්ථානවල ගැටලු ඇති වී ඒ තුළින් දැඩි මානසික ආතති, විශාදමය තත්ත්ව පවා ඇතිවිය හැකි වේ. එසේ වීමට හේතුව දුර්වල සංනිවේදනය ඔබ ඇති කරගන්නා අවබෝධයට බාධාවක් වන නිසාවෙනි.