top of page

කරුණාරත්න අබේසේකර

 

ප්‍රවීණ ගුවන්විදුලි ශිල්පියෙකු, කවියෙකු, ගීත රචකයෙකු, විස්තර විචාරකයෙකු වන කරුණාරත්න අබේසේකර 1930 වර්ෂයේදී මාතර රත්මලේ ප්‍රදේශයේ උපත උපත ලැබීය. ඔහු මුලින්ම ගුවන් විදුලියට පිවිසියේ U.A.S. පෙරේරා (සිරි අයියා) ගේ ළමා පිටියෙනි. එවකට ශ්‍රී ලංකා ගුවන් විදුලිය දකුණු ආසියාවේ පැරණිම ගුවන්විදුලිය විය. කරුණාරත්න අබේසේකර 1950 දී තරුණ ගුවන් විදුලි ශිල්පියෙකු ලෙස ගුවන් විදුලියට එක්විය. ඒ වන විට ඔහුගේ වයස අවරුදු 20ක් විය.1958 දී ඔහු ලන්ඩනයේ B.B.C. ගුවන් විදුලියේ පුහුණුව ලැබූ අතර පසු කාලීනව නිවේදකයෙකු, විස්තර විචාරකයෙකු, ගීත රචකයෙකු, දෙබස් රචකයෙකු, කවියෙකු ලෙස ලාංකික ජනතාව අතර ප්‍රසිද්ධ විය. ඔහුගේ දක්ෂතාවයන් දකුණු ආසියාවේම ප්‍රකටය. සිංහල භාෂාවේ ප්‍රවීනයෙකු වන කරුණාරත්න අබේසේකර රචනා කරන ලද ගීත 2000 කට අධික වෙයි. විවිධ ප්‍රවීණ ගායක ගායිකාවන් ඔහුගේ ගී ගයා ඇත.නිමල් මෙන්ඩිස් සංගීතවත් කළ නීලා වික්‍රමසිංහ ගයන 'මාස්ටර් සර්' ඔහු අතින් ලියැවුනු ජනප්‍රියතම ගීතයකි. ගීත රචනය වෙනුවෙන් දෙවරක් සරසවි සම්මාන ලද අබේසේකර, ලෝක ගුවන් විදුලි ඉතිහාසයේ ප්‍රථම සිංහල ක්‍රිකට් විචාරකයා විය. 1950-1970 දක්වා විස්තර කථනයේ නියැලුන අතර ක්‍රිකට් ක්‍රීඩාවට සිංහල නාමාවලියක් ලබා දීමට පුරෝගාමී විය.මේ මහා ශ්‍රේෂ්ඨ ගුවන් විදුලි ශිල්පියා 1983 දී මෙලොවින් සමුගත්තේය.

Please reload

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page