
අලුත් අවුරුද්දට හත්මාලුව
අවශ්‍ය ද්‍රව්‍ය -
* රතු තම්පලා ග්‍රෑම් 100
* වට්ටක්කා ග්‍රෑම් 100
* වම්බටු හෝ තිබ්බටු ග්‍රෑම් 100
* අමු කජු ග්‍රෑම් 100
* අළු කෙසෙල් හෝ අමු ඇඹුල්
* කෙසෙල් ග්‍රෑම් 100
* කොස් ඇට ග්‍රෑම් 100
* මෑ කරල් ග්‍රෑම් 100
* තුනපහ කුඩු ටිකක්
* කහ කුඩු ටිකක්
* ලුණු රසට අනුව
* දියකිරි, මිටිකිරි
* රතුලූනු අහුරක්
* අමුමිරිස්
* කරපිංචා කිනිත්තක්
සාදන ආකාරය-
කොස් ඇට ටික තලා සුද්ද කරගන්න. කජු ටික කිරි ඉවත්වන තුරු හොඳින් සෝදා ගන්න. එළවලු කුඩාවට කපාගන්න. කජු ටික කිරි ඉවත්වන තුරු හොඳින් සෝදා ගන්න. එළවළු කුඩාවට කපාගන්න. දැන් මැටි ඇතිලියක් ගෙන එයට කොස් ඇට, කජු දමා වතුර ටිකක් එකතු කර තැම්බෙන්නට හරින්න. දැන් වට්ටක්කා, වම්බටු, අළු කෙසෙල්, මෑ කරල් දමා එයට තුන පහ, දියකිරි ලුණු, අමු මිරිස්, කහ, ලූනු ආදිය එකතු කර තැම්බෙන්නට හරින්න. ඒවා තැම්බීගෙන එන විට මිටි කිරි සහ තම්පලා එකතු කර හොඳින් කලවම් කර ලිපෙන් බාගන්න. මෙය උකු කරියක් ලෙස සකසාගත යුතුය. ලංකාවේ විවිධ පැති වල හත්මාළුව සඳහා භාවිතා කරන වර්ග වෙනස් වෙයි. නමුත් කෙසෙල් වර්ගයක්, තම්පලා, කජු, කොස් ඇට වැනි දෑ සමඟ එම ප්‍රදේශවල සුලබ දෑ භාවිතා කිරීම සිරිතකි. මෙය පෝෂණය අතින් ඉතා ඉහල අගයකින් යුතු ව්‍යංජනයකි.