top of page

ඇඹරැල්ලා දෝසි
අවශ්‍ය ද්‍රව්‍ය -
ඇඹරැල්ලා ග්‍රෑම් 250 (පොතු හැර කුඩා කැබැලි කපන්න)
සීනි ග්‍රෑම් 250
අඹරාගත් ඉඟුරු කැබැල්ලක්
ආප්ප සෝඩා තේ හැඳි 3/4
වතුර කෝප්ප 1
ලුණු තේ හැඳි 1
එනසාල්, කරාබුනැටි 3ක්
පිළියෙල කිරීම -
පළමුව ඇඹරැල්ලා භාජනයක දමා එයට වතුර දමා පොඟවා ගන්න. ඉන්පසුව භාජනයක් ළිප තබා එයට සීනි ද ලුණු ද දමා රත් වෙන්නට හරින්න. සීනි ටික දුඹුරු පාට වන විට වතුර කෝප්පය දමා කලවම් කරන්න. එය උතුරන විට ඇඹරැල්ලා ටික ද ඉඟුරු ද, එනසාල්, කරාබුනැටි ද, ආප්ප සෝඩා ද දමා හොඳින් කලවම් කර මඳගින්නේ පිසගෙන පසුව බන්දේසියක තුනීකර කෑලි කපාගන්න.
Please reload
bottom of page