top of page

අග්ගලා
අවශ්‍ය ද්‍රව්‍ය:
කබලේ රන්වන් පාටට බැදගත් සහල් පිටි ග්‍රෑම් 300
සීනි ග්‍රෑම් 150
කජුමද ග්‍රෑම් 50
ලුණු තේ හැඳි 1/2
ගම්මිරිස් කැබැලි තේ හැඳි 1/4
වතුර අඬු කෝප්ප 1/2
සාදන ආකාරය:
භාජනයකට සීනි, ලුණු සහ වතුර දමා ළිප තබා රත් කරමින් මද ගින්දරේ තරමක් උකු ද්‍රවණයක් සාදා ගන්න. එය ලිපෙන් බා මඳක් නිවෙන්න තබන්න. පිටිවලින් ග්‍රෑම් 50ක් පමණ වෙන්කර තබන්න. ඉතිරි පිටිවල කුඩාවට කපාගත් කජුමද, ගම්මිරිස් කුඩු දමා හොඳින් මිශ්‍ර කරන්න. දැන් මේ පිටි මතට සාදාගත් පත් පැණි ටික ටික දමමින් තරමක ගුලි සාදාගන්න. සාදන ගුලි ඉතිරි කරගත් පිටි මත පෙරළා වටේට පිටි තැවරුණු විට භාජනයක අඩුක්කර ගන්න.
Please reload
bottom of page