top of page

නෙල්ලි දෝසි
අවශ්‍ය ද්‍රව්‍ය -
නෙල්ලි ග්‍රෑම් 500
සීනි ග්‍රෑම් 750
කරදමුංගු කරල් 04
පිළියෙල කිරීම -
වතුර භාජනයක් ළිප තබන්න. වතුර නටන තෙක් රත් වූ විටදී නෙල්ලි දමා පැයක් පමණ තිබෙන්නට හරින්න. ඉන්පසුව වතුර බේරාගෙන නෙල්ලි වෙන්කර ගන්න. එම නෙල්ලි සහ සීනි භාජනයකට දමා මද ගින්නේ ළිප තබන්න.
මිශ්‍රණය රන් පැහැයට හැරෙද්දී තවත් සීනි ටිකක් සහ කරදමුංගු එකතු කරන්න. මිශ්‍රණය කළු පැහැ වීමට පෙර ළිපෙන් ගෙන බන්දේසියක තුනීකර කෑලි කපාගන්න.
Please reload
bottom of page