
චිලී පේස්ට්
අවශ්‍ය ද්‍රව්‍ය:
* කෑලි මිරිස් මේස හැඳි 1 ½ පමණ (පුරවා ගත්) (තම රුචිකත්වය අනුව අඩු වැඩි කර ගත හැක.)
* සුදුලූනු බික් 5ක් පමණ (ඉතා සිහින් වෙන්න කපා ගන්න)
* ලොකු ලූනු පොඩි ගෙඩි 1 (ඉතා සිහින් වෙන්න කපා ගන්න)
* වියලි කූනිස්සන් මේස හැඳි ½ (මත්ස්‍ය මාංශ නොකන අය මෙය නොයෙදුවාට ප්‍රශ්නයක් නැත.)
* සෝයා සෝස් මේස හැඳි 1
* සියඹලා තේ හැඳි 2 (වතුර ඉතාමත් ස්වල්පයක දිය කරගෙන ඇට සහ පොතු ඉවත් කරගන්න)
* තෙල් කෝප්ප ½
* දුඹුරු සීනි තේ හැඳි 1
* රස අනුව ලුණු
සාදාගන්නා අයුරු:
භාජනයක් ලිප තබා තෙල් දමා රත් කරන්න මෙය මද ගින්දරේ රත් වෙන්න හරින්න. තෙල් රත්වූ පසු ලුණු දමා තරමක රන්වන් පැහැ ගැන්වෙන තෙක් බැද ගන්න.
එයට ලුණු දමා රන්වන් පැහැ ගැන්වෙන තෙක් බැද ගන්න.
වියළි කූනිස්සන් දමා තරමක් බැදෙන්නට හරින්න.
ගින්දර තරමක් අඩු කර කැබලි මිරිස් දමා මිනිත්තුවක් පමණ කලවම් කරන්න. (පමණ ඉක්මවා බදින්න එපා)
සෝයා සෝස්, දුඹුරු සීනි, සියඹලා දමා මිනිත්තුවක් පමණ කලවම් කරගන්න.
රස අනුව ලුණු දමා ගන්න.
මිශ්‍රණය නිවුණු පසු ග්‍රයින්ඩරයක් ආධාරයෙන් තරමක් අඹරා ගන්න. (පමණ ඉක්මවා අඹරන්න එපා)
හොඳින් සෝදා වියළා ගත් ජෑම් බෝතලයක අසුරා ශීතකරණයේ තබා ගන්න.