top of page

වැලිතලප
අවශ්‍ය ද්‍රව්‍ය:
* සුදු සහල් පිටි හුණ්ඩු 4
* ඉතා සිහින්ව ගාගත් පොල් ගෙඩි දෙකක පොල්
* ලුණු තේ හැඳි 1
* සීනි අඬු කෝප්ප 2
* පැණි අඬු කෝප්ප 2
සාදන ආකාරය:
පොල් ගෙඩියක පමණ පොල් වලට වතුර අඬු කෝප්පයක් පමණ එකතු කර මිරිකා ඉතා උකුවට පොල්කිරි මිරිකා ගන්න. දැන් ඉතා සිහින්ව ගා ගත් පොල් වලට ලුණු, සහල් පිටි ටික ටික දමමින් පොල් කිරි අතින් ඉසිමින් පිට්ටු මල් කර ගන්න. දැන් පිට්ටු ටික වන්ඩුවේ තම්බා ගන්න. ඉන්පසු නැවත නිවෙන්නට හැර අතින් පොඩිකර ගන්න. දැන් සීනි, පැණි ලිප තබා පත්පැණි පදමට එන විට පිට්ටු ටික ටික දමමින් ගුලියට එන ලෙස මද ගින්දරේ කලවම් කරගන්න. බිමට බා තැටියක වඩා කැමති හැඩයට කෑලි කපා ගන්න.
Please reload
bottom of page