
කොණ්ඩ කැවුම්
අවශ්‍ය දේ:
* හාල් පිටි කි.ග්‍රෑම් 1ක්
* පැණි බෝ. 1/2ක්
* ඉරටු කැබැල්ලක් (සිහින් කූරක්)
* මාදුරු ස්වල්පයක් (අවශ්‍ය නම්)
සාදන ක්‍රමය:
පිටි හොඳින් කීපවරක් හලා ගන්න. පැණි හා ලුණු, හාල් පිටි සමඟ දිය කර ගන්න. මිශ්‍රණයේ ඝනකම වැඩි නම් උණු වතුර ස්වල්පයක් මිශ්‍ර කරන්න. (පැණි වල උකු ස්වභාවය අනුව මිශ්‍රණයේ ඝනකම අඩු වැඩි විය හැක). තෙල් තාච්චියක් ලිප තබා මිශ්‍රණය බොකුටු හැන්දකින් ගෙන තාච්චියට ඉහලින් ඔසවා සීරුවෙන් වත් කරන්න. වටේ බැදී, මැද මුදුන් වන විට මිශ්‍රණයෙන් තව ස්වල්පයක් මැදට වක්කොට ඉරටුවක් මැදට ගසා එක අතකින් ඉරටුවක් මැදට ගස එක් අතකින් ඉරටුව කරකවමින් අනෙක් අතේ හැන්දෙන් තෙල් ඉසිමින් ද කොණ්ඩය වඩන්න. රන්වන් පැහැ වන විට ඉවතට ගන්න.
වැදගත් කරුණු:
කොණ්ඩය වැඩීමට ඇත දෙක එකවිට සීරුවෙන් භාවිතා කල යුතුවේ. (දකුණතින් තෙල් ඉසීම හා එමතින් එරටුව කරකැවීම)කැවුම පිළිස්සීමට ඉඩ ඇති නිසා කල්පනාකාරී වන්න. පිටි මිශ්‍රණයට කැමති නම් මාදුරු ද එක් කරගත හැකිය.හොඳ පැණි භාවිතා කළ විට කැවුම් වඩාත් රසවත් කර ගත හැකිය.හාල් පිටි සෑදීමේදී පැය 2-3ක් පෙන්ගේන්නට සැලැස්වීම ප්‍රමාණවත්ය. වැඩි වේලා පෙඟෙන්නට නොහරින්න.