
උඩවලව ජාතික වනෝද්‍යානය ශ්‍රී ලංකාවේ සබරගමුව සහ ඌව පළාත් වලට මායිම්ව පිහිටයි. වලවේ ගඟ හරස් කර උඩවලව ජලාශය ඉදි කිරීම නිසා අසරණ වූ සතුන්ට රැකවරණය සැපයීම මෙන්ම ජලාධාරක ප්‍රදේශය ආරක්ෂා කර ගැනීම උඩවලව ජාතික වනෝද්‍යානය නිර්මාණය කිරීමට හේතු විය. වෙන් කර ඇති භූමි ප්‍රමාණය හෙක්ටයාර 30,821 (වර්ග මීටර් 119.00) අතර 1972 ජූනි 30 දින පිහිටුවන ලදී. උද්යානය පිහිටුවීමට පෙර එම ප්‍රදේශය හේන් ගොවිතැන සඳහා යොදා ගැනුණි. එම ප්‍රදේශය වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කල පසු ගොවීන් ක්‍රමයෙන් ඉවත් කරන ලදී. වනෝද්‍යානය කොළඹ සිට කිලොමීටර් 165 පමණ දුරින් පිහිටයි. උඩවලව වනෝද්‍යානය ජලජ පක්ෂීන්ට සහ අලින්ට වැදගත් වාස භූමියකි. මෙය සංචාරකයින්ගේ ජනප්‍රිය නැවතුම්පොළක් වන අතර දිවයිනේ තෙවන වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණෙන වනෝද්‍යානය ද වේ.
භෞතික ලක්ෂණ
උඩවලව ජාතික උද්‍යානය ශ්‍රී ලංකාවෙ තෙත් සහ වියළි කළාප වලට මායිම්ව පිහිටයි. තැනිතාලා වලින් භූමිය ඝහන අතර කඳු සහිත බවක්ද දක්නට ඇත. කල්තොට කඳු වැටිය සහ දියවිනි ඇල්ල උද්‍යානයේ උතුරු දෙසින් පිහිටන අතර ඒ සමඟ බඹරගල සහ රෙමිනිකොත පිහිටයි. මධ්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිලීටර් 500 (අඟල් 59) පමණ වේ. වැඩිපුරම වාර්ෂාව ඇදහැලෙනනුයේ ඔක්තෝම්බර් සිට ජනවාරි සහ මාර්තු සිට මැයි දක්වාය. මධ්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 27–28 (ෆැරන්හයිට් අංශක 81–82) පමණ වන අතර සාපේක්ෂ ආර්ද්‍රතාවය 70% සිට 82% දක්වා වේ. හොඳින් ජලය බසින රත්-දුඹුරු පැහැ පස මිටියාවතේ අග හමුවන ජලය අඩුවන බසින අලු පැහැ පස් අතර අතිප්‍රමුඛ පස් වර්ගයකි.
පරිසර විද්‍යානුකුලව
ජලාශය අවට වගුරැ බිම්, තණ භූමි සහ වනාන්තර සිය ජන්ම භූමිය කරගෙන ඇත. ජලාශය තුළ ඇති අජීවී ගස් අමුණ ඉදිකිරීමට පෙර පැවති වනය පිළිබඳ විස්තර කියාපායි. විවිධ ඇල්ගා පැළෑටි වර්ග Pediastrum සහ Scenedesmus spp. ජලාශයේ දක්නට ඇත. පුරාණ හේන් ගොවිතැන් නිසා ඇති වූ විවෘත තණ බිම් බොහෝ දැකිය හැක. අමුණට පහළින් දකුණු මායිමට එපිටින් තේක්ක වගාවක් දැකිය හැක. මෙය වගා කර ඇත්තේ උද්‍යානය ප්‍රකාශයට පත් කිරීමට පෙරය. මෙහි ශාඛ විශේෂ 94, මාළු විශේෂ 21, උහය විශේෂ 12, උරග විශේෂ 33, පක්ෂී විශේෂ 184 (සංක්‍රමණික විශේෂ 33) ක්ෂීරපායී විශේෂ 43 වාර්තා වී ඇත. මෙයට අමතරව සමනලුන් විශේෂ 135 ද සොයාගෙන ඇත.
සංක්‍රමණය වන පක්ෂීන් අතර කොකුන් වර්ග වේ.
උඩවලව පක්ෂීන් නැරබීමටද හොඳ භූමි භාගයකි. නේවාසික අභිජනන පක්ෂීන් අතර Sri Lanka Spurfowl, Red-faced Malkoha, Sri Lanka Grey Hornbill, Brown-capped Babbler, සහ Sri Lanka Junglefowl යන පක්ෂීන් වේ. White Wagtail සහ Black-capped Kingfisher කලාතුරකින් පැමිණෙන ස්ංක්‍රමිණික පක්ෂීන් වේ. cormorants, the Spot-billed Pelican, Asian Openbill, Painted Stork, Black-headed Ibis සහ Eurasian Spoonbill යන පක්ෂීන් ද ඇතුලත්ව විවිධ ජලජ පක්ෂි ප්‍රභේධයන්ද මෙම උද්‍යානය වෙත පමිණේ. විවෘත උද්‍යාන ප්‍රදේශ White-bellied Sea Eagle, Crested Serpent-eagle, Grey-headed Fish Eagle, Booted Eagle, සහ Changeable Hawk-eagle වැනි පක්ෂීන් උද්‍යානය වෙත ආකර්ෂණය කරයි. Indian Roller, Indian Peafowl, Malabar Pied Hornbill සහ Pied Cuckoo ඇතුළු භූමි පක්ෂීන් බහුලය.
උරගයින් සහ මත්ස්‍යයින්
කටුස්සන්, කිඹුලන්, කබරයින් සහ සර්ප විශේෂ 30ක් උද්‍යානයෙන් සොයාගෙන ඇත. Garra ceylonensis උද්‍යානයෙන් සොයාගෙන ඇති ආවේණික මත්ස්‍යයෙකි.
සංරක්ෂණය
ස්වහාවික වනය විනාශ කරමින් පයින් සහ කපුරු විශේෂ වගා කිරීම වලවේ ගඟේ ජල මට්ටම අඩු වීමට හේතු වී ඇත. මනුෂ්‍ය ජනාවාස, හොර දඩයම්, මැණික් කැණීම්, නීති විරෝධී ඇතුලු වීම්, අධික උලාකෑම් සහ හේන් ගොවිතැන් කිරීම් උද්‍යානයට ප්‍රධාන තර්ජනයක් වී ඇත. Lantana camara සහ Phyllanthus polyphyllus යන වල් පැළෑටි අලින්ගේ ආහාර පැළෑටි වලට තර්ජනයක් වී ඇත. නීති විරෝධී තුවක්කු බැඳීම් හේතුවෙන් අලින්ට වෙඩි වැදීම් ද වාර්තා වී ඇත.
සංචාරක කර්මාන්තය
2009 අගෝස්තු මාසයෙන් අවසන් වන මාස හය තුළ උද්‍යානය මිලියන 18.2 ක ආදායමක් උපයා ඇත. 1994 සිට 2001 දක්වා කාලය තුළ 423,000 ක පමණ පිරිසක් වනෝද්‍යානය නැරඹීමට පැමිණ ඇති අතර ඉන් 20% විදේශිකයින් වේ. 1998-2001 කාලය තුළ මධ්‍ය වාර්ෂික ආදායම යුරොපීය ඩොලර් 280,000 කි. උඩවලව වන සතුන් සතර දෙනෙකුගේ සේයාරූ රැගත් මුද්දර 2007 ඔක්තොම්බර් 31 වන දින "ශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන" යන පෙළ යටතේ නිකුත් විය.
උඩවලව ජාතික උද්‍යානය




