top of page

මුඛය පිළිබඳව කතා කරන විට අපට සිහියට නැඟෙන්නේ “දත්”ය. නමුත් දත් පමණක් නොව මුඛය හා සම්බන්ධ සියළුම කොටස් වන දත්, විදුරුමස් හා මුඛය ආස්තරයේ ඇති සියළුම අංග නිසි ආකාරයෙන් පවත්වා ගැනීම මුඛ සෞඛ්‍ය රැක ගැනීම ලෙස හැඳින්වෙනවා.

 

මුඛ සෞඛ්‍ය පිරිහීමට අයත් වන ඉන්ද්‍රයයන් වන දත් ඇතුළු ඉහතින් දැක්වූ සියළුම කොටස් ආරක්ෂා නොවීම හේතුවෙන් ඇතිවන ඵලවිපාක හා ඒවායින් මිදීමට අප කළ යුතු දේ පිළිබඳ අපට තොරතුරු හෙළිකළේ මහරගම මුඛ සෞඛ්‍ය ආයතනයේ විශේෂඥ දන්ත ශල්‍ය වෛද්‍ය ප්‍රසන්න ජයසේකර වෛද්‍යතුමා විසිනි. මුඛ සෞඛ්‍ය ආරක්ෂා කළ යුත්තේ කොතැනින් ද යන්න එතුමා විස්තර කළේ මේ ආකාරයටයි.$$1.ගර්භනී අවධියේ දත් පරීක්ෂාව (අම්මාගෙන් දරුවාට බැක්ටීරියා යාම වැළැක්වීම)

 

2.නිවැරදි මුඛ සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරිම

 

3.නිවැරදි ආහාර රටාව

 

4.දත් දිරායාම කලින් හඳුනා ගැනීම

 

දත් ආරක්ෂා නොවීම මුඛ සෞඛ්‍ය පිරිහීමට හේතුවන ප්‍රධාන අංගයක් බැවින් දත් ආරක්ෂා කිරීමට කුඩා අවධියේ සිට පුරුදු පුහුණු කළ යුතු ආකාරය පිළිබඳව අප දැනුවත් විය යුතුයි. දත් වර්ග දෙකකි. එය කිරි දත් හා ස්ථිර දත් ලෙස හැඳින්විය හැකිය.

 

අවුරුදු 1 - 2 දක්වා කුඩා ළමුන්ගේ දත් 32%කින් පවුල් සෞඛ්‍ය ආයතන ආශි‍්‍රතව කළ පරීක්ෂණයකින් නරක් වී ඇති බැව් මෑතකදී හෙළි වී ඇත. මින් වැළකීමට ගර්භනී සමයේ පටන් දරුවාගේ මුඛ සෞඛ්‍ය ආරක්ෂා කළ යුතුයි. එවිට දත් දිරා යාමට හේතුවෙන නරක බැක්ටීරියා අවම වන බැවින් දරුවාගේ දත් හානි කරන බැක්ටීරියා වර්ධනය වන්නේ නැත.

 

මුඛ සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීමට නම් නිසි සෞඛ්‍ය පුරුදු අනුව ක්‍රියා කළ යුතුය. කිරි දත් ඇති දරු පැටියාගේ පටන් දත් මැදීම කළ යුතුයි. දත් නොමැද සිටීම නිසා කිරි දත් දිරා යාම සිදුවේ. දත් නොමැද සිටීම නිසා දත්වල රැඳෙන කෑමවල ඉතිරි කොටස් හේතුවෙන් නිපදවන බැක්ටීරියා විසින් නිපදවන ලැක්ටික් ඇසිඩ්වලට මෝරපු දතට වඩා නොමේරූ දත් දිරවීමට ඇති හැකියාව වැඩියි.

 

දත් ආ දිනයේ සිට දරුවාගේ කිරි දත් මැදීමට පටන් ගත යුතුයි. මේ සඳහා (Finger Brush) ඇඟිල්ලකට දමා මදින බුරුසුවක් උපයෝගී කරගත හැකියි. මැදීමට පහසු තවත් ක්‍රමයක් ලෙස කුඩා පුළුන් කැබැල්ලක් හෝ පිරිසිදු රෙදි කඩක් උපයෝගී කරගෙන දත් මැදීමට හැකියි.

 

නිවැරදි ආහාර රටාව නිසා දත් දිරායාම අවම කරගත හැක. දත් දිරායාමට හේතුවන පැණි රස ළමයින්ට හුරු කිරීම ප්‍රමාද කිරීම වඩාත් යෝග්‍යය. මේ පිළිබඳව මව දැනුවත් වීම වැදගත්ය. පැණි රස ළමුන්ට හඳුන්වා දීම ප්‍රමාද කිරිම තුළින් මේ තත්ත්වය පාලනය කළ හැකියි.

 

ඒ සඳහා ගත යුතු පියවර කිහිපයකි මේ.

 

කුඩා දරුවන්ට සීනි දමා පිටිකිරි හඳුන්වා නොදී පිටිකිරි පමණක් දීම.$$රාත්‍රියට නින්දෙන් කිරි බෝතලයෙන් කිරි නොදීම කිරි කටේ රැඳෙන විට දත් නරක් විය හැකියි. කටට කෙළ ඉනීම රාත්‍රියට සිදු නොවන නිසා රැඳෙන කිරි සේදී (wash) නොයයි. එවිට කිරි රැඳමෙන් ඒ මත බැක්ටීරියා ක්‍රියාකාරීත්වයෙන් අම්ලයක් සාදයි එම අම්ලය දත් දිරායාමට උදව් කරයි.

 

හැකි තරම් පලතුරු ආහාරයට දෙන්න. මේ සඳහා ඕනෑම පලතුරක් සුදුසුයි.

 

යෝගට්, මුදවපු කිරි යන ආහාර වැඩෙන වයසෙ දරුවන්ට සුදුසුයි. නැවුම් කිරි දෙන විට සීනි රහිතව දෙන්න පුරුදු කරගන්න. එසේම බිස්කට් වර්ග දීමට පුරුදු නොවන්න. එය නිතර ගැනීම සුදුසු නැත. මුඛ සෞඛ්‍ය රැක ගන්නට හැකි තවත් කරුණක් ලෙස දත් දිරායාම මුල් අවධියේදීම හඳුනාගත යුතුය. එවිට තවදුරටත් පැතිරීම වළක්වා ගත හැකියි.

කුඩා දරුවන්ගේ දත් දිරා යෑම මුල් අවදියේදීම හඳුනාගන්න

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page