top of page

කට්ට සම්බෝලය

අවශ්‍ය ද්‍රව්‍ය:

* වියලි මිරිස් - මේස හැදි 02ක් පමණ

* ගම්මිරිස් ඇට - තේ හැදි 1/2ක්

* රතුළූණු - සාමාන්‍ය ප්‍රමාණයේ ගෙඩි 7 - 8ක්

* සුදුළූණු කුඩා බික් 1ක්

* උම්බලකඩ ස්වල්පයක්

* අවශ්‍ය තරමට ලුණු

* දෙහි ගෙඩි 1ක්

 

සාදන ක්‍රමය:

වියළි මිරිස් කරල් නම් නැටි කඩා වංගෙඩියට දමා කොටන්න. නැතහොත් ගලක අඹරා ගන්න. එසේත් නැතහොත් කෑලි මිරිස් ලෙස ග්‍රයින්ඩරයකින් තරමක් කැබලි වනසේ සකසා ගන්න (chilli powder නොවේ). වංගෙඩියට වියළි මිරිස්, රතුළූණු, සුදුළූණු, ගම්මිරිස්, උම්බලකඩ හා ලුණු එකට දමා කොටන්න. හොඳින් තැලී මිශ්‍ර වූ පසු පිටතට ගෙන පදමට දෙහි ඇඹුල් මිශ්‍ර කරගන්න.

 

වැදගත් කරුණු:

*වංගෙඩිය නොමැතිනම් රතුළූණු සිහින්ව ලියා අතින් පොඩිකර සම්බෝලය සෑදිය හැකිය.

*මිරිස්, ලුණු, ලුණු දෙහි යනාදිය අවශ්‍ය පරිදි අඩු වැඩි කර ගත හැක.

*හොඳින් පැසුණු නැවුම් දෙහි යෙදීමෙන් වඩාත් රසවත් වේ.

Please reload

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page