top of page

අරිසෙන් අහුබුදු

 

1920 මාර්තු 18 වැනි දින උපත ලද ආරියසේන අශුබෝධ මෙලොවින් සමුගත්තේ 2011 මැයි 26 වන දිනය. රචකයෙකු දාර්ශනිකයෙකු සහ ප්‍රාඥයෙකු වන අරිසෙන් අහුබුදු විවිධ අංශ තුළින් සිංහල භාෂාවේ දියුණුවට කටයුතු කල අතර ඒ වෙනුවෙන් කලා ශූරී සම්මානයෙන් ද පුද ලදී. නාට්‍ය රචකයෙකු, සිංහල ගී රචකයෙකු, කවියෙකු ගුරුවරයෙකු ද වන අරිසෙන් අහුබුදු ගේ උපත කොග්ගල මලල්ගලදීය. ඔහු හෙළ හව්ලේ සාමාජිකයෙකු වන අතර සරසවි ඇතුළු සම්මාන ගණනාවකින් පුද ලැබීය. මූලික අධ්‍යාපනය කතළුව විද්‍යාලයෙන් ලැබූ අතර පසුව ගුරු පුහුණුව නිට්ටඹුවේ ගුරු විද්‍යාලයෙන් ලැබීය. හෙළ හව්ලේ ප්‍රමුඛයන් වන වෙල්ලාල ජයමහ සහ කුමාරතුංග මුනිදාස සමග එක ව ඔවුන්ගෙන් සිංහල භාෂා ප්‍රවීනත්වය ලැබීය.එහි ප්‍රතිපලයක් ලෙස අරිසෙන් අහුබුදු අවරුදු 42 ක කාලයක් ගුරුවරයෙකු ලෙස සේවය කළ අතර නුවරඑළිය ට්‍රිනිටි විද්‍යාලය, ගාල්ලේ මහින්ද, මරදානේ මහාබෝධි, ගල්කිස්සේ ශාන්ත තෝමස් අදී විද්‍යාල එයින් මුල්තැන ගනී. ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයේ 1952- 1979 දක්වා ගුරුවරයෙකු ලෙස සේවය කල අතර ඔහුට සඳරැස් කෝපරහේවා, G.l. ගුණදාස , D.S. ජයසේකර විද්වතුන්ගේ සහයෝගය ඇතිව සිංහල සාහිත්‍ය වර්ධනය වෙනුවෙන් කැපවිය. ඉංග්‍රීසියට මුල් තැන ලබාදුන් එකල සිංහල භාෂාවේ ප්‍රගමනය වෙනුවෙන් අරිසෙන් අහුබුදු ශ්‍රී ලංකීය ජාතියට ඉටුකළ මෙහෙය අති විශිෂ්ටය.

Please reload

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page