
මහත සහ බඩ අඩු කරගන්න පරණ මී පැණිවලින් බෙහෙතක්
යමෙක් මිහිරි හඩින් ගීතයක් ගායනා කරන විට "කනේ මී පැණි වත්කරා වගේ" යනුවෙන් ව්‍යවහාර කිරීමට බොහෝ දෙනකු පෙලඹී සිටිති. එසේම යම්කිසි මිහිරි පානයක් ගන්නා විටදී "මී පැණි වගේ රසයි" යනුවෙන් ඇතැම්හු පවසති. එපමණක් නොව "මධු සමය" යනු යුවළකගේ හැඟීම් අවුලන මිහිරිතම රාත්‍රියයි. ඒ සඳහාද මධු හෙවත් මී පැණි යන අදහස මුසු කිරීමෙන් එය කෙතරම් මිහිරිතම අත්දැකීමක් දැයි මනාව ගම්‍ය වේ.
මී පැණිවල පවතින මිහිරි බව නිසාම මෙය දිව්‍යමය පානයක් යැයිද විවිධ අවස්ථාවලදී ව්‍යවහාර කෙරෙයි. එවන් මිහිරි බවකින් සපිරි මී පැණි දේශීය ආයුර්වේදයේදී අද්විතීය ඔෟෂධ නිෂ්පාදනය කිරීමට යොදා ගනී. විවිධ රෝග සඳහා හොඳ අනුපානයක් වන මී පැණි ආයුර්වේදයේදී විවිධ ඔෟෂධ සෑදීම සඳහා සම්පාදිත ඔෟෂධයක් ලෙසද භාවිත කරනු ලබයි.
මී පැණි ඔෟෂධය මඟින් සුවිශේෂී ඔසු නිෂ්පාදනය කිරීමේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් වන කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ රාජගිරියේ පිහිටා ඇති දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යා පුහුණු ආයතනය දහස් සංඛ්‍යාත සිසු සිසුවියන්ගේ ආයුර්වේද දැනුම සපුරාලමින් සිටී. එම ආයතනයේ ජේයෂ්ඨ කථිකාචාරිනී එස්.කේ.එම්.කේ. හැරපත්දෙණිය මහත්මිය ඔවුන්ට ආයුර්වේද දැනුම ලබාදෙමින් විවිධ දේශීය ඖෂධ නිෂ්පාදනය කරමින් පසුවන්නීය. මී පැණි ඖෂධයෙහි පවතින ගුණාත්මක බව සහ රෝග නාශක ගුණය පිළිබඳ හැරපත්දෙණිය මහත්මිය 'මව්බිම'ට පැවැසුවාය.
"මී පැණි කියන නම ඇහුණත් අපට දැනෙන්නේ හරිම මිහිරි බවක්. ඒ තරම්ම මී පැණි පුද්ගලයා හා සම්බන්ධයි. මිනිසා මී පැණි කියන දේ පරිහරණය කරන්න පුරුදු වුණේ මෑතකදී නෙවෙයි. මීට වසර තුන්දහසකටත් වඩා පැරැණි පිරමීඩවල මමී අසල අවුරුදු 3,000කටත් වඩා පැරැණි මී පැණි බඳුන් හමු වෙලා තිබෙනවා. නමුත් ඒ මී පැණි කිසිම නරක් වීමක් වෙලා නෑ. මරණින් පසුවත් රජවරුන්ට අමරණීය පානයක් විදියටයි පිරමීඩ තුළ මී පැණි බඳුන් තබා තිබෙන්නේ.
ඒ විතරක් නෙවෙයි රෝමයේ පෝ ගංගා නිම්නයේ අතීතයේ විසූ ජනතාව මී මැසි පාලනය බහුල ලෙස සිදුකරලා තිබෙනවා. ඔවුන්ගේ දෛනික ආහාරවලට මී පැණි එකතු කරගෙනයි ඔවුන් ආහාර ගත්තේ ඒ හේතුව නිසාම එහි ජනතාව අවුරුදු 125ක් 135ක් අතර ආයු ප්‍රමාණයක් ගත කරලයි මිය ගිහින් තියෙන්නේ. එයිනුත් පැහැදිලි වෙනවා මී පැණි කියන්නේ හොඳ දිව්‍යමය ඖෂධයක් කියලා. වර්තමානයේත් අපි පර්යේෂණ මට්ටමෙන් පවා තහවුරු කරලා තිබෙනවා මී පැණි දීර්ඝායුෂ ලැබීමට හොඳ ඔෟෂධයක් කියලා. ගතින් දුර්වල වුණු රෝගීන්ට ක්‍ෂණික ශක්තිය ලබා දෙන හොඳ ඖෂධයක් තමයි මී පැණි කියන්නේ.
අපේ දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ මී පැණිවලින් තොර චිකිත්සාවක් නෑ. ඒ තරම්ම මේ ඔෟෂධය ආයුර්වේදයත් සමඟ ගොඩක් සම්බන්ධයි. ආයුර්වේදයේදී මධු, මාද්විත, ෙක්‍ෂෟද්‍ර, පුෂ්පසාව, කුසුමාසව, පුෂ්පරස යනාදී විවිධ නම්වලින් මී පැණි හඳුන්වනවා. මී මැස්සෝ විවිධ මල්වලින් පැණි උරාගෙන ඒවා මී වදවල ගබඩා කරනවා. මී මැස්සන් පැණි ඒකරාශී කරගන්නේ විවිධ මල්වලින් නිසා එක් එක් පැණිවල රසායනික සංයුතිය වෙනස්. එහෙත් පොදුවේ ගත්තොත් මී පැණිවල සියයට 42ක් ඹ්ඥමභතධඵඥ සීනි වර්ගයත්, සියයට 34ක් ච්ඥයබපධඵඥ සීනි වර්ගයත් තිබෙනවා. ඒ ගුණයන් දෙක නිසා මී පැණිවල රෝග සුවකිරීමේ ගුණය වැඩියි. ඒ වගේම තමයි යෝගවාහී ගුණය හෙවත් ක්‍ෂණිකව ශරීරය තුළ පැතිරී යෑමේ ගුණයක් මී පැණිවල පවතිනවා."
ජේයෂ්ඨ කථිකාචාරිනී හැරපත්දෙණිය මහත්මිය පවසන පරිදි ආයුර්වේදයේ ඉපැරැණි ග්‍රන්ථවලද මෙම අද්විතීය ඔෟෂධය පිළිබඳ සඳහන් වේ. ඒ අනුව චරක සංහිතාවේ කියැවෙන පරිදි වයස්ගත වූ අයගේ පරිණතභාවය දුරලා තරුණ පෙනුමක් ලබාගැනීමට යෝජිත ප්‍රතිකාර අතර මී පැණි සුවිශේෂී ඖෂධයකි.
"වයස්ගත වූ බොහෝ දෙනකුට තරුණ පෙනුමක් ලබාදෙන ඔෟෂධ ආයුර්වේදයේ සඳහන් වෙනවා. ඒ අතර සුවිශේෂී ඔෟෂධයක් තමයි ආමලකාව ලේහය. මේක නෙල්ලිවලින් හදන ඖෂධයක්. ඒ ඖෂධයටත් බහුල වශයෙන් මී පැණි භාවිත කරනවා. සම්පාදිත ඖෂධයක් ලෙසම පමණක් නෙවෙයි ඕනෑම පුද්ගලයෙක් දිනකට වරක් මී පැණි හැන්දක් බැගින් ආහාරයට ගන්නව නම් තරුණ පෙනුම වැඩිකර ගන්න පුළුවන්.
ඒ වගේම තමයි මී පැණි බඩගින්න නැති අයට හොඳින් බඩගින්න වැඩි කරවන ඔසුවක්. සිරුරේ කාන්තිමත් බව රැක ගන්නත් මී පැණි භාවිත කිරීම සුදුසුයි. ඒ සෑම දෙයකටම කළ යුත්තේ මී පැණි තේ හැන්දක් දෛනිකව පානය කිරීම පමණයි.
ආයුර්වේදයේදී අපි මී පැණි පොදුවේ වර්ග දෙකකට ලක් කරනවා. ඒ තමයි අලුත් මී පැණි සහ පරණ මී පැණි. දේශීය ඔෟෂධ තේරීමේදී හැම ඔෟෂධයක්ම තෝරාගන්න ඕනේ අලුත් ඔෟෂධ. එහෙත් ආයුර්වේදයේදී ඔෟෂධ සඳහා තෝරා ගත යුතු පැරැණි ඔෟෂධ කිහිපයක් පවතිනවා. ගිතෙල්, උක් හකුරු, මී පැණි ඒ තුනයි. මේවා තුළ ඇති ඔෟෂධීය ගුණය වැඩි වන්නේ පැරැණි බව අනුව. ඒ නිසා මී පැණි සෑම ලෙසකටම ඔෟෂධයක් ලෙස ගන්නව නම් වසරකටත් වඩා පැරැණි වීම වැදගත්."
එකම ඔෟෂධයකින් ඇඟ මහත් කිරීමටත් ඇඟ කෙට්ටු කිරීමටත් හැකි යැයි කීවොත් ඔබ මවිත විය හැකිය. එහෙත් අලුත් මී පැණි භාවිත කිරීමෙන් ඇඟ කෙට්ටු අය මහත් කිරීමටත්, ඉතා පැරැණි මී පැණි භාවිත කිරීමෙන් ඇඟ මහත පුද්ගලයන් කෙට්ටු කිරීමටත් හැකි බව හැරපත්දෙණිය මහත්මිය පැවැසුවාය.
"අපි මේ වන විට පර්යේෂණ මට්ටමින් පවා තහවුරු කරලා තිබෙනවා දිනපතා අලුත් මී පැණි තේ හැන්දක් උදෑසන හිස් බඩ පානය කිරීමෙන් ශරීරය කෙට්ටු අයට මහත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අවුරුද්දකට වඩා වත් පැරැණි මී පැණි තේ හැන්ද බැගින් දිනපතා ගන්නව නම් අධික තරබාරු බව නැති කරගන්නත්, උදරය ඉදිරියට නෙරා ඒම නැති කරගන්නත් පුළුවන්. පැරැණි මී පැණිවල තිබෙන ලේඛන ගුණය නිසා ශරීරයේ අනවශ්‍ය විදියට තැන්පත්ව තිබෙන තෙල් විනාශ කරනවා. ඒ නිසා දෛනිකවම පැරැණි මී පැණි තේ හැන්දක් උදෑසන හිස්බඩ පානය කළොත් ඔබට තරබාරු බව දුරු කරලා සාමාන්‍ය ශරීරයකට උරුමකම් කියන්නත් පුළුවන්. ශරීරය කෙට්ටු අයට අලුත් මී පැණි තේ හැන්ද බැගින් දෛනිකවම පානය කරලා නිරෝගී පෘෂ්ඨිමත් සිරුරකට උරුමකම් කියන්න පුළුවන්."
අලුත් සහ පැරැණි මී පැණි අදාළ රෝගයන්වලට නිවැරැදි ලෙස භාවිත නොකළහොත් ගැටලුවකට මුහුණ පෑමට සිදුවිය හැකි බවටද හැරපත්දෙණිය මහත්මිය අනතුරු ඇඟෙව්වාය. මන්ද යත් මහත් වීමට අවශ්‍ය අය කෙට්ටු වීමටත් කෙට්ටුවීමට අවශ්‍ය අය මහත් වීමටත් මී පැණි ඔෟෂධය භාවිත කළහොත් අපහසුතාවට ලක්වන නිසාවෙනි.
සංහිතා ග්‍රන්ථවල සඳහන් පරිදි ආයුර්වේදයේ මී පැණි වර්ග විශේෂ අටක් පවතින බවත් විවිධ රෝග සඳහා එම වර්ග එකින් එක යොදා ගැනීම සිදුකරන බවත් හැරපත්දෙණිය මහත්මිය පැවැසුවාය. අප දේශීය වෙදකමේදී පැණි වර්ග පහක් ඇත. එනම් මී පැණි, බඹර පැණි, කනෙයියා පැණි, දඬුවැල්බෑ පැණි, උක් පැණි යන ඒවාය.
"ඕනෑම පුද්ගලයකුට පණු රෝගයක්, අතීසාරයක් වගේ රෝග ලක්‍ෂණවලදී ශාක යුෂක් දෙනවා නම් ඒ යුෂ සමඟ මී පැණි කළං එකහමාරක් (7.5g) මිශ්‍ර කර දීම ඉතාම වැදගත්. ශරීරය පුරා ඇති රෝග ලක්‍ෂණ දුරලීමටත්, ඉක්මන් සුවය ළඟා කර ගැනීමටත් එය ඉතාම වැදගත් වෙනවා. බොහෝ දෙනෙක් නොදන්න තවත් කරුණක් තිබෙනවා. සමහර අය කෂායක් බොනකොට සීනි ස්වල්පයක් සමඟ එය පානය කරනවා. නමුත් කෂායත් සමඟ මී පැණි මිශ්‍ර කරලා බොනවා නම් තමයි කෂායෙහි ඇති ගුණය ඉක්මනින්ම ලබන්න පුළුවන්. අද වෛද්‍යවරු බොහෝ දෙනෙක් රෝගීන්ට මේ කරුණු පවසන්නෙ නෑ. ඒක ලොකු අඩුවක්. යම්කිසි කෙනෙක් වාත රෝගයකට කෂායක් දෙනවනම් මී පැණි අවුන්ස භාගයකුත්, පිත් රෝගයකට කශායක් දෙනවනම් මී පැණි අවුන්ස එකකුත්, සෙම රෝගයකට කෂායක් දෙනවනම් මී පැණි අවුන්ස දෙකකුත් දාලා කෂාය බොන්න දෙන්න. එමඟින් රෝග නාශක ගුණය ඉක්මන් වෙනවා.
තවත් දෙයක් තමයි පාසල් වියේ පසුවන දරුවන් අතර පවා ඇතැම් දරුවන් ඉන්නවා කුමක් හෝ දුර්වලතාවක් නිසා නිදි යහනේම මුත්‍රා පිටවනවා. ඒක ඒ දරුවන්ට විශාල මානසික ගැටලුවක්. ගෙදර අය අතරත් ලැජ්ජාවට පත්වෙන්න සිදු වෙනවා. ඒ වගේ අසාමාන්‍ය ලෙස නිදි යහනේ මුත්‍රා පිටවන දරුවන් නිදාගන්නට කලින් මී පැණි තේ හැන්දක් බීවොත් නිදි යහනේ මුත්‍රා පිටවීම නැති කරගන්න පුළුවන්. මොකද ජලය රඳවා තබා ගැනීමේ විශේෂ හැකියාවක් මී පැණි සතුව තිබෙනවා."
ශරීර අභ්‍යන්තර රෝගවලට පමණක් නොව ශරීරයේ බාහිරින් හටගත් පැසවන තුවාල, පිලිස්සුම් තුවාලවලටද මී පැණි හොඳ ඔෟෂධයක් බව ජේයෂ්ඨ කථිකාචාර්යවරිය පැවැසුවාය. යමකු එවන් තුවාලයකින් පීඩා විඳින මොහොතක ඔෟෂධය නිවෙසේදීම සාදා තුවාලය සුවකර ගන්නා අයුරුද හැරපත්දෙණිය මහත්මිය අපට පැවැසුවාය.
"මී පැණිවල තිබෙන විෂබීජ නාශක ගුණය සහ වේදනානාශක ගුණය නිසා ශරීරයේ හටගත් පැසවුම්, පිලිස්සුම් තුවාලවලටත් මී පැණිවලින් හොඳ ඔෟෂධයක් හදාගන්න පුළුවන්.
මුලින්ම කරන්න ඕනේ කොහොඹ දලු, තල, අමු කහ සමව ගෙන මී පැණි සමඟ අඹරලා තුවාලේ ආලේප කිරීම. දින කිහිපයක් ආලේප කිරීමෙන් තුවාලය ඉක්මන් සුවවීමක් දැකගන්න පුළුවන්.
තවත් කරුණක් තමයි හන්දිපත් රෝග නිසා අද බොහෝ දෙනෙක් ප්‍රතිකාර සොයමින් ළතැවෙනවා. හන්දිපත් ඉදිමීමකදී හෝ හන්දි රතුවීමකදී, යම් කිසි තැළීමකදී ඉතා හොඳ ස්වාභාවික විනාකිරි හැන්දක් සමඟ මී පැණි මේස හැන්දක් මිශ්‍ර කරලා වතුර වීදුරුවකට දාලා දවසකට එක වරක් කෑමට පෙර උදේ, දවල්, රාත්‍රි ඕනෑම වේලාවකට බොන්න ගන්න. ඉන්පසු හන්දිපත් වේදනාව නැතිවෙලා යනවා."
ඇදුම, කැස්ස වැනි රෝගවලින් මේ වන විටත් බොහෝ දෙනෙක් පීඩා විඳිති. එම රෝග තත්ත්වයන් සමනය කොට නිරෝගී සුවය අත්කර ගැනීමට මී පැණි භාවිතයෙන් නිමවන හොඳ ඔෟෂධයක් පිළිබඳවද හැරපත්දෙණිය මහත්මිය පැවැසුවාය.
"වැල්මී කුඩු ග්‍රෑම් 72කුත් රට ඉඳි ග්‍රෑම් 72කුත් අරගෙන හොඳින් අඹරා ගන්න. හොඳින් ඇඹරුණාට පස්සේ උක් පැණි මි.ලී. 200ක් හා මිශ්‍ර කර ළිපේ රත් කරන්න. හොඳින් රත්වෙලා ද්‍රාවණයක් බවට පත්වුණාම ළිපෙන් බාලා අරගෙන නිවුණාම මී පැණි මිලි ලීටර් 200ක් ඒකට මිශ්‍ර කරන්න. සාදාගත් ඒ ඔෟෂධයෙන් දිනකට ග්‍රෑම් 3ත් - 5ත් අතර ප්‍රමාණයක් ආහාරයට ගැනීම දෛනිකව සිදුකළොත් ඇදුම, කැස්ස වගේ රෝග නැතිකර ගන්න පුළුවන්.
මී පැණි ඔෟෂධ ගැනීමට පෙර හොඳට සිතට ගත යුතු කරුණක් තිබෙනවා. ඒ තමයි ගින්නෙන් පීඩා විඳපු අයකුට, උෂ්ණ, දැවිල්ල ඇති වූ අයකුට, මී පැණි ඔෟෂධ දීම හොඳ නැහැ. ඒකට හේතුව එවන් ශරීරවලට මේ ඔෟෂධ විස වීමේ අවදානමක් තිබීම.
තවත් කරුණක් තමයි මී පැණි ගන්න වදයක් කපනකොට මළ පිහියකින් වදය කැපීම හොඳ නෑ. පිලවුන් සමඟ මීය මිරිකීමත් හොඳ නෑ. එහෙම වුණොත් මී පැණි ඇඹුල් වෙලා ගුණය නැතිවෙන්න පුළුවන්. ඒ වගේම තමයි වාතාශ්‍රය නොයන විදියට බෝතල් ගත කරලා මී පැණි නිවෙසේ තබා ගත යුතුයි. ඉන්පසු අපි පැවසූ හැම රෝග ලක්‍ෂණයකටම මී පැණි ඔෟෂධය ඒ ඒ ආකාරයට භාවිත කරන්න ඔබට පුළුවන්."
රජ කාලේ පවා විවිධ වස්ති ක්‍රම සඳහා රජවරුන් මී පැණි ඔෟෂධය භාවිත කළ බවට සාධක පවතින බවත් දීර්ඝායුෂ ලැබීමටත් යුද්ධ කිරීමට පෙර ශරීරයේ ශක්තිය ලබා ගැනීමටත් රජවරු මෙම දිව්‍යමය ඔෟෂධය භාවිත කර ඇති බවත් ජේයෂ්ඨ කථිකාචාරිනී හැරපත්දෙණිය මහත්මිය පවසන්නීය.