top of page

වණ්ඩුවේ තැම්බූ වට්ටක්කා කොළ මාළුව

 

අවශ්‍ය ද්‍රව්‍ය:

* නොමේරූ වට්ටක්කා කොළ 10ක්

* පාන් පිටි මේස හැඳි 3ක්

* බිත්තර 1ක්

* ලූණු

 

කරිය සඳහා:

* මිටිකිරි කෝප්ප 2ක්

* රම්පෙ, කරපිංචා

* රතුලූනු ගෙඩි 3ක්

* කහ කුඩු ස්වල්පයක්

* අමුමිරිස් කරල් 2ක්

* බැදගත් උළුහාල් ස්වල්පයක්

* කුරුඳු පොත්තක්

* උම්බලකඩ මේස හැඳි 1ක්

* ලුණු (රස අනුව)

 

සාදන ක්‍රමය:

මුලින්ම පාන් පිටි වලට බිත්තර හා ලුණු ස්වල්පයක් දමා වතුර එක්කර ඝන මිශ්‍රණයක් සාදා ගන්න. වට්ටක්කා කොළයේ එක පැත්තක පාන් පිටි මිශ්‍රණය තවරා කොළය රෝල් කරන්න. ඉන්පසු රෝල් කරගත් කොළ සියල්ල වාෂ්පයෙන් තම්බාගන්න. තම්බාගත් පසු කැබලි වලට කපාගන්න. වෙනත් බඳුනකට පොල් කිරි, රම්පෙ, කරපිංචා, අමු මිරිස්, රතුලූනු, උළුහාල්, කුරුඳු, උම්බලකඩ, කහ සහ රස අනුව ලුණු දමා ළිප තබා කැටි ගැසෙන්නට නොදී හන්දිගාමින් කිරි හොද්දක් සාදා ගන්න. ඉන්පසු සාදාගත් කිරි හොද්දට මුලින් වාෂ්පයෙන් තම්බාගත් වට්ටක්කා කොළ එකතු කරන්න. දැන් මෙය සංග්‍රහයට යොදා ගත හැකිය.

 

උපදෙස්:

මට්ටක්කුලිය සහ කඩවත

නුරාධා කුකරි ස්කුල්'හි

අනුරාධා ජයරත්න

දු.ක. - 0727767617

Please reload

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page