top of page

මාළු ඇඹුල් තියල්

 

අවශ්‍ය ද්‍රව්‍ය:

* මාළු කි.ග්‍රෑම් 1ක්

* ගොරකා කැබලි 10ක් (100g ක් පමණ)

* අමු මිරිස් කරල් 4ක්

* කුරුදු අඟල් 2ක්

* කහ තේ හැඳි 1/2ක්

* ලුණු මේස හැඳි 1ක්

* සුදුළූණු බික් 4ක්

* ගම්මිරිස් තේ හැඳි 2ක්

* වියළි මිරිස් තේ හැඳි 1ක්

* රම්පේ, කරපිංචා

* තලාගත් ඉඟුරු කැබැල්ලක්

 

සාදන ක්‍රමය:

මාළු කි.ග්‍රෑම් 1ක් තරමක් කැබලි වලට කපා සෝදාගන්න. (මේ සඳහා කෙලවල්ලන් හෝ බලයන් වඩාත් රසවත්ය.) ගොරකා කැබලි 10ක් සිහින්ව අඹර ගන්න. සුදුළූණු, ඉඟුරු හා කරපිංචා ද තලා ගන්න. ඉන්පසු ගොරකා, සුදුළූණු, ඉඟුරු, රම්පෙ, කරපිංචා, කුරුඳු, කැපූ අමු මිරිස්, ගම්මිරිස්, වියළි මිරිස් ආදී සියල්ල මාළු ඇතිලියට දැමා අතගාන්න. අන්පසු එයට වතුර කෝප්පයක් පමණ දමා සිඳෙන තෙක් තැම්බෙන්න හරින්න.

 

වැදගත් කරුණු:

*මැටි අතිලියක පිසූ විට වඩාත් රසවත් වේ.

*ඇතිලිය අඩිය රොස් වන තෙක් සිඳුනු විටද රසය ද සුවඳ ද වැඩි වේ.

*අවශ්‍ය නම් ලුණු ඇඹුල් අඩු වැඩි කර ගත හැක.

*මාළු සෝදන විට දෙහි ඉස්ම ස්වල්පයක් දමා සේදීම ද කළ හැක.

*අවශ්‍ය නම් එනසාල් කරාබු නැටි ද එක් කළ හැක.*අතිලියේ අඩියට කෙසෙල් කොලයක් දමා ඒ මත මාළු තබා පිසිමෙන්ද වඩා රසවත් කළ හැක.

Please reload

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page