top of page

අම්ල පිත්තය හෙවත් ගැස්ට්‍රයිටිස්

 

අම්ල පිත්තය හෙවත් ගැස්ට්‍රයිටිස්-

අම්ල පිත්තය එහෙමත් නැති නම් ගැස්ට්‍රයිටිස් රෝගය වැඩි පිරිසක් පිඩා විඳීන රෝගයකි.

 

මෙම රෝගයට හේතු කවරේද?

ගැස්ට්‍රයිටිස් යනු අප විසින්ම ඇතිකරගන්නා රෝගයකි. මවකට තම දරුවන්, සැමියා, මාපිය හිතවතුන් සේම තමා ද නිසිකලට වේලාවට ආහාර ලබා ගැනීමට උනන්දු විය යුතු අතර එය තම ජීවන රටාවේ පුරුද්දක් බවට පත්කර ගත යුතුයි. එසේ නොවුනහොත් හෙට දිනයේ දී ඔබත් ඔබේ පවුලේ උදවියත් නිකරුණේ රෝගීන් විය හැකියි. මේ ඒ පිළිබඳ කරන හෙලිදරව්වකි.අම්ල පිත්ත යනු ඇඹුල් රසැති පිත වේ. මේ නිසාම මෙම රෝගීන් ඇඹුල් රසැති බිලිං, අබරැල්ලා, අඹ ආදී පලතුරු ආහාර ගැනීමේ දී රෝගී තත්ත්වය වැඩි වීමට ඉඩ ඇත.ආයුර්වේදයට අනුව වැරදි ආහාර හා විහරණයෙන් නිසා අග්නිය දුෂණය වේ. ඒ නිසා සැහැල්ලු ආහාර පවා ජීරණය කිරීමට අසමත් වන අතර ආහාරය, විසක් හා සමානව ඇති වී එය විදග්ධ පිත සමඟ එක් වී අම්ල පිත්තය ඇති කරයි.

 

අම්ල පිත්ත රෝග ලකුණු.

ආහාරයට ගත් දේ නො දිරවීම, වෙහෙසීමෙන් තොරව දැනෙන අධික විඩාව, වියළි ඔක්කාරය, තිත්ත වූ ඇඹුල් රසයක් උගුරට ඒම, සිරුරේ ඇති වන බර. පපුව හා උදරය ප්‍රදේශයේ ඇති වන දැවිලි ස්වභාවය, කෑම අරුචිය ආදී ලක්ෂණ බොහෝ විට ඇතිවේ. ඊට අමතරව හිසරදය, බඩ පිපීම ආදී ලක්ෂණ ද දැකිය හැකියි.

 

අම්ල පිත්තය ඇති වන හේතු.

අම්ල පිත්ත රෝගය ඇති වීමට ප්‍රධාන හේතු හතරක් බලපාන්නට පුළුවන. එනම්, ආහාරමය හේතු, විහරණමය හෙතු ඇවතුම් පැවැතුම්, ඖෂධමය හේතූන් සහ මානසික හේතුය.

නිසිකලට ආහාර නොගැනීම, වගේම නුසුදුසු කෘත්‍රිම ආහාර ගැනීම, ඇඹුල් රසය අධික නිතර දෙවේලේ සහ වැඩිපුර ආහාරයට ගැනීම ආදී ආහාරාමය හේතු නිසා අම්ල පිත්ත රෝගයේ ගොදුරක් වීමට ඉඩ තිබෙනවා.

නියමිත වෙලාවට ආහාර නොගැනීම, තෙල් සහ කුළුබඩු අධික ලෙස භාවිතා කල ආහාර නිතර ආහාරයට එක්කර ගැනීම, කුසගින්නේ සිටීම සහ නිතර ආහාර ගැනීම, මත්පැන් භාවිතය සහ අධික දුම් පානය, ඇඹුල්, උෂ්ණ ආහාර නිතර කෑමට ගැනීම ආදී ආහාරමය හේතු මුල්කරගෙන මෙම රෝගය වැලඳීය හැකිය.විහරණය හෙවත් ඇවතුම් පැවතුම් ලෙස අධික වෙහෙසීම, දහවල් කාලයේ නිදාගැනීම හෝ නින්ද අඩු බව, නොදැරිය යුතු වේග දරා සිටීම, නියමිත වෙලාවට ආහාර නොගැනීම ආදිය දැක්විය හැකිය.සමහර විට දීර්ඝ කාලීනව ලබාගන්නා ඖෂධ වර්ග නිසා ද අම්ල පිත්ත රෝගයේ ගොදුරක් වීමට ඉඩ ඇත. උදාහරණ ලෙස දීර්ඝකාලීනව ලබාගන්නා වේදනා නාශක බෙහෙත් වර්ග නිසා මේ තත්වය ඇතිවීමට ඉඩ ඇත.මානසික නිරෝගිබව අහිමිව යාමද අම්ල පිත්ත රෝගයේ ගොදුරක් බවට පත්වීමට හේතුවකි. අපට ඇතිවන රෝග අතුරින් බොහෝ රෝග වලට හේතුවන්නේ මානසික නිරෝගීතාව නොමැතිකමය. නවීන වෛද්‍ය විද්‍යාවේ දී මෙය Hyper - acidity (හයිපර්ඇසිඩිටි)

 

අම්ල පිත්ත රෝගයේ ප්‍රභේද හඳුනා ගනිමු.

ප්‍රධාන ප්‍රභේද දෙකක් දැකිය හැකියි. ඒ දෝෂ අනුව ඇතිවන අම්ල පිත්තය උර්ධවගත මල පිත්තය (කැප) හා අධෝගත අම්ල පිත්තය (පිත). උර්ධවගත අම්ල පිත්තයේ දී වමනය ප්‍රධාන වේ. අධෝගත අම්ල පිත්තයේ දී විරේචනය ප්‍රධාන වේ. එහිදී මලපහ ද්‍රවගතිය වැඩි වේ.දෝෂ ලක්ෂණ අනුව වාතාධික අම්ල පිත්තය කාපාධිත අම්ල පිත්තය සහ වාත-කැප අධික අම්ල පිත්තය හඳුනා ගත හැකිය. වාතය අධික අම්ල පිත්තයේ දී පුපුරු ගසන්නාක් බඳු වේදනාව, කරකැවිල්ල සහ සිහිමුලා වීමද ඇතිවිය හැකියි. සෙම කාරා දැමීම, සිරුරේ බර බව, අරුචිය, කම්මැලිකම සහ වමනය කපාධික අම්ල පිත්තයේ දී දැකගත හැකයි.වාත-කැප අධික අම්ල පිත්තයේ දී ඉහත කී සියලු ලක්ෂණ මිශ්‍රව පවතී.

 

ප්‍රතිකාර විධි මොනවාද?

ශෝධන චිකිත්සාව එනම් වමන, මෘදු විරේචන, වස්ති ප්‍රතිකාර දැක්විය හැකිය. ශමන චිකිත්සාවේ දී උදාහරණ ලෙස දුම්මැල්ල කලන් 12 කසාය ප්‍රතිකාර ලෙස සිදු කරයි.

 

අම්ල පිත්ත රෝගය පාලනය කිරීමට ඇති අත්බෙහෙත් ප්‍රතිකාර?

කීකිරිඳීය හා අරළු සමානව ගෙන ඒවා කුඩුකර (චුර්ණ) එම චුර්ණය උණු වතුරට දමා පෙරා පරණ උක් හකුරු සමඟ පානය කිරීම සුදුසුය.හැමෝටම කල හැකි බොහොම සරල අත් බෙහෙතක් ලෙස උදේ හිස්බඩට දියබත්වලින් සාදාගත් කැඳ (බත් කැඳ) පානයට හුරුවන්න. කෝමාරිකා මද ආහාරයට ගැනීම මේ සඳහා අත්බෙහෙතක් ලෙස භාවිතා කල හැකිය.

 

මෙම රෝගය වැළඳී ඇති අයෙක් වැලකි සිටිය යුතු සහ පිළිපැදිය යුතු කරුණු.

ඒවා අහිතකර කරුණු සහ හිතකර කරුණු ලෙස වර්ග දෙකකට දැක්විය හැකියි. කටුක, අම්ල, ලවන රස දේවල් තීක්ෂණ, උෂ්ණ ගුණ යුතු දේ, අධික තෙල්, මිරිස්, කුළුබඩු යෙදු ආහාර, අධික පැණි රසැති දේ ( උදා- කිතුල් පැණි) ක්ෂණික කෑම, සෝඩා අඩංගු පාන වර්ග කැෆෙන් වර්ග භාවිතයෙන් වැළකිය යුතයි. ඒවා ඔබේ අහාර වේලට කිසිසේත්ම එක්කර නොගත යුතු දේය. දහවල් කාලයේ නිදාගැනීමෙන් වලකින්න.

එළකිරි, කැරට්, බෝංචි වැනි ආහාර සුදුසුය. කෙසෙල් ආහාරයට ගැනීමේ දී සීනි කෙසෙල් පමණක් ආහාරයට ගන්න. මානසික විවේකය අත්‍යවශ්‍ය අතර මනස සැමවිටම නිරවුල්ව පවත්වාගෙන යන්න. රාත්‍රියේ දී සුවබර නින්දක් ලබාගන්න නියමිත වෙලාවට ආහාර ගැනීමත්, අම්ල පිත්ත රෝගය ඔබෙන් දුරස්කර ගැනීමට හේතු වනවා ඇත.

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page