
ඉතා දුර්ලභ රෝගයක් වන රොහාඩ් සින්ඩ්‍රෝමයෙන් පෙළෙන දැරියන් මුම්බායි නගරයෙන් හමු වේ අස්වාභාවික ලෙස තරබාරු වීම සමඟ මොළයේ පවත්නා හයිපොතලමස් නම් වූ කොටසේ අක්‍රීය වීම නිසා ආශ්වාස ප්රාශ්වාස කිරීමට අපහසු වීම මෙම රොහාඩ් සින්ඩ්‍රෝමයේ මූලික ලක්ෂණ වේ.
පසුගියදා 5 හැවිරිදි දැරියක් මුම්බායි රෝහලට ඇතුළු කරනු ලැබූ අතර ඇය අවදියෙන් සිටින විට සාමාන්‍ය ලෙස ආශ්වාස කිරීම එහෙත් නින්දට ගිය පසු අසාමාන්‍ය ලෙස හුස්ම ගැනීම හෝ සම්පූර්ණයෙන්ම හුස්ම නොගැනීම ඉබේම සිදුවන බව වෛද්‍යවරුන් නිරීක්ෂණය කිරීම අනුව ඇය රොහාඩ් සින්ඩ්‍රෝම රෝගා බාධයෙන් පෙළෙන බව තීරණය කරන ලදී. නින්දට ගිය විට ඇයගේ සිරුරේ පවතින ඔක්සිජන් ප්‍රමාණය අඩු වී ඒ වෙනුවට කාබන්ඩයොක්සයිඩ් වැඩි වීම මෙම තත්ත්වයට හේතු වන බව සොයාගෙන ඇත.
අවදියෙන් සිටින විට කිසිදු ප්‍රශ්නයක් නැතත් නින්දට ගිය පසු හුස්ම ගැනීම දිගටම සිදු කිරීම සඳහා ඇයගේ නාසයට විශේෂ උපකරණයක් සවි කරන ලදී. ලෝපුරා මෙම රෝගා බාධය සහිත රෝගීන් 100ක් පමණ ඇති අතර ඉන්දියාවෙන් හමු වූ ප්‍රථම හා එකම රෝගියා මෙම දැරිය බව සඳහන් වේ.මෙම රෝගයට නිශ්චිත ප්‍රතිකාරයක් දැනට සොයාගෙන නොමැති අතර මෙම රෝගීන්ගේ තත්ත්වය හඳුනාගෙන ඔවුනට සහනයක් සැලසීම සිදු නොවුවහොත් මරණයට පත්වීම සිදුවනු බවද වෛද්‍යවරු පවසති.
මෙම රෝගය වැළඳුනු අය බොහෝවිට ඉක්මනින් බඩගිනි ඇති වී අති විශාල ආහාර ප්‍රමාණයක් අනුභව කරනු ඇත. එසේම ඔවුන්ගේ වකුගඩුවලට ජලජමය තත්ත්වය රඳවා ගත නොහැකි වන බවද හෙලි වේ.එසේම රුධිර සංසරණය අක්‍රමවත් ලෙස සිදුවීම නිසා හුස්ම ගැනීමේ අපහසුතාවයක් ද ඇති වේ. එසේම මොළයේ ඔප්තලමස් කොටස හරිහැටි ක්‍රියාත්මක නොවීම නිසා ශරීරයේ උෂ්ණත්වය පවත්වා ගන යාමද නවතී.
මේ හැර ආහාර ජීර්ණ වීම හරිහැටි සිදු නොවීම නිසා ආමාශයේ වේලීම සිදු වී දැඩි වේදනාවක් ඇතිවීම මෙන්ම අධික ලෙස දහඩිය පිටවීම සිදු වේ.
මෙම මූලික ලක්ෂණ නිරීක්ෂණය කිරීමෙන් පසු වහාම රෝහලකට ගෙන යා යුතු වේ. වයස අවුරුදු 10ට අඩු දරුවන්ට මෙම රෝගය වැළඳීමේ ප්රවනතාවක් ඇති අතර මෙම රෝගය හඳුනා ගැනීම සඳහා විද්‍යාත්මක පර්යේෂණ තවමත් සොයාගෙන නැත.ඒ නිසාම හරිහැටි ප්‍රතිකාර ක්‍රමයක් ද සොයාගෙන නොමැති බව පැවසේ. එහෙත් මෙම දුර්ලභ රෝගාබාධය පිළිබඳ වෛද්‍ය විශේෂඥයින් දිගටම පර්යේෂණ පවත්වනු ලබන බවද වර්තා වේ.
අන්තර්ජාලය ඇසුරින්