top of page

ශ්‍රී ලංකාවේ පැරැණිතම ජාතික උදයානය තමයි යාල. 1938 පෙබරවාරි මස 25 වැනිදා මෙය ප්‍රකාශයට පත් කළේ බ්‍රිතාන්‍ය පාලන යුගයේදී. ශ්‍රී ලංකාවේ පැරණිතම ජාතික වනෝද්‍යාන දෙකෙන් එකකි. යාල වානෝද්යානය 1983 පෙබරවාරි මස 25 වැනි දින මෙය ප්‍රකාශයට පත් කරනු ලැබිය. අප රටෙහි ප්‍රකටම වනෝද්‍යානය වන්නේ ද යාලයි. එසේම දේශ දේශාන්තරවල පවා ශ්‍රී ලංකාවේ මෙම වනෝද්‍යානය ඉතා හොදින් ප්‍රකටව පවති. කොටස්‌ පහකින් හා නිමලව, කටගමුව, කතරගම යන අභයභූමින් සමඟ යාල වන රක්‍ෂිතයේ ප්‍රමාණය වර්ග කිලෝමීටර් 1297 ක්‌. වර්ෂ 1900 දක්‌වා මෙය සුදු ජාතිකයන්ගේ දඩයම් බිමක්‌ ලෙස පැවතිණි. ඉන්පසු 1908 දී තමයි මෙය අභය භූමියක්‌ බවට පත්වුණේ.

 

උද්‍යානය වෙත පිවිසීම

1.  කොළඹ සිට හමිබන්තොට තිස්සමහාරාමය කිරින්ද පාරේ පැමිණ යාල හන්දියෙන් හැරි පළටුපාන උද්‍යාන මුලස්ථානය එක් ප්‍රවෙශ මාර්ගයකි.

2.  කොළඹ රත්නපුර ඇඹිලිපිටිය සුරියවැව මිරිඡ්ජවිල හමිබන්තොට හරහා හෝ

3.  කොළඹ රත්නපුර උඩවලව තණමල්විල තිස්සමහාරාමය යාල හන්දියට පැමිණ ද

4.  තණමල්විල ලුණුගමිවෙහෙර හන්දියෙන් එම ජලාශ වෙල්ල මතින් කතරගමට පැමිණ ද උද්‍යානයට ළඟා විය හැකිය.

5.  මහියංගන බිබිල බුත්තල සෙල්ලකතරගම කටගමුව ද එක් පිවිසුමි මාර්ගයකි.

 

යාල වනෝද්‍යානය තමයි හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ නැතිනම් දකුණු පළාතේ අවසන් මායිම. මේ මැදින් ප්‍රධාන ගංගා දෙකක්‌ ගලා යනවා. ඒ තමයි මැණික්‌ ගඟ හා කුඹුක්‌කන් ඔය. කුඹුක්‌කන් ඔයෙන් දෙපසට යාලත්, යාල නැගෙනහිර නොහොත් කුමණත් අපට හමුවෙනවා. අතිශය අද්විතීය යාල වන උයන දේශ දේශාන්තරවල පවා ප්‍රකටව ඇති වනෝද්‍යානයක්‌. මෙහිදී කොටියා, වළසා, අලි - ඇතුන්, කුළුහරකුන් ඇතුළු දුර්ලභ සතුන් පහසුවෙන් දැකගත හැකි බව වන ලෝලීන් දන්නවා. 

යාල ජාතික වනෝද්‍යානය

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page