
කෙසෙල්මුහ පෙති මාළුව
අවශ්‍ය ද්‍රව්‍ය:
* කෙසෙල්මුහ 1ක්
* මිටිකිරි කෝප්ප 1ක්
* රම්පෙ, කරපිංචා
* රතුලූනු ගෙඩි 4ක්
* කහ කුඩු ස්වල්පයක්
* මිරිස් කුඩු තේ හැඳි 1ක්
* අමුමිරිස් කරල් 2ක්
* බැදගත් උළුහාල් ස්වල්පයක්
* කුරුඳු පොත්තක්
* උම්බලකඩ කුඩු මේස හැඳි 1ක්
* ලුණු (රස අනුව)
* බැදීමට තෙල්
* තලාගත් සුදුලූනු ගෙඩි 2ක්
බැටරය සඳහා:
* පාන් පිටි මේස හැඳි 2ක්
* කඩල පිටි මේස හැඳි 1ක්
* බිත්තර 1ක්
* කහ, ලුණු අවශ්‍ය පමණ
සාදන ක්‍රමය:
කෙසේල්මුහය සෝදා මුවහත් පිහියකින් අඟල් 1/4ක් ඝනකමට රවුමට පෙති කපා ගන්න. ඉන්පසු පාන් පිටි, කඩල පිටි, බිත්තර එකට මිශ්‍රකර එයට කහ, ලුණු එක්කර වතුර දමා උකු බැටරයක් සාදා ගන්න. දැන් මුලින් කපාගත් කෙසෙල් මුහ පෙති මෙම බැටරයේ ගිල්වා ගැඹුරු තෙලේ හොඳින් බැදගන්න.
දැන් කරිය සාදා ගනිමු. ඒ සඳහා බඳුනක් ගෙන එයට කපාගත් ලූනු, අමුමිරිස්, සුදුලූනු, මිරිස් කුඩු, කහ, ලුණු, උම්බලකඩ, රම්පෙ, කරපිංචා, දමා වතුර ස්වල්පයක් එක්කර ළිප තබන්න.
මෙය තැම්බුණු පසු මිටිකිරි එක්කර හොඳින් හැඳි ගාන්න. මෙම කරියට මුලින් බැදගත් කෙසෙල්මුහ පෙති එක්කර ළිපෙන් බාන්න. ඉන්පසු බැදගත් තුනපහ කුඩු ටිකක් උඩින් ඉසින්න.
උපදෙස්:
මට්ටක්කුලිය සහ කඩවත
අනුරාධා කුකරි ස්කුල්'හි
අනුරාධා ජයරත්න
දු.ක. - 0727767617