
ඔබ දියවැඩියා රෝගියෙක් ද? එසේ නම් මේ ආහාර රටාව පිළිපදින්න
වෛද්‍ය මුදිතා නානායක්කාර
ගාල්ල දිස්ත්‍රික් ආයුර්වේද රෝහල
සාමකාමී ලෙසට හා යහපැවැත්මකින් ජීවිතය ගෙන යන්න අප කවුරුත් කැමතියි. නිරෝගීව සිටීමත් ජීවිතය සාර්ථක කරගැනීමට උදව් වෙනවා. නිරෝගීකම පරමලාභයයි. ලෙඩ රෝග නිරෝගීකමට අකුල් හෙලන බාධක වුවත් අපට එයින් මිදී යාම බොහෝවිට අපහසුයි. අපගේ ඇවතුම් පැවතුම්වල ක්‍රියාකාරීත්වය නිසි අයුරින් පාලනය කිරීමෙන් මෙම රෝග අපට ජයගත හැකියි. රෝග බෝවන හා බෝ නොවන වශයෙන් ඇත. බෝ නොවන රෝග තත්ත්වය ඉතාම අසීරුය. නමුත් පාලනය කිරීමෙන් මඟහරවා ගත හැකියි.
දියවැඩියා රෝගියෙකු ආහාර ගැන සැලකිලිමත් වීමෙන් එය පාලනය කරගත හැකි බව මතක තබා ගන්න. ජීර්ණයේදී සීනි බවට පත්වන ආහාර ගැනීම අවම කරගත හැකියි. වෙළඳපොලේ ඇති ආහාරවලට හුරුවීම ගුණදායක වන්නේ නැත. විවිධ රසායනික ද්‍රව්‍ය යොදා සාදන ආහාර වර්ග සිරුරට අතිශයින්ම අගුණය. ක්ෂණික ආහාර වර්ග, පාන් පිටි ආහාර දියවැඩියා රෝගියෙකුගේ හතුරෙක් වැනිය. තෙල් සහිත වීම පිෂ්ඨය සහිත වීම රෝගියාට සුදුසු ආහාර නොවේ. දියවැඩියා රෝගීන් තෙල් හා මේද ප්‍රමාණය අඩු, ආහාර ගැනීම සුදුසුයි. ඔබ ගන්නා ආහාරයේ තෙල් හා මේද කොටස් තිබිය යුතු වන්නේ 30%ක් පමණයි. දිනපතා තෝරාගත යුත්තේ කෙඳි සහිත රළු පිෂ්ඨය ඇති ආහාරයි. රතු හාල්, නොපාහින ලද තිරිඟු පිටි ඒ අතර ඉරිඟු කරල්, අලුත් එළවළු, පලතුරු වේ. පෝෂණයට උදව් නොදෙන කැලරි පමණක් ලබාදෙන ආහාර සීමා කළ යුතුයි.
සමබර ආහාරවේල
එළවළුවක්, ඇටවර්ග, මාළු, පලා වර්ග ඔබේ ආහාරයට ඇතුළත් විය යුතුයි. දිනකට ගන්නා සත්ත්ව මාංශ ප්‍රමාණය සීමා කිරීම ඉතාම වැදගත්ය. එසේම රතු පැහැති මාංශ, චීස්, සත්ත්ව ආහාර, බටර් හා යොදය සහිත කිරි ආහාර ගැනීම ද අඩු කිරීම රෝගී තත්ත්වයෙන් මිදීමට උදව් වේ.
හිතකර තෙල් හා මේදය
තල, රටකජු හිතකර මේදය අඩංගුය. මේවා පමණට වඩා නොගෙන සාමාන්‍ය තරමට ගැනීම කළ යුතුය. වතුර පානය වැඩිපුර වතුර පානය කරන්න. දිනකට වතුර ලීටර් 1.5ක් අඩුම තරමින් පානය කරන්න.
ලුණු භාවිතය
අධික ලුණු සහිත කරවල සහ කෘතිම ආහාර ගැනීම සීමා කරන්න.
රෝගියෙකුගේ දිනක ආහාර රටාව
තමාගේ රෝගී තත්ත්වය හඳුනාගෙන එය මැඬලිය හැකි ආකාරයෙන් ජීවිතය හැඩගස්වා ගැනීම හොඳයි. විශේෂයෙන් ඉහත කරුණු ගැන මනා අවබෝධයක් ගෙන ඒ අනුව ක්රියාකිරීමයි. මේ සඳහා අප දැනුවත් වීම සිදුවන්නේ මේ සෑම දෙයකම පාලනයකින් යුතුව ක්‍රියාකිරීම යන්නයි. මෙහිදී අතිශය වැදගත් එයයි. දියවැඩියා රෝගියෙකුගේ දිනෙක ආහාර රටාව මෙසේ සකස් විය යුතුයි. මෙය සාමාන්‍ය රෝගියෙකුට සරිලන පොදු ආහාර පැවැත්මයි. උදේට - වතුර වීදුරුවක් පානය කර ටික වේලාවක් හිද ඖෂධීය කොළ කැඳ පානයට ගන්න. නොඑසේ නම් ඖෂධීය පානයක් වුවත් සීනි රහිතව කම් නැත.
උදා. ඉරමුසු, පොල්පලා, රණවරා, බෙලිමල්, රතුහාල් බත් සමඟ කෙඳි සහිත මෘදු එළවළුවක් ගැට පොලොස් මැල්ලුම, කෙසෙල් මුව ව්‍යංජනයක් සුදුසුයි. එසේ නොමැති නම් රතු ඉඳි ආප්ප 6ක් පමණ කෙසෙල් මුව ව්‍යංජනය හෝ කිරි හොඳි සමඟඋදේ 10ට පමණ මොනයම් හෝ සීනි අඩු පලතුරක් සුදුසුයි. ඇඹුල් කෙසෙල් ගෙඩියක් වඩා සුදුසුයි. හොඳටම ඉදුණු නැති මධ්‍යම ප්‍රමාණයට ඉදී තිබීම වඩාත් සුදුසුයි. ගස්ලබු නම් 1/4ක් පමණ සෑහේ.
දිවා ආහාරය - රතු හාල් හෝ තම්බපු සහල් බත් එළවළු 2ක් පලා වර්ගයක් අලුත් මාළු කැබැල්ලක් ප්රමාණවත්ය. අතුරුපසට අඩු සීනි පලතුරක් සෑහේ. (උදා. පේර, වෙරළු, කෙසෙල්)
සවස 3ට - අවශ්‍ය නම් මේදය රහිත කිරි වීදුරුවක් නැත්නම් ඖෂධීය පානයක් (ඉරමුසු, රණවරා, බෙලිමල්)
රාත්‍රියට - තම්බපු රතු හාල් බත්, රතු ඉඳි ආප්ප, සහල් පිටි ආප්ප කුරක්කන් රොටියක් මින් කුමක් හෝ සමඟ කිරි මාළු හොඳි එළවළුවක් සමඟ ගත හැකියි.
- ස්වර්ණා ආරියවංශ