top of page

කජු මිශ්‍ර ඉස්සන් තෙම්පරාදුව

 

අවශ්‍ය ද්‍රව්‍ය:

* ලොකු ඉස්සන් ග්‍රෑම් 500ක්

* කජු ග්‍රෑම් 100ක්

* තෙල් මේස හැඳි 1 1/2ක්

* කෑලි මිරිස් මේස හැඳි 1ක්

* තුනපහ තේ හැඳි 1ක්

* කහ කුඩු ස්වල්පයක්

* ලුණු (රස අනුව)

* ගම්මිරිස් කුඩු තේ හැඳි 1ක්

* රම්පෙ, කරපිංචා

* ලොකු ලූනු ගෙඩි 3ක්

* තක්කාලි ගෙඩි 3ක්

* මාළුමිරිස් කරල් 3ක්

* සීනි ස්වල්පයක්

* තක්කාලි සෝස් මේස හැඳි 3ක්

* අඹරාගත් ඉඟුරු

* සුදුලූනු මේස හැඳි 1ක්

* කොත්තමල්ලි කොළ ටිකක්

 

සාදන ක්‍රමය:

ඉස්සන් සුද්ද කරගෙන (පොතු ඉවත් නොකර) හොඳින් සෝදා ගන්න. දැන් බඳුනකට තෙල් ටික දමා රත් වූ පසු ඉඟුරු, සුදුලූනු එකතු කරන්න. ඉන්පසු කෑලි මිරිස්, තුනපහ, කහ, රම්පෙ, කරපිංචා, ගම්මිරිස්, එක් කර සෝදාගත් ඉස්සන් ටිකද එකතු කරන්න. රස අනුව ලුණු හා කජු ටික දමා වතුර මේස හැඳි 2ක් පමණ එක්කර මඳගින්නේ තැම්බෙන්නට හරින්න. වතුර හිඳීගෙන එනවිට රවුමට කපාගත් ලූනු, කපාගත් තක්කාලි සහ හැඩයට කපා ගත් මාළු මිරිස් දමා සීනි ස්වල්පයක් ද එකතු කරන්න. අවසානයට තක්කාලි සෝස් සහ සිහින්ව කපාගත් කොත්තමල්ලි කොළ එක්කර හොඳින් මිශ්‍රකර ළිපෙන් බා සංග්‍රහයට යොදා ගන්න.

 

උපදෙස්:

මට්ටක්කුලිය සහ කඩවත

අනුරාධා කුකරි ස්කුල්'හි

අනුරාධා ජයරත්න

දු.ක. - 0727767617

Please reload

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page