
ජාතික කොඩිය රටක අනන්‍යතාව පිළිඹිබු කෙරෙන ප්‍රධාන සංකේතයකි. හෙළ ජාතියේ හා මාතෘ භුමියේ ඓතිහාසික පසුබිම, ප්‍රෞඩත්වය,ස්වෛරීභාවය හා ස්වාධිනත්වය ඉන් පෙන්නුම් කෙරේ. එසේ ම ප්‍රතාපවත් දේශයක් ලාංකික උරුමයන් ඔප් නංවමින් සුළු ජනයා සමගින් බහුතර ජනතාවම එකමුතුව ජීවත්වන බව ජාතික ධජය මගින් නිරූපනය වේ.
ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය සිංහ කොඩිය නමින් ද හැදින්වෙන අතර අතීතයේ සිංහ රූපයක් සහිත ධජයක් භාවිත කළ බවට ඓතිහාසික සාධක කිහිපයක් දැක්වේ. ක්‍රි.පු 161-137 අතර දුටුගැමුණු රාජ්‍ය කාලයේ දී ක්‍රි.ව 1415 දී 6 වන පරාක්‍රමබාහු රජුගේ රාජාභිෂේක උත්සවයේ දී මෙන් ම 2 වන රාජසිංහ රජු සිහිපත් කිරීම සදහා ක්‍රි.ව 1657 දී ලන්දේසීන් විසින් පවත්වනු ලැබු උත්සවයක දීත් සිංහයකුගේ රූපයක් සහිත කොඩියක් ඔසවා ඇති බවට සාධක දැක්විය හැකිය.
ශ්‍රී ලංකාව 1948 දී නිදහස් ජාතියක් බවට පත්වීමෙන් අනතුරු ව ස්ථාවර ජාතික කොඩියක අවශ්‍යතාව ඉස්මතු වීය. ඒ අනුව සුදුසු ජාතික කොඩියක අකෘතිය තීරණය කිරීම විවිධ ජාතීන් නියෝජනය කරමින් කමිටුවක් පත් කර ගන්නා ලදී.
1948 මාර්තු මස 6 වැනි දින ශ්‍රී ලංකාවේ අගමැතිව සිටි ඩී.එස් සේනානායක මහතා විසින් පත්කළ කමිටුව පහත පරිදි වේ.
* එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා ( සභාපති ).
* මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා ( ලේකම් ).
* සර් ජෝන් කොතලාවල මහතා .ටී. බී. ජයා මහතා.
* ජේ. ආර්. ජයවර්ධන මහතා.පොන්නම්බලම් රාමනාදන් මහතා.
* නඩේසන් මහතා.
* ලලිත් රාජපක්ෂ මහතා.
පාර්ලිමේන්තුවෙන් සම්මත වු මෙම කොඩිය ප්‍රථම වරට 1952 පෙබරවාරි 04 වැනි දින ඔසවන ලදී. එය 1953 දී හා 1972 දී වෙනස්කම් වලට භාජනය වූ අතර එම වර්ෂයේ දී ම ජාතික කොඩිය තුලට බෝ කොල සතරක් සෑම මුල්ලකටම පිහිටන අයුරින් ඇතුලත් කෙරිණි. ඒ සඳහා එවකට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ලේකම්වරයා සහ ජාතික ලාංඡන හා කොඩිය නිර්මාණ කමිටුවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කල නිශ්ශංක විජේරත්න මහතා මූලිකත්වය දැරීය.
වත්මන් ශ්‍රී ලංකික ජාතික කොඩිය ජේ.ඩි.ඒ පෙරේරා මහතාගේ නිර්මාණයකි. ජාතික කොඩිය නිර්මාණය කිරීමේදී කොඩියේ වර්ණ-දිග-පළල සැලැස්ම SLS 6931, 1985 දරණ වූ ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතරයට අනුකූලව කළ යුතුය.
ජාතික කොඩිය එසවීමේදී අනුගමනය කළ යුතු දේ:
* ජාතික කොඩිය එසවෙන කුමන අවස්ථාවක වුවද පැහැදිළිව පෙනෙන ස්ථානයක ඔසවා උපරිම ගෞරවය ලබා දිය යුතුය.
* ජාතික කොඩිය එසවීමේදී සහ පහත හෙලීමේදී ගෞරවාන්විතව සෙමින් කළ යුතුය.
* සියළු දෙනාම කොඞියට මුහුණලා සිටිය යුතුය.
* කොඩිය එසවීමෙන් අනතුරුව ජාතික ගීය ගායනා කළ යුතුය.
* ජාතික කොඩිය ඔසවන අවස්ථාවේදී නිශ්ශබ්දතාවයෙන් නැගිට සීරුවෙන් සිටිය යුතුය.
* වෙනත් කොඞි සමග ජාතික කොඩිය ඔසවන්නේ නම් ජාතික කොඩිය ඉහළින්ම එසවිය යුතුය.
* කොඩි ගසක එසවිය යුත්තේ එක් ජාතික කොඩියක් පමණි.
* ජාතික ශෝක දිනයකදී ජාතික කොඩිය අඩකුඹු කොට දැක්විය යුතුය.
* ජාතික කොඩිය කිසිදු විටක පොළවට සමතලාව සිටින සේ හෝ තිරස් ලෙස රැගෙන නොයා යුතු අතර සෑම විටම යෂ්ටිය ඍජුව සිටින සේ ගෙන යා යුතුය.
* ජාතික කොඩිය ,වෙනස් කොඩි සමග පෙරහැරක ගෙන යන විට එය තිබිය යුත්තේ පෙළපාළියේ දකුණු පසින් වන අතර වෙනත් කොඩි පෙළක් ඇත්නම් එම කොඩි පෙළේ මැදට ජාතික කොඩිය ගෙන ආ යුතුය.
* කිසිවක් හෝ කිසිවෙකු වෙනුවෙන් ජාතික කොඩිය මද වශයෙන් හෝ පහත් නොකළ යුතු ය.
* කිසිදු අවස්ථාවක ජාතික කොඩිය බිම නොතැබිය යුතුය.
ජාතික කොඩියේ ඇති සෑම සංකේතයකටම විශේෂ අර්ථයක් ඇත.
* කහ පාටින් වට වු මායිම - සිංහල ජාතියේ අවිහිංසාවාදී බව සහ ලන්දේසි, බර්ගර් සහ පෘතුගීසි ඇතුළු සියලුම සංස්කෘතික වලින් සිටින
* මිනිසුන් සමඟ එකට වාසය කරන බව.
* කොළ පැහැති තීරුව - මුස්ලීම් ජනවර්ගය.
* තැඹිලි පැහැති තීරුව - දෙමළ ජනවර්ගය.
* තද රතු පැහැති පසුබිම - බහුතර සිංහල ජනයාත් සිංහලයාගේ ජීව රුධිරය.
* බෝ කොළ - බෞද්ධ ජාතිය හා මෙත්තා, කරුණා, මුදිතා හා උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණ හෙවත් සුචරිත ලක්ෂණ.
* සිංහයා - සිංහල ජනවර්ගය සහ ශ්‍රී ලාංකික ජාතියේ ශක්තිය හා උදාරත්වය.
* සිංහයාගේ කඩුව - ජාතියේ ශ්‍රේෂ්ඨත්වය සහ ජනයාගේ බලපරාක්‍රමය.
* කඩුවෙ ඇති මිට - වාතය, ජලය, ගින්දර සහ පොළව යනාදියෙන් රට සමන්විත බව.
* සිංහයාගේ ඉදිරි පාද දෙක - සම්පත් පරිහරණයේ නිවැරදි බව.සිංහයාගෙ නාසය - බුද්ධිමත්කම.
* සිංහයාගෙ රැවුල - පවිත්‍ර වචන.
* සිංහයාගේ හිසෙහි ඇති රැලි ගැසු කෙස් - ආගමික පිළිවෙත්, ප්‍රඥාව සහ ධ්‍යානය.
* කෙස් අටක් ඇති සිංහයාගේ වලිගය - ආර්ය අෂ්ටාංගික මාර්ගය.
ජාතික කොඩිය
