top of page

දියවැඩියාව සුව කරන ඔෟෂධයක් බෙලිවලින් හදන හැටි

 

ස්වභාව සෞන්දර්යයේ එක් සුවිශේෂී නිමැවුමක් වන බෙලි ශාකය කා අතරත් ප්‍රචලිත හොඳ රසවත් පලතුරකි. සෞභාග්‍ය, වාසනාව කැන්දන ශාකයක් ලෙසද ප්‍රකට බෙලි අපගේ සංස්කෘතිය සමඟද දැඩි සබැඳියාවක් ගොඩනඟාගෙන ඇති ශාකයකි. ඉපැරැණි ග්‍රන්ථයක් වන 'වහ්නි පුරාණය' ග්‍රන්ථයේ සඳහන් පරිදි සශ්‍රීක බෙලි ගහක් කපා විනාශ කිරීම මුළු මහත් ප්‍රදේශයටම තුන්බිය ගෙන්වන විනාශය ළඟා කරවන සිදුවීමකි. එයට හේතුව ලෙස වහ්නි පුරාණයේ සඳහන් වන්නේ බෙලි ගසට අරක්ගත් දෙවිවරුන් රැසක් සිටිනා බවත් බෙලි ගස විනාශ කිරීම හුදෙක් ප්‍රදේශයකටම දේව කෝපය ගෙන එන කරුණක් බවත්ය.

 

කෙසේ වෙතත් ජනප්‍රවාදගතව පවතින තවත් කරුණක් වන්නේ බෙලිගල රජමහා විහාරයේ පැවැති දැවැන්ත බෙලි ගසක ඵලයකින් හෙණකඳ බිසෝ බණ්ඩාර දේවි උපත සිදුවූ බවයි. බෙලි ගෙඩියක් මහා හඬක් නඟමින් දෙකඩ වී පුපුරා ඒ අතරින් හෙණකඳ බිසෝ බණ්ඩාර දෙවි උපත සිදුවූ බව ජනප්‍රවාදයේ පවතී.

 

මෙවන් ජනප්‍රවාදගත සංසිද්ධි රැසක් හා සබැඳි බෙලි ශාකය සංස්කෘතිකමය වැදගත්කමකින් සපිරි ශාකයක් සේම රසවත් පලතුරක් පමණක්ම නොවේ. එනම් බෙලි වනාහි අප දේශීය ආයුර්වේදයේ රෝග රාශියකට ගුණය ලබාදීම සඳහා යොදා ගන්නා අගනා විස්මිත ඖෂධයකි. අන්ත්‍රය ආශ්‍රිත රෝග සුවකිරීම සඳහාද යොදාගනු ලබන බෙලි අර්ශස් රෝගය දුරු කිරීමටත් ශරීර සෞඛ්‍ය වර්ධනය කිරීමටත් සුදුසු ගුණාත්මක බවින්ද සපිරි ඖෂධයක් බව නවීන වෛද්‍ය විද්‍යාවට අනුවද තහවුරු වී තිබේ. රාජගිරියේ පිහිටා ඇති කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යා ආයතනය මෙවන් සුවිශේෂී ශාක උපයෝගී කරගනිමින් විවිධ රෝග පීඩාවන්වලට ගුණ දෙන ඖෂධ නිෂ්පාදනය කරනු ලබයි. දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යා ආයතනයේ ජ්‍යේෂ්ඨ කථිකාකාරිනී එස්. කේ. එම්. කේ. හැරපත්දෙණිය මහත්මිය දේශීය ආයුර්වේදීය ශාස්ත්‍රය සිසු සිසුවියන් රැසකට ලබා දෙමින් පසුවන්නීය. අද්විතීය ගුණ සහිත බෙලි ශාකයෙහි පවතින රෝග නාශක ගුණය පිළිබඳ හැරපත්දෙණිය මහත්මිය අපට පැවැසුවාය.

 

"බෙලි කියන්නෙ අපේ එදිනෙදා ජීවිතයට වැදගත් වන පලතුරක් සහ සංස්කෘතිකමය වටිනාකමකින් යුත් ශාකයක්ම පමණක් නෙවෙයි. අපේ දේශීය ආයුර්වේදයේදී බෙලි කියන්නේ හොඳ විශ්මිත ඖෂධයක්. ඉක්මනින්ම රෝග නාශනය කිරීමේ මහා සාරවත් ගුණයක් බෙලිවල තිබෙනවා. අපේ ආයුර්වේදයේ ඉපැරැණි ග්‍රන්ථ දෙකක් වන චරක සංහිතාවේත්, සුශ්‍රැත සංහිතාවේත් මේ බෙලි ඖෂධය ගැන සඳහන් වෙනවා. චරක සංහිතාවේ සඳහන් පරිදි බෙලි කියන්නේ අන්ත්‍රය ආශ්‍රිත රෝගවල සුවය සඳහා යෝජිත ඖෂධයක්. ඒ වගේම අර්ශස්වලටත් ප්‍රතිකාර සලසන ඖෂධයක්.

 

බෙලි කියන්නේ ඉතාමත්ම පැහැදිලි ඉතිහාසයක් ඇති ඖෂධීය ගුණය බොහෝ අවස්ථාවලදී සනාථ කළ ඖෂධයක්. උදාහරණයක් ගත්තොත් ඉතිහාසයේ ලංකාවට පැමිණි පෘතුගීසි හමුදාවට දරුණු අතීසාර රෝගයක් වැලඳුණා. ගොඩක් පිරිසක් ඒ රෝගය නිසා දුක් පීඩාවට පත්වෙලා ඉන්නකොට ඔවුන්ට ඒ රෝගයෙන් අත්මිදෙන්න බෙලි ඖෂධය යොදාගත්තා කියලා ඖෂධ ගැන ලියැවුණු බටහිර ග්‍රන්ථයක් වන British Pharma copeia ග්‍රන්ථයේ සඳහන් වෙනවා. ආයුර්වේදයට අනුව බෙලි ශාකය විවිධ නම්වලින් හඳුන්වනවා. සෞභාග්‍යයේ සංකේතයක් කියන අදහසින් ශ්‍රී ඵල කියලත් සශ්‍රීකවත් ශාකයක් යන අදහසින් සදා ඵල කියලත් ලක්ෂ්මි දේවිය අරක්ගත් ශාකයක් යන අදහසින් ශ්‍රියා ඵල කියලත් මේ බෙලි ශාකය හඳුන්වනවා. එපමණක් නොවෙයි බ්‍රහ්ම, විෂ්ණු, මහේශ්වර යන දෙවියන් තුන්දෙනා සංකේතවත් වන ආකාරයට පත්‍ර තුනක් වන පරිදි බෙලි ශාකයේ පත්‍ර පිහිටා තිබෙනවා."

 

මධ්‍යම ප්‍රමාණයේ ගසක් වන බෙලි වෘක්‍ෂයේ නිජබිම් ලෙස ඉන්දියාව, ලංකාව, බංග්ලාදේශය, පාකිස්තානය, බුරුමය, තායිලන්තය යනාදී රටවල් හැඳින්විය හැකිය. ග්‍රාම්‍ය ප්‍රභේදය සහ වන්‍ය ප්‍රභේදය නමින් ප්‍රභේද ද්විත්වයකින් සමන්විත බෙලි පත්‍ර, ඵල, මල්, පොත්ත යන අංගවලට ආවේණික සුවඳක් සහ රසායනික සංයුතියක් පවතී. ජේ‍යෂ්ඨ කථිකාචාරිනිය පවසන පරිදි බෙලි ශකයේ මල්, මුල්, ගෙඩි, කොළ සහ පොතු ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහා ගනු ලබන අතර මෙය Rutqceae (ජම්බීර) හෙවත් පැඟිරි කුලයට අයත් ශාකයකි. aeqie marmelos මෙහි විද්‍යාත්මක නාමය වේ. "බෙලි ශාකයේ එක් එක් අංග අපි ආයුර්වේදයේදී විවිධ රෝගවලට ඖෂධ නිෂ්පාදනය කරන්න ගන්නවා. ඒත් බෙලි පොදුවේ ගත්තොත් අන්ත්‍රයේ රෝගවලට ඉතාමත්ම ගුණයි. ඒ වගේම බෙලි කියන්නේ වා, පිත්, සෙම් තුනටම හොඳ අගනා ඖෂධයක්. ඒ වගේම හෘදය ආශ්‍රිත දුබලතාවලට, ඉදිමුම් වේදනාවලට, විවිධ අතීසාර රෝගවලට, කෑම අරුචියට ආදී රෝග රැසකට මේ බෙලි හොඳ ඖෂධයක්.

 

ඒ වගේම තමයි යම්කිසි පුද්ගලයෙක් ඉදුණුබෙලි සතියකට අවමය දින තුනක්, හතරක්වත් ආහාරයට ගන්නවා නම් ඔහුගේ ශරීරය පෘෂ්ටිමත් වෙලා පැහැපත් වර්ණයකට හිමිකම් කියන්නත් පුළුවන්. අප පර්යේෂණ මට්ටමින් පවා තහවුරු කරගත්ත කරුණක් තමයි බෙලි මදවල කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, සීනි, කැල්සියම්, පොස්පරස්, යකඩ, වගේ ගුණයන් රැසක් රැඳී පවතිනවා. ඒ වගේම තමයි බෙලි මදය මත තියෙන වාෂ්පශීලී තෙල් ගතිය සහ ගම් වැනි අලේපය සිරුරේ මාංස පේශි වර්ධනයට බහුල වශයෙන් උපකාරී වෙනවා."

බෙලි ශාකය තුළ පවතින අසාමාන්‍ය ඖෂධීය ගුණය සේම යම්කිසි ලෙඩක් වැලඳුණු පසුව ඒ රෝගය සුවපත් කරගැනීම සඳහා නිවෙසේ සිටම ඔබට ඖෂධ සාදා ගතහැකි ආකාරය පිළිබඳ හැරපත්දෙණිය මහත්මිය පැවැසුවාය.

 

"අද බහුල වශයෙන් ගොඩක් පිරිසකට මුහුණ දෙන්න වෙලා තිබෙන ලෙඩක් තමයි කෑම අරුචිය. කොයිතරම් බඩගින්න දැනුණත් කෑම කන්න අප්‍රියයි. එවන් අපහසුකමක් තිබෙනවා නම් ඉදුණු බෙලි මද කළම් 12ක් (ග්‍රෑම් 60), සීනි කළම් 4ක් (ග්‍රෑම් 20ක්), ලුණු ස්වල්පයක් වතුර පත එකකට (මි.ලී. 240) මිශ්‍ර කරලා පෙරළා දින 5ක් පමණ උදෑසන හිස් බඩට බොන්න. සිරුරේ ඇති බර ගතිය නිදහස් වෙලා කෑම අරුචිය නැති වෙලා මෙම ප්‍රතිකාරය හරහා සාමාන්‍ය පරිදි බඩගින්න ඇතිකර ගන්න ඔබට පුළුවන්.

 

ඒ වගේම තමයි ආමාශ තුවාල, අධික අම්ල පිත්ත, ගැස්ට්‍රයිටීස් වගේ ආසාදනවලට බෙලි කිරි හොඳයි. ඇත්තෙන්ම කියනව නම් මේක හොඳ ඖෂධීය පානයක්ම විතරක් නෙවෙයි රසවත් පලතුරු පානයක්. ලෙඩ ඇති නැති සෑම අයකුටම මේ බෙලි ඖෂධ ගුණදායකයි. ඒක සාදා ගන්නෙ මෙහෙමයි. ඉදුණු බෙලි මද ටිකක් අරගෙන පොල් කිරි සමඟ මිශ්‍ර කර ගන්න. සීනි සහ ලුණු පදමට එන පරිදි දමා දිවුල් කිරි වගේම හොඳින් ඒ ද්‍රාවණය මිශ්‍ර කරගන්න. ඉන්පසු ඒ පානය බොන්න. ආහාර හොඳින් දිරවීමටත්, අර්ශස් වගේ රුධිරය පිටවන රෝග නැතිකර පහසුවෙන් බහිස්‍රාවීය කටයුතු සිදුවීමටත් මේ පානය ඉතාමත්ම වැදගත් වෙනවා.

 

ඉදුණු බෙලිවලින් අර්ශස් රෝගයට ප්‍රතිකාර දෙනවා වගේම බෙලි ගැටවලින් පුළුවන් අතීසාරය වැනි රෝගවලදී මල වියළීයෑමක් සිදු කරන්න. බෙලි ගැට මද කොටස් තුනක් උක් හකුරු කොටස් දෙකක් සමඟ මිශ්‍ර කරලා වරකට ග්‍රෑම් අටක් වගේ ආහාරයට ගන්න දිනකට දෙවරක්. අතීසාරය ගතිය දුරුවී ශරීර කෘත්‍යයන් සාමාන්‍ය පරිදි සිදුකර ගැනීමට මෙම ඖෂධ්‍ය ඉතාම වැදගත්. ඒ පමණක් නෙවෙයි මෙම ඖෂධය දෛනිකවම ගන්නව නම් බඩවැල් ශක්තිමත් වෙනවා. ඒ වගේම තමයි අස්ථි සම්බන්ධ වේදනාවලටත් මේ ඖෂධය ඉතාමත්ම ගුණදායකයි. තවත් කරුණක් තමයි ඇතැම් අයට ආහාර නොදිරවා මල ලෙස පහව යනවා. ඒක විශාල ගැටලුවක්. ඒ වගේ අයට බෙලි ගැට ගුණයි. බෙලි ගැට මද අරගෙන හොඳින් අව්වේ වියළා අරගෙන ඒ වියළි බෙලි ගැට මද ප්‍රමාණයට සමානව වියළි ඉඟුරු අරගන්න. බෙලි මද සහ ඉඟුරු හොඳින් කුඩු කරලා මෝරු සමඟ දිනකට වරක් වෙන්න වගේ පානය කරන්න. ආහාර නොදිරවා මල ලෙස පිටවන රෝගයට එය හොඳ වටිනා ඖෂධයක්."

 

බෙලි ගෙඩි පමණක් නොව බෙලි මල්ද අප දේශීය වෙදකමේදී ඉතාමත්ම බහුල වශයෙන් ඖෂධ සඳහා යොදාගන්නා බව ජ්‍යේෂ්ඨ කථිකාචාරිනී හැරපත්දෙණිය මහත්මිය පවසන්නීය. "ඇත්තෙන්ම බෙලි ගෙඩි විතරක් නෙවෙයි බෙලි මල් කියන්නෙත් අපිට ඉතාමත්ම වැදගත් ඖෂධයක්. උෂ්ණ කාලවලදී බෙලි මල් තම්බලා කිතුල් හකුරු හා සීනි සමඟ බොන්න ගන්නව නම් ඇඟට සිසිල් ගුණයත් ලැබෙනවා. ඒ වගේම තමයි බොහෝ දෙනෙක් දෛනිකව තේ පානය කරන්න පුරුදු වෙලා ඉන්නවා. අපිට පුළුවන් නම් දිනපතාම තේ වෙනුවට බෙලි මල් තැම්බූ වතුර පානය කරන්න රෝග රැසකට ඒක හොඳ ඖෂධයක්.

 

බෙලි මුල් කියන්නෙත් එදිනෙදා ජීවිතේදී අපිට වැදගත් වන ගුණදායක ඖෂධයක්. ආයුර්වේදයේ සඳහන් වන දශ මුල්වලින් එකක් තමයි බෙලි මුල් කියන්නේ. වාත රෝගවලට, ඉදිමුම්, හන්දිපත් වේදනාවලට වගේම සිරුරේ අභ්‍යන්තරව සහ බාහිරව ඇති විවිධ වේදනාවලට බෙලි මුල් සහ සුදුලූනු තම්බලා බොන්න දෙනව නම් ඒ වේදනා හැම එකකටම ඒක හොඳ වේදනා නාශක ඖෂධීය ගුණය ඇති පානයක්.

 

තවත් වැදගත් කාරණයක් තමයි පුංචි ළමයින්ට අජීර්ණය නිසා වමනය අතීසාරය ඇතිවෙන්න ඉඩකඩත් තියෙනවා. ඒ වගේ අවස්ථාවකදී බෙලි මුල් පොතු කළම් 12ක් වතුර පත හතරකට දමා ඒකට වී පොරි කුඩු සහ සූකිරි ස්වල්පයක් මිශ්‍ර කරලා පත එකට සිඳුවා උදේ කෝප්ප භාගයයි සවස කෝප්ප භාගයයි බොන්න දෙන්න. මේ විදියට දින තුනක්, හතරක් කරන්න පුළුවන් නම් කුඩා දරුවන්ගේ අජීර්ණය, වමනය වගේ රෝගවලට හොඳ ඖෂධයක් ඒක."

 

අතීතයේ සිටම අප පැරැණි මුතුන්මිත්තෝ නිවෙස්වල දුම් ඇල්ලීම සඳහාද වියළි බෙලි කොළ භාවිත කළහ. ඒ බෙලි පත්‍රවලද පවතින අද්විතීය විස මැරීමේ ගුණය නිසාය. ඒ පමණක් නොව බෙලි කොළ යුෂ මඟින් වත්මනෙහි අභියෝගාත්මක රෝග රැසකට සුවය ළඟා කර ගැනීමටද හැකි බව පර්යේෂණ මට්ටමින් පවා තහවුරු වී ඇති බව හැරපත්දෙණිය මහත්මිය පවසන්නීය.

 

"යම්කිසි පුද්ගලයෙක් දියවැඩියා රෝගයෙන් පීඩා විඳිනවා නම් අමු බෙලි කොළ කොටලා යුෂ අරගෙන ඒ යුෂ සමඟ ගම්මිරිස් කුඩු ටිකක් මිශ්‍ර කරලා දිනපතා උදෑසන බොන්න. දියවැඩියාව රෝගයට එය ඉතාමත්ම ගුණයි. ඒ පමණක් නොවෙයි ඉදිමුම් වේදනා රෝගවලදී බෙලි කොළ කොටලා ඒ ඉදිමුම වේදනාව ඇති තැන ආලේප කරන්න.

ඒ විතරක් නෙවෙයි ඇතැම් අයට අධික උෂ්ණ කාලවලදී දහදිය බිබිළි එනවා. ඒ වගේම සිරුරෙන් අසාමාන්‍ය ලෙස දහදිය ගඳ හමනවා. එවන් පුද්ගලයන් බෙලි කොළ අඹරලා සිරුරේ ආලේප කරගෙන පැයකට පමණ පසුව නාන්න. දහදිය ගඳ යෑමටත් බිබිළි නැති වෙලා යන්නත් ඒක හොඳ ප්‍රතිකර්මයක්.

 

වැදගත්ම කරුණක් තමයි අපි පර්යේෂණ මට්ටමෙන් පවා තහවුරු කරගත්තා අක්මාවට බෙලි කොළ ඉතාමත්ම ගුණයි කියලා. ඒ වගේම බෙලි පොතු කෂාය හෘදය රෝගවලටත් ගුණයි කියලා තහවුරු වෙලා තිබෙනවා."

බෙලි යනු රූපලාවණ්‍ය කටයුතු සඳහාද යොදාගත හැකි දෙයක් බව ජ්‍යේෂ්ඨ කථිකාචාරිනිය පැවැසුවාය. කාන්තා සහ පුරුෂ දෙපිරිස අතරම ගැටලුවක්ව පවතින මුහුණේ ලප කැළැල් සහ කුරුලෑ දුරලීමට බෙලි ඉතාමත්ම යෝජිත ඖෂධයක් බවද හැරපත්දෙණිය මහත්මිය පවසයි.

 

"ඉදුණු බෙලි, කහ, දෙහි එකට මිශ්‍ර කරලා ලප කැළැල්, කුරුළෑ සහිත මුහුණේ ආලේප කරලා පැය දෙකකට පමණ පසුව මුහුණු සෝදන්න. සති දෙකක පමණ කාලයක් දිනපතාම මේ ක්‍රියාව කළොත් පෙර පැවැති සමේත් දැන් පවතින සමේත් ලොකු වෙනසක් ඔබට දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි සීතල කාලවලදී ඇතැම් අයගේ හම පැළෙනවා. හැකිළෙනවා. ඉදුණු බෙලි, වට්ටක්කා මද සමඟ හොඳින් මිශ්‍ර කරලා එළකිරි සමඟ කලවම් කරලා මුහුණෙ ගාන්න. හම පැළීමට හැකිළීමට ඒක හොඳ ප්‍රතිකර්මයක් වගේම හම තුළ තෙතමනය රඳා පවතින්නත් ඒ ප්‍රතිකාරය හොඳයි.

 

ඇතැම් විට අතුල් පතුල් දැවිල්ල ඇත්නම් බෙලි ගැට මද තල තෙල්වල සතියක් දාලා තියලා පෙරළා අරගෙන ඒ දැවිල්ල වේදනාව ඇති තැන්වල ආලේප කරන්න. ඒ වගේම අධික රුධිර පීඩනය ඇති අයට බෙලි මුල්, බැබිල මුල්, අමු ඉඟුරු, සමව අරගෙන හොඳින් තම්බලා ඒ තැම්බුම් යුෂ සීනි ස්වල්පය බැගින් මිශ්‍ර කර වරින් වර බොන්න. 

 

අධික රුධිර පීඩනයට එය ගුණදායකයි.

වත්මනෙහි පවා කුඩා දරු දැරියන් සිටින නිවෙස්වල විසබීජ නාශනය කිරීම සඳහාද බෙලි කටු, වියළි බෙලි කොළ, බෙලි මුල් මඟින් දුම් ඇල්ලීමද සිදුකෙරේ. එවන් සුවිශේෂී විෂබීජ නාශනය කිරීමේ ගුණයක් ඇති බෙලි හුදෙක් පලතුරක්ම පමණක් නොව රෝග රැසකට ගුණදෙන සුවිශේෂී දේශීය ඖෂධයක් බව ඔබට දැන් පැහැදිලිව ඇත.

 

 

දේශීය ආයුර්වේදයේ රෝග රාශියකට ගුණය ලබාදීම සඳහා යොදා ගන්නා අගනා විස්මිත ඖෂධයකි. අන්ත්‍රය ආශ්‍රිත රෝග සුවකිරීම සඳහාද යොදාගනු ලබන බෙලි අර්ශස් රෝගය දුරු කිරීමටත් ශරීර සෞඛ්‍ය වර්ධනය කිරීමටත් සුදුසු ගුණාත්මක බවින්ද සපිරි ඖෂධයක් බව නවීන වෛද්‍ය විද්‍යාවට අනුවද තහවුරු වී තිබේ. රාජගිරියේ පිහිටා ඇති කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යා ආයතනය මෙවන් සුවිශේෂී ශාක උපයෝගී කරගනිමින් විවිධ රෝග පීඩාවන්වලට ගුණ දෙන ඖෂධ නිෂ්පාදනය කරනු ලබයි. දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යා ආයතනයේ ජ්‍යේෂ්ඨ කථිකාකාරිනී එස්. කේ. එම්. කේ. හැරපත්දෙණිය මහත්මිය දේශීය ආයුර්වේදීය ශාස්ත්‍රය සිසු සිසුවියන් රැසකට ලබා දෙමින් පසුවන්නීය. අද්විතීය ගුණ සහිත බෙලි ශාකයෙහි පවතින රෝග නාශක ගුණය පිළිබඳ හැරපත්දෙණිය මහත්මිය අපට පැවැසුවාය.

 

"බෙලි කියන්නෙ අපේ එදිනෙදා ජීවිතයට වැදගත් වන පලතුරක් සහ සංස්කෘතිකමය වටිනාකමකින් යුත් ශාකයක්ම පමණක් නෙවෙයි. අපේ දේශීය ආයුර්වේදයේදී බෙලි කියන්නේ හොඳ විශ්මිත ඖෂධයක්. ඉක්මනින්ම රෝග නාශනය කිරීමේ මහා සාරවත් ගුණයක් බෙලිවල තිබෙනවා. අපේ ආයුර්වේදයේ ඉපැරැණි ග්‍රන්ථ දෙකක් වන චරක සංහිතාවේත්, සුශ්‍රැත සංහිතාවේත් මේ බෙලි ඖෂධය ගැන සඳහන් වෙනවා. චරක සංහිතාවේ සඳහන් පරිදි බෙලි කියන්නේ අන්ත්‍රය ආශ්‍රිත රෝගවල සුවය සඳහා යෝජිත ඖෂධයක්. ඒ වගේම අර්ශස්වලටත් ප්‍රතිකාර සලසන ඖෂධයක්.

 

බෙලි කියන්නේ ඉතාමත්ම පැහැදිලි ඉතිහාසයක් ඇති ඖෂධීය ගුණය බොහෝ අවස්ථාවලදී සනාථ කළ ඖෂධයක්. උදාහරණයක් ගත්තොත් ඉතිහාසයේ ලංකාවට පැමිණි පෘතුගීසි හමුදාවට දරුණු අතීසාර රෝගයක් වැලඳුණා. ගොඩක් පිරිසක් ඒ රෝගය නිසා දුක් පීඩාවට පත්වෙලා ඉන්නකොට ඔවුන්ට ඒ රෝගයෙන් අත්මිදෙන්න බෙලි ඖෂධය යොදාගත්තා කියලා ඖෂධ ගැන ලියැවුණු බටහිර ග්‍රන්ථයක් වන British Pharma copeia ග්‍රන්ථයේ සඳහන් වෙනවා. ආයුර්වේදයට අනුව බෙලි ශාකය විවිධ නම්වලින් හඳුන්වනවා. සෞභාග්‍යයේ සංකේතයක් කියන අදහසින් ශ්‍රී ඵල කියලත් සශ්‍රීකවත් ශාකයක් යන අදහසින් සදා ඵල කියලත් ලක්ෂ්මි දේවිය අරක්ගත් ශාකයක් යන අදහසින් ශ්‍රියා ඵල කියලත් මේ බෙලි ශාකය හඳුන්වනවා. එපමණක් නොවෙයි බ්‍රහ්ම, විෂ්ණු, මහේශ්වර යන දෙවියන් තුන්දෙනා සංකේතවත් වන ආකාරයට පත්‍ර තුනක් වන පරිදි බෙලි ශාකයේ පත්‍ර පිහිටා තිබෙනවා."

 

මධ්‍යම ප්‍රමාණයේ ගසක් වන බෙලි වෘක්‍ෂයේ නිජබිම් ලෙස ඉන්දියාව, ලංකාව, බංග්ලාදේශය, පාකිස්තානය, බුරුමය, තායිලන්තය යනාදී රටවල් හැඳින්විය හැකිය. ග්‍රාම්‍ය ප්‍රභේදය සහ වන්‍ය ප්‍රභේදය නමින් ප්‍රභේද ද්විත්වයකින් සමන්විත බෙලි පත්‍ර, ඵල, මල්, පොත්ත යන අංගවලට ආවේණික සුවඳක් සහ රසායනික සංයුතියක් පවතී. ජේ‍යෂ්ඨ කථිකාචාරිනිය පවසන පරිදි බෙලි ශකයේ මල්, මුල්, ගෙඩි, කොළ සහ පොතු ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහා ගනු ලබන අතර මෙය Rutqceae (ජම්බීර) හෙවත් පැඟිරි කුලයට අයත් ශාකයකි. aeqie marmelos මෙහි විද්‍යාත්මක නාමය වේ.

 

"බෙලි ශාකයේ එක් එක් අංග අපි ආයුර්වේදයේදී විවිධ රෝගවලට ඖෂධ නිෂ්පාදනය කරන්න ගන්නවා. ඒත් බෙලි පොදුවේ ගත්තොත් අන්ත්‍රයේ රෝගවලට ඉතාමත්ම ගුණයි. ඒ වගේම බෙලි කියන්නේ වා, පිත්, සෙම් තුනටම හොඳ අගනා ඖෂධයක්. ඒ වගේම හෘදය ආශ්‍රිත දුබලතාවලට, ඉදිමුම් වේදනාවලට, විවිධ අතීසාර රෝගවලට, කෑම අරුචියට ආදී රෝග රැසකට මේ බෙලි හොඳ ඖෂධයක්.

 

ඒ වගේම තමයි යම්කිසි පුද්ගලයෙක් ඉදුණුබෙලි සතියකට අවමය දින තුනක්, හතරක්වත් ආහාරයට ගන්නවා නම් ඔහුගේ ශරීරය පෘෂ්ටිමත් වෙලා පැහැපත් වර්ණයකට හිමිකම් කියන්නත් පුළුවන්. අප පර්යේෂණ මට්ටමින් පවා තහවුරු කරගත්ත කරුණක් තමයි බෙලි මදවල කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, සීනි, කැල්සියම්, පොස්පරස්, යකඩ, වගේ ගුණයන් රැසක් රැඳී පවතිනවා. ඒ වගේම තමයි බෙලි මදය මත තියෙන වාෂ්පශීලී තෙල් ගතිය සහ ගම් වැනි අලේපය සිරුරේ මාංස පේශි වර්ධනයට බහුල වශයෙන් උපකාරී වෙනවා." බෙලි ශාකය තුළ පවතින අසාමාන්‍ය ඖෂධීය ගුණය සේම යම්කිසි ලෙඩක් වැලඳුණු පසුව ඒ රෝගය සුවපත් කරගැනීම සඳහා නිවෙසේ සිටම ඔබට ඖෂධ සාදා ගතහැකි ආකාරය පිළිබඳ හැරපත්දෙණිය මහත්මිය පැවැසුවාය. 

 

"අද බහුල වශයෙන් ගොඩක් පිරිසකට මුහුණ දෙන්න වෙලා තිබෙන ලෙඩක් තමයි කෑම අරුචිය. කොයිතරම් බඩගින්න දැනුණත් කෑම කන්න අප්‍රියයි. එවන් අපහසුකමක් තිබෙනවා නම් ඉදුණු බෙලි මද කළම් 12ක් (ග්‍රෑම් 60), සීනි කළම් 4ක් (ග්‍රෑම් 20ක්), ලුණු ස්වල්පයක් වතුර පත එකකට (මි.ලී. 240) මිශ්‍ර කරලා පෙරළා දින 5ක් පමණ උදෑසන හිස් බඩට බොන්න. සිරුරේ ඇති බර ගතිය නිදහස් වෙලා කෑම අරුචිය නැති වෙලා මෙම ප්‍රතිකාරය හරහා සාමාන්‍ය පරිදි බඩගින්න ඇතිකර ගන්න ඔබට පුළුවන්.

 

ඒ වගේම තමයි ආමාශ තුවාල, අධික අම්ල පිත්ත, ගැස්ට්‍රයිටීස් වගේ ආසාදනවලට බෙලි කිරි හොඳයි. ඇත්තෙන්ම කියනව නම් මේක හොඳ ඖෂධීය පානයක්ම විතරක් නෙවෙයි රසවත් පලතුරු පානයක්. ලෙඩ ඇති නැති සෑම අයකුටම මේ බෙලි ඖෂධ ගුණදායකයි. ඒක සාදා ගන්නෙ මෙහෙමයි. ඉදුණු බෙලි මද ටිකක් අරගෙන පොල් කිරි සමඟ මිශ්‍ර කර ගන්න. සීනි සහ ලුණු පදමට එන පරිදි දමා දිවුල් කිරි වගේම හොඳින් ඒ ද්‍රාවණය මිශ්‍ර කරගන්න. ඉන්පසු ඒ පානය බොන්න. ආහාර හොඳින් දිරවීමටත්, අර්ශස් වගේ රුධිරය පිටවන රෝග නැතිකර පහසුවෙන් බහිස්‍රාවීය කටයුතු සිදුවීමටත් මේ පානය ඉතාමත්ම වැදගත් වෙනවා.

 

ඉදුණු බෙලිවලින් අර්ශස් රෝගයට ප්‍රතිකාර දෙනවා වගේම බෙලි ගැටවලින් පුළුවන් අතීසාරය වැනි රෝගවලදී මල වියළීයෑමක් සිදු කරන්න. බෙලි ගැට මද කොටස් තුනක් උක් හකුරු කොටස් දෙකක් සමඟ මිශ්‍ර කරලා වරකට ග්‍රෑම් අටක් වගේ ආහාරයට ගන්න දිනකට දෙවරක්. අතීසාරය ගතිය දුරුවී ශරීර කෘත්‍යයන් සාමාන්‍ය පරිදි සිදුකර ගැනීමට මෙම ඖෂධ්‍ය ඉතාම වැදගත්. ඒ පමණක් නෙවෙයි මෙම ඖෂධය දෛනිකවම ගන්නව නම් බඩවැල් ශක්තිමත් වෙනවා. ඒ වගේම තමයි අස්ථි සම්බන්ධ වේදනාවලටත් මේ ඖෂධය ඉතාමත්ම ගුණදායකයි.

 

තවත් කරුණක් තමයි ඇතැම් අයට ආහාර නොදිරවා මල ලෙස පහව යනවා. ඒක විශාල ගැටලුවක්. ඒ වගේ අයට බෙලි ගැට ගුණයි. බෙලි ගැට මද අරගෙන හොඳින් අව්වේ වියළා අරගෙන ඒ වියළි බෙලි ගැට මද ප්‍රමාණයට සමානව වියළි ඉඟුරු අරගන්න. බෙලි මද සහ ඉඟුරු හොඳින් කුඩු කරලා මෝරු සමඟ දිනකට වරක් වෙන්න වගේ පානය කරන්න. ආහාර නොදිරවා මල ලෙස පිටවන රෝගයට එය හොඳ වටිනා ඖෂධයක්."

 

බෙලි ගෙඩි පමණක් නොව බෙලි මල්ද අප දේශීය වෙදකමේදී ඉතාමත්ම බහුල වශයෙන් ඖෂධ සඳහා යොදාගන්නා බව ජ්‍යේෂ්ඨ කථිකාචාරිනී හැරපත්දෙණිය මහත්මිය පවසන්නීය. "ඇත්තෙන්ම බෙලි ගෙඩි විතරක් නෙවෙයි බෙලි මල් කියන්නෙත් අපිට ඉතාමත්ම වැදගත් ඖෂධයක්. උෂ්ණ කාලවලදී බෙලි මල් තම්බලා කිතුල් හකුරු හා සීනි සමඟ බොන්න ගන්නව නම් ඇඟට සිසිල් ගුණයත් ලැබෙනවා. ඒ වගේම තමයි බොහෝ දෙනෙක් දෛනිකව තේ පානය කරන්න පුරුදු වෙලා ඉන්නවා. අපිට පුළුවන් නම් දිනපතාම තේ වෙනුවට බෙලි මල් තැම්බූ වතුර පානය කරන්න රෝග රැසකට ඒක හොඳ ඖෂධයක්.

 

බෙලි මුල් කියන්නෙත් එදිනෙදා ජීවිතේදී අපිට වැදගත් වන ගුණදායක ඖෂධයක්. ආයුර්වේදයේ සඳහන් වන දශ මුල්වලින් එකක් තමයි බෙලි මුල් කියන්නේ. වාත රෝගවලට, ඉදිමුම්, හන්දිපත් වේදනාවලට වගේම සිරුරේ අභ්‍යන්තරව සහ බාහිරව ඇති විවිධ වේදනාවලට බෙලි මුල් සහ සුදුලූනු තම්බලා බොන්න දෙනව නම් ඒ වේදනා හැම එකකටම ඒක හොඳ වේදනා නාශක ඖෂධීය ගුණය ඇති පානයක්. තවත් වැදගත් කාරණයක් තමයි පුංචි ළමයින්ට අජීර්ණය නිසා වමනය අතීසාරය ඇතිවෙන්න ඉඩකඩත් තියෙනවා. ඒ වගේ අවස්ථාවකදී බෙලි මුල් පොතු කළම් 12ක් වතුර පත හතරකට දමා ඒකට වී පොරි කුඩු සහ සූකිරි ස්වල්පයක් මිශ්‍ර කරලා පත එකට සිඳුවා උදේ කෝප්ප භාගයයි සවස කෝප්ප භාගයයි බොන්න දෙන්න. මේ විදියට දින තුනක්, හතරක් කරන්න පුළුවන් නම් කුඩා දරුවන්ගේ අජීර්ණය, වමනය වගේ රෝගවලට හොඳ ඖෂධයක් ඒක."

 

අතීතයේ සිටම අප පැරැණි මුතුන්මිත්තෝ නිවෙස්වල දුම් ඇල්ලීම සඳහාද වියළි බෙලි කොළ භාවිත කළහ. ඒ බෙලි පත්‍රවලද පවතින අද්විතීය විස මැරීමේ ගුණය නිසාය. ඒ පමණක් නොව බෙලි කොළ යුෂ මඟින් වත්මනෙහි අභියෝගාත්මක රෝග රැසකට සුවය ළඟා කර ගැනීමටද හැකි බව පර්යේෂණ මට්ටමින් පවා තහවුරු වී ඇති බව හැරපත්දෙණිය මහත්මිය පවසන්නීය.

 

"යම්කිසි පුද්ගලයෙක් දියවැඩියා රෝගයෙන් පීඩා විඳිනවා නම් අමු බෙලි කොළ කොටලා යුෂ අරගෙන ඒ යුෂ සමඟ ගම්මිරිස් කුඩු ටිකක් මිශ්‍ර කරලා දිනපතා උදෑසන බොන්න. දියවැඩියාව රෝගයට එය ඉතාමත්ම ගුණයි. ඒ පමණක් නොවෙයි ඉදිමුම් වේදනා රෝගවලදී බෙලි කොළ කොටලා ඒ ඉදිමුම වේදනාව ඇති තැන ආලේප කරන්න. ඒ විතරක් නෙවෙයි ඇතැම් අයට අධික උෂ්ණ කාලවලදී දහදිය බිබිළි එනවා. ඒ වගේම සිරුරෙන් අසාමාන්‍ය ලෙස දහදිය ගඳ හමනවා. එවන් පුද්ගලයන් බෙලි කොළ අඹරලා සිරුරේ ආලේප කරගෙන පැයකට පමණ පසුව නාන්න. දහදිය ගඳ යෑමටත් බිබිළි නැති වෙලා යන්නත් ඒක හොඳ ප්‍රතිකර්මයක්.

 

වැදගත්ම කරුණක් තමයි අපි පර්යේෂණ මට්ටමෙන් පවා තහවුරු කරගත්තා අක්මාවට බෙලි කොළ ඉතාමත්ම ගුණයි කියලා. ඒ වගේම බෙලි පොතු කෂාය හෘදය රෝගවලටත් ගුණයි කියලා තහවුරු වෙලා තිබෙනවා." බෙලි යනු රූපලාවණ්‍ය කටයුතු සඳහාද යොදාගත හැකි දෙයක් බව ජ්‍යේෂ්ඨ කථිකාචාරිනිය පැවැසුවාය. කාන්තා සහ පුරුෂ දෙපිරිස අතරම ගැටලුවක්ව පවතින මුහුණේ ලප කැළැල් සහ කුරුලෑ දුරලීමට බෙලි ඉතාමත්ම යෝජිත ඖෂධයක් බවද හැරපත්දෙණිය මහත්මිය පවසයි.

 

"ඉදුණු බෙලි, කහ, දෙහි එකට මිශ්‍ර කරලා ලප කැළැල්, කුරුළෑ සහිත මුහුණේ ආලේප කරලා පැය දෙකකට පමණ පසුව මුහුණු සෝදන්න. සති දෙකක පමණ කාලයක් දිනපතාම මේ ක්‍රියාව කළොත් පෙර පැවැති සමේත් දැන් පවතින සමේත් ලොකු වෙනසක් ඔබට දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි සීතල කාලවලදී ඇතැම් අයගේ හම පැළෙනවා. හැකිළෙනවා. ඉදුණු බෙලි, වට්ටක්කා මද සමඟ හොඳින් මිශ්‍ර කරලා එළකිරි සමඟ කලවම් කරලා මුහුණෙ ගාන්න. හම පැළීමට හැකිළීමට ඒක හොඳ ප්‍රතිකර්මයක් වගේම හම තුළ තෙතමනය රඳා පවතින්නත් ඒ ප්‍රතිකාරය හොඳයි.

 

ඇතැම් විට අතුල් පතුල් දැවිල්ල ඇත්නම් බෙලි ගැට මද තල තෙල්වල සතියක් දාලා තියලා පෙරළා අරගෙන ඒ දැවිල්ල වේදනාව ඇති තැන්වල ආලේප කරන්න. ඒ වගේම අධික රුධිර පීඩනය ඇති අයට බෙලි මුල්, බැබිල මුල්, අමු ඉඟුරු, සමව අරගෙන හොඳින් තම්බලා ඒ තැම්බුම් යුෂ සීනි ස්වල්පය බැගින් මිශ්‍ර කර වරින් වර බොන්න. අධික රුධිර පීඩනයට එය ගුණදායකයි.

 

වත්මනෙහි පවා කුඩා දරු දැරියන් සිටින නිවෙස්වල විසබීජ නාශනය කිරීම සඳහාද බෙලි කටු, වියළි බෙලි කොළ, බෙලි මුල් මඟින් දුම් ඇල්ලීමද සිදුකෙරේ. එවන් සුවිශේෂී විෂබීජ නාශනය කිරීමේ ගුණයක් ඇති බෙලි හුදෙක් පලතුරක්ම පමණක් නොව රෝග රැසකට ගුණදෙන සුවිශේෂී දේශීය ඖෂධයක් බව ඔබට දැන් පැහැදිලිව ඇත.

 

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page