top of page

පුහුල් දෝසි
අවශ්‍ය ද්‍රව්‍ය -
හොඳින් මේරූ පුහුල් කි.ග්‍රෑම්. 2
වියළි මිදි ග්‍රෑම්. 50
සීනි ග්‍රෑම්. 500
කජු ග්‍රෑම්. 50
කරදමුංගු කරල් 2-3ක්
සාදන ආකාරය -
පුහුල් සෝදා තීරු කපා ඇට ඉවත් කර හිරමනයක ආධාරයෙන් සිහින්ව ගා ගන්න. දැන් පිරිසිදු රෙදි කඩකට දමා දියර ගතිය. මිරිකා හැර භාජනයකට දමන්න. දැන් නටන වතුර දමා පැයක් පමණ වසා තබන්න. දැන් නැවත වතුර පෙරා පිරිසිදු රෙදි කඩකට දමා දිය මිරිකා හරින්න. දැන් පුහුල් රැල් භාජනයකට දමා සීනි, කජු කැබලි සහ මිදි ද එකතු කර එනසාල් ද තලා දමා මදගින්දරේ හැඳි ගාමින් පිසින්න. තැඹිලි පදමට ආ විට තැටියක වඩා අවශ්‍ය තරමට කෑලි කපා ගන්න.
Please reload
bottom of page