top of page

කේන්තිය - මිත්‍යා මත සහ තිත්ත ඇත්ත.

කේන්තිය සත්වයාට පොදු දෙයක්. ජීවිතයේ බොහෝ අවස්ථාවල අපි එයට මුහුණ දෙනවා. කේන්තිය යෑම හොඳ දෙයක් නොවේ. නමුත් වඩාත් වැදගත් වන්නේ කේන්තියට මුහුණ දෙන ආකාරය සහ එය කළමනාකරණය කරන ක්‍රමවේදයයි. කුඩා කාලයේ සිට හැදුනු වැඩුණු ආකාරය අනුව කේන්තියට මුහුණ දෙන ආකාරය වෙනස් වෙනවා. බුද්ධිමත්ව සිතුවොත් කේන්ති ගිය මොහොතේ නිහඬව සිට කේන්තිය පහව ගිය පසු ප්‍රතිචාර දැක්වීම තුළින් යහපත් ප්‍රතිඵල අත්පත් කරගත හැක.

 

මිත්‍යා මතය 01. 

මම ඉතා ප්‍රබල ලෙස කේන්තිය පිට කළ විට අන්‍යයන් මාහට සවන් දෙන බවත් ඒ අනුව ඔවුන් සැලකිල්ලක් දක්වනවා. 

මෙය සම්පූර්ණයෙන්ම මිත්‍යාවක්. කේන්තිය අනුන්ට හිරිහැරයක් වන ලෙස පිට කරන කිසිවෙකුට අන්‍යයන් ප්‍රිය කරන්නේ නැත. අන් අයට ගරුත්වයක් දක්වමින් තම අදහස් ඉදිරිපත් කරන්නට බොහෝ දෙනා සවන් දීමට ප්‍රියකරති. 

 

මිත්‍යා මතය 02. 

කේන්තිය සිතේ තබාගෙන සිටිනවාට වඩා පිටකිරීම සුදුසුයි.

කේන්තිය සිත්හි තබාගෙන ජීවත් වීම සුවදායක නොවන අතර එය ඔබ වඩ වඩාත් අපහසුතාවට පත් කරයි. ප්‍රචණ්ඩකාරී ලෙස කේන්තිය පිටකිරීමට යාමෙන් නොයෙක් කරදර වලට මුහුණ දීමට සිදුවනු ඇත. 

 

මිත්‍යා මතය 03.

මගේ කේන්තිය මට පාලනය කළ නොහැක-සීමා පුරුදු වී ඇති ආකාරයයි.

බොහෝ අවස්ථාවල සිදුවීම් වලට මුහුණ දීමේදී ඒවා පාලනය කිරීමට අපට නොහැකි වුවත්, නොයෙක් දෙනා නොයෙක් ආකාරයෙන් ඔබ ප්‍රකෝප කළත් ඒවාට මුහුණ දීමේදී කේන්තිය පාලනය කර ගැනීම වඩාත් වැඩදායක වේ. ප්‍රචණ්ඩත්වයෙන් තොරව ආවේගය පිට කිරීම වඩාත් සුදුසුය.

 

මිත්‍යා මතය 04.

ආවේගය පාලනය කිරීම යනු කේන්තිය හිත තුළ රඳවා ගැනීමයි.

ආවේගය හඳුනා ගැනීම මුල්ම කටයුත්ත විය යුතුය. හඳුනාගැනීම තුළින් ආවේගය පාලනය කිරීමට සුදුසු ක්‍රමවේදයන් අනුගමනය කළ යුතුය. ඉලක්කය විය යුත්තේ අපහසුතාවයන් ඵලදායී  ලෙස තම ආවේගය පිටකිරීමට ක්‍රමවේදයක් සකසා ගැනීමය. ආවේගය පාලනය කළ යුත්තේ ඇයි? කේන්තිය නිසා ඔබ රෝගී තත්වයට පත්විය හැක. අධික ආවේගය නිසා දියවැඩියාව, හෘද රෝග, ස්නායු ආබාධ, මානසික ආබාධ ඇතිවිය හැකි අතර ආහාර අරුචියද ඇතිකරයි. විවිධ මානසික ආබාධයන්ට ගොදුරු විය හැකි අතර අන් අය සමඟ පවත්වන සබන්දතා වලට ද මෙය බලපෑ හැකි අතර, වෘත්තීයමය ප්‍රශ්න ද ඇතිවිය හැකි නිතරම ආවේගයෙන් සිටින පුද්ගලයන් විශ්වාස කිරීමට අන් අය මැලිවනු ඇත. විවිධ මතවාදයන් දැක්වීමේදී ප්‍රවේශම් නොවුනහොත් අන්‍යයන් ඔබ සමඟ උරණ වීමටද පුළුවන. විශේෂයෙන්ම දරුවන්ට මෙය ප්‍රබලව බලපාන සාධකයක් වනු ඇත. ඔබ ආවේගය පාලනය කරන ආකාරය වඩාත් වැදගත්ය. ආවේගය ඇතිවූ විට මොහොතක් නිහඬවන්න. එම අවස්ථාවෙන් මඟ හරින්න. තත්පර 5ක් පමණ හොඳට හුස්ම ගන්න. එකේ සිට පහට ගනින්න. එය පස් වරක් කරන්න. නැවතත් එක සිට දහය දක්වා ගණන් කර අවසන් වූ පසු ප්‍රතිචාර දක්වන්න. දැන් මෙසේ පිළිතුරු දෙන්න. "මට කේන්ති මෙන්න මේ හේතුව නිසා....". කරුණු පහදා දෙන්න. ආවේගය ඇතිවූ විට සංගීතයට සවන් දෙන්න. හොඳට හුස්ම ගන්න.

 

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page