top of page

බිබික්කන්
අවශ්‍ය ද්‍රව්‍ය:
පාන් පිටි ග්‍රෑම් 500
පැණි පොල් ග්‍රෑම් 400
වියළි මිදි ග්‍රෑම් 100
සීනි ග්‍රෑම් 125
කජු මද ග්‍රෑම් 100
බෙකින් පවුඩර් තේ හැඳි 3
යීස්ට් තේ හැඳි 1
බිත්තර 1
ලුණු තේ හැඳි 1
සාදන ආකාරය:
පිටි ටික පෙනේරයකින් හොඳට හලා ගන්න. දැන් භාජනයක් ගෙන එයට පිටි ටික දමන්න. දැන් එයට ලුණු, යිස්ට් සහ බිත්තරය දමා රොටි වලට මෙන් පිටි ගුලියක් සාදා පැය 1/2 ක් පමණ විවේකීව වසා තබන්න. දැන් මේ පිටි මිශ්‍රනයට සීනි දමා සීනි දියවන තුරු හොඳින් අනාගන්න. දැන් සාදාගත් පොල් පැණි, බෙකින් පවුඩර්, කජු කැබැලි, වියළි මිදී දමා හොඳට කලවම් කරන්න. දැන් කොළ තට්ටුවක් මතට දමා ගත තෙල් කඩදාසි සහිත තැටියක මිශ්‍රණය තුනී කර 150C උෂ්ණත්වයේ විනාඩි 45ක් පමණ බේක් කරගන්න.
Please reload
bottom of page