top of page

සිරුරට ගුණදායක - මී පැණි

 

මී පැණි රසයෙන් මිහිරිය. අනූරසයෙහි කහටය. සිසිල්ය. අග්නිය වඩවයි. සිරුරෙහි කාන්තිය වර්ධනය කරයි. කටහඬට හිතකර ය. සියුමැලි බව ඇති කරයි. තුවාල ශෝධනය කෙරේ. හෘදයට ඉතාම හිතකරයි.ඖෂධ සඳහා යොදා ගැනීමේ දී අලූත් වූ ඖෂධ යොදා ගැනීමට නියමය වූවද මී පැණිවල ඇති පූදුම ශක්තියක් වනූයේ එය පරණ වූ තරමට අගයෙන් වැඩි වීමයි. මී පැණි ශරර ගත වී මිනිත්තු විස්සක් තුළ අවශෝෂණය වී අවශ්‍ය ශක්තිය ලබා දේ. මී පැණිවල ඇති ඉතාමත් උසස් අගය එය වශයෙන් සැලකිය හැකිය.

 

ආයූර්වේද ප්‍රතිකාරයෙහි රෝගී අවස්ථාවේත්, රෝගයකින් සුවය ලබමින් සිටින අවස්ථාවෙහිත් මී පැණි අධික වශයෙන් දෙන ඖෂධයක් මෙන්ම ආහාරයක් ද වේ. බඩගින්න හා ආහාර රුචිය හොඳින් ඇති කරන හෙයින් ආහාර ජීර්ණ ක්‍රියාවලියද නිසි ලෙස සිදු කෙරේ. මොළය ඉතා වෙහෙසට පත් වූ අවස්ථාවන්හි මි පැණි මේස හැඳි 1ක් ගැනීමෙන් එම වෙහෙස දුරු කර ගැනීමට හැකි වේ.

 

මී පැණි අගනා ජීවාණු නාශකයක් හෙයින් ළදරු අතීසාරය හා රක්ත අතීසාරය වලක්වා ගැනීමේ ප්‍රතිශේදකයක් වශයෙන් ද, ළදරුවන්ට දීම අගනේ ය. ළදරුවන් ගේ පණු රෝග හා විවිධ අතීසාර රෝගවලට ඖෂධ සමග නියමයක් වශයෙන් මී පැණි බහුලව භාවිත කෙරේ. ළමා සෞඛ්‍යය හා සංවර්ධනයට මී පැණිවලින් ලැබෙන ප්‍රයෝජනය අති විශාල ය. ළදරු මල බද්ධයේ දී කිරි සමග මී පැණි තේ හැඳි 2ක් පමණ මිශ්‍ර කර දීමෙන් එය මග හැරේ. උල්ලෝගමි ඇති විට මී පැණි පුෂ්කර සමග මැදීමෙන් උල්ලෝගමි සුව වේ.

 

පිළිස්සීම් වලදී මී පැණි ආලේප කළ වහා සහනය ලබා දී එය බුබුළු මතුවීම වළක්වයි. ශ්වසන රෝගවලට මී පැණි ඇඹුල් දොඩම් සංයෝගය අගනා ඔසුවකි. අලුත් මි පැණි වමනය ද, පරණ මී පැණි අතීසාරය සමනය කිරම ද මෙහි ඇති විශේෂ ගුණයකි.

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page