top of page

අතිරස
අවශ්‍ය ද්‍රව්‍ය:
* කැකුළු සහල් පිටි ග්‍රෑම් 100
* හාල් කප්පි ග්‍රෑම් 50
* පැණි අඬු කෝප්ප 2
* සීනි ග්‍රෑම් 100
* වැනිලා තේ හැඳි 1
* ලුණු තේ හැඳි 1/2
* බැදගැනීමට පොල් තෙල්
සාදන ආකාරය:
පැණි, සීනි. ලුණු, බඳුනකට දමා ළිප තබා රත්කරන්න. දැන් පිටි ද කප්පි ද වැනිලා දමා මද ගින්දරේ හැඳිගාමින් ගුලියක් ලෙස සැකසෙන තුරු පිසගන්න. මේ පිටි ගුලිය නිවෙන්නට ලෑල්ලක් වැනි දෙයක් මත (බන්දේසියක්) දමා ගන්න. දැන් කලින් පිටි සකසා ගත් භාජනයකට වතුර ටිකක් දමා ළිප තියා වටේට ඇලී තිබෙන පිටි දියකර ගනිමින් කැඳ ටිකක් සාදා ගන්න. මේ කැඳ ටික පිටි ගුලියට දමමින් පිටි මෘදු වන තුරු අනාගන්න. දැන් පිටි ගුලිය මතට පොල්තෙල් ටිකක් දමමින් පිටි කඩා කුඩා බෝල සාදා ගන්න. ඒවා තුනී කරමින් රත් වූ තෙලට දමා බදාගන්න. තෙල් බේරෙන්නට තබා වියළි මුට්ටියක අසුරා ගන්න.
Please reload
bottom of page