top of page

කොස් නියඹලාව

අවශ්‍ය ද්‍රව්‍ය:

*  පැසුණු කොස් මදුළු ග්‍රෑම් 500ක්

*  සුදුලූනු බික් 2ක්

*  රතුලූනු ගෙඩි 3ක්

*  කරපිංචා ඉත්තක්

*  කහ කුඩු ස්වල්පයක්

*  තුනපහ තේ හැඳි 1ක්

*  මිටිකිරි කෝප්ප 1 1/2ක්

*  කුරුඳු පොත්තක්

*  බැදගත් උළුහාල් ස්වල්පයක්

*  අමුමිරිස් කරල් 2 -3ක්

*  ලුණු

 

සාදන ක්‍රමය:

මුලින්ම කොස් මදුළු සිහින්ව කපාගන්න. ඇට පොතුහැර කැබලි කපා එයද කොස් මදුළු වලට දමා වතුර ටිකක් දමා හොඳින් තැම්බෙන්නට හරින්න. සිහින්ව ගා ගත් පොල් වලට සුදුලූනු, රතුලූනු, තුනපහ, කහ එක්කර සිහින්ව අඹරා ගන්න. නැති නම් බ්ලෙන්ඩ් කරගන්න. මෙම මිශ්‍රණය බෙරි වෙනතෙක් තම්බා ගත් කොස් ටිකට දමා එයට කුරුඳු, උළුහාල්, කරපිංචා, කපාගත් අමුමිරිස්, ලුණු සහ ඉතිරි මිටිකිරි එක්කර හොඳින් කලවම්කර මඳගින්නේ උයාගන්න. උකු ගතියට ලිපෙන් බාන්න.

 

උපදෙස්:

මට්ටක්කුලිය සහ කඩවත

අනුරාධා කුකරි ස්කුල්'හි

අනුරාධා ජයරත්න.

දු.ක. - 0727767617

Please reload

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page