top of page

හිසකෙස් ගැලවීයාමට ප්‍රතිකාර

 

අනුරාධපුර ආයුර්වේද රෝහලේ අධ්‍යක්ෂිකා

ආයුර්වේද වෛද්‍ය කුමාරි කුමාරසේකර

 

නිරෝගි කෙස් කළඹක් ලබා ගැනීමටත්, හානි වුණු හිසකෙස් යථා තත්ත්වයට පත්කර ගැනීමටත් චීන කටු චිකිත්සාවෙන් ප්‍රතිකාර කරන්නේ කොහොමද?

ඉතාමත් පැහැදිලියි. අපි පළමුවෙන්ම සිදු කරන්නේ හිසකෙස් ගැලවී යාමට හෝ ඒ ආශි‍්‍රත රෝගයට බලපෑ ආසන්නතම හේතූන් සොයා බැලීමයි. ඒ සඳහා රෝගියා ලබාදෙන රෝග ඉතිහාසය වෛද්‍යවරයාට පහසු මඟපෙන්වීමක් වනවා වගේම නිසි ප්‍රතිකාර තෝරා ගැනීමටත් පහසු වෙනවා.

හිසකෙස් ආශි‍්‍රතව පැන නැඟී ඇති ගැටලුව රසායනික හේතුවක් නම් දැනට භාවිත කරන ෂැම්පු, ජෙල් වර්ග වහාම නැවැත්විය යුතුයි. ඩිම්බකෝෂ ගත රෝගයක් හෝ හෝර්මෝන පද්ධතියේ ගැටලුවක් නම් හිස් කබලට ප්‍රතිකාර ලබාදීම පමණක් ප්‍රමාණවත් වන්නේ නෑ. එහිදී චීන කටු චිකිත්සාවට අනුව එයට අදාළ ශරීරයේ නිල ස්ථාන භාවිත කළ යුතුයි.

මෙහිදී පොදුවේ ප්‍රතිකාර විධික්‍රම දෙකක් යොදා ගන්නවා. එනම්, හිස්කබලට සිදුකරන ස්ථානික ප්‍රතිකාරය සහ සම්පූර්න සිරුරේ නිල ස්ථාන උද්දීපනය කිරීමේ ප්‍රතිකාරය වශයෙන්.

හිසකෙස් සඳහා පෝෂණය ලබාදීම, හිස් කබලට මනා රුධිර සැපයුමක් ලබාදීම, හිස් කබලේ ආසාදන මර්දනය කිරීම, මානසික ආතතිය දුරු කිරීම ආදිය සඳහා හිස් කබල ආශි‍්‍රත නිල ස්ථාන විදීම සහ ශිර්ෂ සම්බාහනය, ප්ලම් වේලොසම් ප්‍රතිකාරය, ලේසර් ප්‍රතිකාරය ආදිය භාවිතා කළ හැකියි.

මෙම ප්‍රතිකාරවල කෙටි කාලීන මෙන්ම දිගුකාලීන බව තීරණය වන්නේ රෝග ස්වභාවය අනුවයි.

චීනකටු වෛද්‍ය ක්‍රමය අනුව හිසකෙස් ගැලවීයාමට හේතු නිර්වචනය කරන්නේ කොහොමද?

මෙය අපි පැහැදිලි කරන්නේ “වී” නැමැති ජීව ධාතුව හා රුධිරය මඳකම, ඒවායේ සංසරණයට ඇති බාධාව සහ “වෘක්කගත ජීවසාරය” අඩුවීම යන කාරණයි.

“හිස් සොරි” කියන්නේ බොහෝ දෙනෙකුට පීඩාවට පත් කරන ගැටලුවක්. චීන කටු චිකිත්සාවෙන් මීට ප්‍රතිකාර තිබෙනවාද?

මේ සඳහා අපි යෝජනා කරන්නේ ප්ලම් බ්ලොසම් හා ලේසර් ප්‍රතිකාරයි. එහිදී බාහිරින් ඖෂධීය තෙල් හා ආලේප ගල්වනවා. එය සති දෙකක් පාසා සිදු කරන අතර සම්බාහනය කිරීමක් කරන්නේ නෑ. ඉන් අනතුරුව නිල සම්බාහන ප්‍රතිකාරය ලබා දෙනවා.
නිතර හිස්සොරි වලින් පීඩා විඳින අයට කුමන ආරක්ෂිත ප්‍රතිකර්ම අනුගමනය කළ යුතුය.

මේ කාරණය ඉතා වැදගත්. හවසට නෑම, හිස් කබල මතුපිට තෙතමනය තිබියදී කෙස් තද කර බැඳීම, හිසකෙස් අධික තාපයෙන් වියළීම, නොකළ යුතුයි. උළුහාල් හා දෙහි තම්බා හිස සේදීම ඉතා හොඳ ප්‍රතිකර්මයක්.

කෙස් කළඔක් පවත්වා ගැනීමට ලබාදිය හැකි වෙනත් උපදෙස් මොනවාද?

තමන්ගේ හිසකෙස්වලට ගැළපෙන ෂැම්පු, කන්ඩිෂනර් භාවිතය, හිසකෙස් සඳහා විවිධ මොස්තර යෙදීමේදී
සැළකිලිමත් වීම පළමුවෙන්ම කළ යුතුයි. එමෙන්ම අලුත් පලතුරු, එළවළු, පලා වර්ග, දිනපතා ආහාරයට එක්කර ගැනීම, පිරිසිදු ජලය ස්නානය වැනි කාරණා ගැනත් සැළකිලිමත් වීම වඩාත් යෝග්‍යයි.

 

සකුන්තලා ජයසිංහ    

උපුටනය: ආරෝග්‍යා

 

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page