
දෙල් මාළුව
අවශ්‍ය ද්‍රව්‍ය:
* දෙල් ගෙඩි 1ක්
* පොල්තෙල් ස්වල්පයක්
* රතුළූණු ගෙඩි 5ක්
* මිරිස් තේ හැඳි 1ක් (වියළි මිරිස් යොදා වුවද සැකසිය හැක)
* ගම්මිරිස් තේ හැඳි 1ක්
* තුනපහ තේ හැඳි 1ක්
* ලුණු තේ හැඳි 1ක්
* මිටිකිරි කෝප්ප 2ක්
* දියකිරි කෝප්ප 2ක්
* කහ තේ හැඳි 1/2ක්
* උළු හාල් හා අබ ස්වල්පයක්
* බැදපු තුනපහ තේ හැඳි 1ක්
* රම්පෙ, කරපිංචා, කුරුඳු, කැබැල්ලක්
* අමු මිරිස්
* සුදුළූණු
සාදන ක්‍රමය:
දෙල් ගෙඩිය පොතු හැර සාමාන්‍ය කැබලි වලට කපා, කහ, දුරු, ලුණු, රතුළූණු, ගම්මිරිස්, අමුමිරිස්, කැබලි මිරිස්, උළු හාල්, රම්පෙ, කරපිංචා, කුරුදඳු, සුදුළූණු, කහ ඇතගා ගන්න. එයට දියකිරි දමා ලිප තබා තැම්බෙන්න හරින්න. එය තැම්බී එන විට මිටිකිරි දමා කළවම් කරන්න. බෑමට ආසන්නව තිබියදී බැදපු තුනපහ කුඩු තේ හැන්දක් ඉසින්න.
වැදගත් කරුණු:
*මෙය තෙම්පරාදු කිරීමෙන් වඩා රසවත් වේ.
*හොඳින් පැසුණු පිටි සහිත අලුත් දෙල් ගෙඩියක් වඩාත් සුදුසුයි.
*නිවිති කොළ, කතුරුමුංගා කොළ ආදිය ද එක් කිරීමෙන් මෙහි උෂ්ණාධික බව අඩුවේ.