top of page

කජු අලුවා
අවශ්‍ය ද්‍රව්‍ය:
කැකුළු සහල් පිටි ග්‍රෑම් 600
පැණි අඬු කොප්ප 2
සීනි ග්‍රෑම් 300
රොස්ට් කරගත් කජු ග්‍රෑම් 150 වැනිලා තේ හැඳි 2
සාදන ආකාරය:
සහල් පිටි කබලේ බැද පසෙකින් තබාගන්න. කජු කුඩාවට කපා ගන්න. දැන් පැණි, සීනි ලිප තබා උණු කරන්න. පත් පැණි පදමට ආ විට වැනිලාද එක් කරගන්න. දැන් ගින්දර හොඳටම අඩුකර පිටි ටික ටික දමමින් කලවම් කරමින් පිසගන්න. සහල් පිටි ටිකක් ඉසගත් ලෑල්ලක් මත තුනී කර උඩටද පිටි ඉස කැබැලි කපා ගන්න.
Please reload
bottom of page