top of page

පුහුල් දෝසි (තවත් ක්‍රමයකට)
අවශ්‍ය ද්‍රව්‍ය -
පුහුල් ග්‍රෑම් 500
සීනි ග්‍රෑම් 500
වතුර කෝප්ප භාගයක්
හුණු ස්වල්පයක් (කෑමට ගන්නා)
රෝසි එසන්ස්
පිළියෙල කිරීම -
පුහුල් ගෙඩියේ පොත්ත ඉවත් කර ගෙඩියේ තීරු කපා ගන්න. දැන් ගෑරුප්පුවෙන් හිල් විද හුණු අතගා පැයක් පමණ පසෙකින් තබන්න. පසුව හුණු සෝදා හැර පිරිසිදු රෙදි කැබැල්ලක දමා වතුර මිරිකා හරින්න.
ඉන්පසු හතරැස් කැබලි වලට කපා ගන්න. දැන් සීනි සහ වතුර ළිප තබා උණුකර එයට පුහුල් කැබලි එකතු කරන්න. රෝස් එසන්ස් දමන්න. මිශ්‍රණය උකු පදමට එන විට කඩදාසියක් මත දැමූ සීනි වල දවටා නිවෙන්නට හරින්න.
Please reload
bottom of page