top of page

කුම්බලා කූරි කරිය

 

අවශ්‍ය ද්‍රව්‍ය:  

* තරමක් විශාල කුම්බලා මාළු කූරි 4ක්

* තෙල් මේස හැඳි 2ක්

* ඉඟුරු, සුදුලූනු මේස හැඳි 1ක්

* රම්පෙ, කරපිංචා

* තුනපහ කුඩු තේ හැඳි 2ක්

* කහ කුඩු ස්වල්පයක්

* ලුණු (රස අනුව)

* ගම්මිරිස් කුඩු තේ හැඳි 1 1/2ක්

* ලොකු ලූනු ගෙඩි 2ක්

* අමු මිරිස් කරල් 4ක්

* ලොකු තක්කාලි ගෙඩි 2ක්

* කුරුඳු පොත්තක්

* කොත්තමල්ලි කොළ ටිකක්

* මිරිස් කුඩු තේ හැඳි 3ක්

 

සාදන ක්‍රමය:

මාළු කූරියා පිටින් සුද්දකර සෝදා ගන්න. අමුමිරිස් දෙකට පලා ගන්න. ලූනු සිහින්ව ලියා ගන්න. තක්කාලි පොඩියට කපන්න.බඳුනකට තෙල් ටිකක් දමා ළිප තබා රත්වූ පසු ලියාගත් ලූනු, රම්පෙ, කරපිංචා, ඉඟුරු, සුදුලූනු එකතු කරන්න. මෙය හොඳින් තෙම්පරාදු වුණාට පසු මාළු කූරි එක්කර දෙපැත්ත හාරවා තෙම්පරාදු වෙන්නට හරින්න. ඉන්පසු මෙයට කපාගත් තක්කාලි, ලුණු, ගම්මිරිස්, මිරිස් කුඩු, කහ, තුනපහ, කුරුඳු පොතු දමා වතුර කෝප්ප 1/2ක් පමණ එක්කර වසා තබන්න. අවශ්‍ය තරමට ඉස්ම සිඳුණු පසු ළිප නිවා සිහින්ව කපාගත් කොත්තමල්ලි කොළ ටික උඩින් ඉසින්න.

 

උපදෙස්:

මට්ටක්කුලිය සහ කඩවත

අනුරාධා කුකරි ස්කුල්'හි

අනුරාධා ජයරත්න

දු.ක. - 0727767617

Please reload

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page