
බැදගත් වම්බටු කරිය
අවශ්‍ය ද්‍රව්‍ය:
* මඳක් කුඩා වම්බටු ග්‍රෑම් 500ක්
* මිටිකිරි කෝප්ප 3/4ක්
* රම්පෙ, කරපිංචා
* රතුලූනු ගෙඩි 4ක්
* අමුමිරිස් කරල් 4ක් (දික් අතට පලා)
* සුදුලූනු බික් 2ක් (තලා ගන්න)
* කුරුඳු පොත්තක්
* තුනපහ තේ හැඳි 1ක්
* මිරිස් කුඩු තේ හැඳි 1ක්
* ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2ක්
* කහ කුඩු ස්වල්පයක්
* ලුණු (රස අනුව)
* විනාකිරි තේ හැඳි 1 1/2ක්
* සීනි තේ හැඳි 1 1/2ක්
* බැදගත් තුනපහ කුඩු තේ හැඳි 1/2ක්
* දියකිරි කෝප්ප 1ක්
* බැදීමට තෙල්
සාදන ක්‍රමය:
වම්බටු නැට්ට පිටින් සෝදාගෙන වෙන් නොවන ලෙස හතරට පලා ගන්න. ඉන්පසු මෙම බටු ගෙඩි ගැඹුරු තෙලේ බදාගන්න. වෙනත් බඳුනකට දියකිරි කෝප්පයක් දමා එයට රම්පෙ, කරපිංචා, ලූනු, අමුමිරිස්, කුරුඳු, තුනපහ, මිරිස් කුඩු, ගම්මිරිස්, කහ, සුදුලූනු, ලුණු, විනාකිරි එක්කර හොඳින් තැම්බෙන්නට හරින්න.මෙයට උකු මිටිකිරි හොඳින් මිශ්‍ර කරන්න. මෙය උකු ගතියට පත්වන විට බැද, තෙල් බේරාගත් වම්බටු ටික එක්කර හොඳින් මිශ්‍ර කර ළිපෙන් බාන්න. ඉන්පසු බැදගත් තුනපහ කුඩු ටිකක් උඩින් ඉසින්න.
උපදෙස්:
මට්ටක්කුලිය සහ කඩවත
අනුරාධා කුකරි ස්කූල්'හි
අනුරාධා ජයරත්න
දු.ක. - 0727767617