top of page

ගස්ලබු මැල්ලුම

 

අවශ්‍ය ද්‍රව්‍ය:

* මඳක් පැසුණු ගස්ලබු ගෙඩියක්

* ගා ගත පොල් මේස හැඳි 3ක්

* සුදුලූනු බික් 2ක්

* කරපිංචා ඉත්තක්

* කහ කුඩු ස්වල්පයක්

* තුනපහ තේ හැඳි 1/2ක්

* ගම්මිරිස් කුඩු ස්වල්පයක්

* අමුමිරිස් කරලක් හෝ කොච්චි ටිකක්

* තෙල් මේස හැඳි 1ක්

* අබ ඇට ස්වල්පයක්

* ලුණු

 

සාදන ක්‍රමය:

ගස්ලබු ගෙඩිය පොතුහැර සෝදා සිහින්ව කපා වතුර ටිකක් දමා තම්බා වතුර පෙරා හරින්න. පොල් වලට රතුලූනු, සුදුලූනු, කරපිංචා, කහ, තුනාපය, ගම්මිරිස්, ලුණු හා අමුමිරිස් එක්කර හොඳින් අඹරා ගන්න. දැන් තම්බාගත් ගස්ලබු ටිකට අඹරාගත් පොල් මිශ්‍රණය දමා හොඳින් මිශ්‍රකර ටික වේලාවක් තබා ළිපෙන් බාන්න. වෙනත් බඳුනකට තෙල් ටිකක් දමා ළිප තබා රත්වූ පසු අබ ඇට ටික එකතු කරන්න. අබ ඇට පිපිරෙන විට සාදාගත් ගස්ලබු ටික එක්කර හොඳින් තෙම්පරාදු කරගන්න.

 

උපදෙස්:

මට්ටක්කුලිය සහ කඩවත

අනුරාධා කුකරි ස්කුල්'හි

අනුරාධා ජයරත්න

දු.ක. - 0727767617

Please reload

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page