top of page

කිරි කොස් මාළුව
අවශ්‍ය ද්‍රව්‍ය:
* හොඳින් පැසුණු කොස් මැඳුළු 25ක්
* කොස් ඇට 25ක්
* තුනපහ කුඩු තේ හැඳි 1 1/2ක්
* කහ තේ හැඳි 1/2ක්
* පොල් මිටි කිරි කෝප්ප 1 1/2ක්
* ගම්මිරිස් තේ හැඳි 1/2ක්
* වියළි මිරිස් තේ හැඳි 1/2ක්
* අමු මිරිස් කරල් 3ක්
* උම්බලකඩ කුඩු මේස හැඳි 1ක්
* රතුළූණු, කුරුඳු, රම්පෙ, කරපිංචා
* අබ ස්වල්පයක්
සාදන ක්‍රමය:
කොස් මදුළු සෝදා ඇට ගලවා දික් අතට තරමක කැබලි කපා ගන්න. කොස් ඇට තලා පොතු හැර සෝදා ගන්න. තුනපහ, කහ, අබ, උම්බලකඩ, සුදුළූණු, රතුළූණු, අමුමිරිස්, කුරුඳු, රම්පෙ, කරපිංචා, වියළි මිරිස්, ගම්මිරිස් ආදිය දමා අතගා දියකිරි දමා ලිප තබන්න. එය තැම්බී එන විට මිටිකිරි දමන්න. එය පැසෙන විට අවශ්‍ය නම් බැදපු දුරුකුඩු තේ හැන්දක් පමණ ඉසින්න. අවශ්‍ය නම් මෙය තෙම්පරාදු කිරීමෙන් වඩාත් රසවත් කළ හැක.
වැදගත් කරුණු:
*කොස් ඇට අඩියට දමා තැම්බීම වඩාත් සුදුසු වේ.
Please reload
bottom of page