
මුං කැවුම්
අවශ්‍ය දේ:
* මුං පිටි 500 ග්‍රෑම් (මුං ඇට කබලේ බැද කුඩු කර ගන්න).
* හාල් පිටි 500 ග්‍රෑම්
* සීනි 750 ග්‍රෑම්
* බටර් මේස හැඳි 1යි
* පොල්තෙල්
* පිටි (කවරය සඳහා)
* පොල්කිරි කෝප්ප 1යි
* පිටි 250 ග්‍රෑම්
* කහ කුඩු තේ හැඳි 1/2 යි
* ලුණු ස්වල්පයක්
සාදන ක්‍රමය:
පැණි ළිප තබා උණු කර ගන්න. නැතහොත් සීනි වලට වතුර කෝප්පයක් දමා උණුකර පැණි සාදා ගන්න. ඉන්ප්සසු මුං ඇට කුඩු සහ හාල් පිටි දමා ගන්න. ඝන වී එන විට බටර් ටිකක් එකතු කර හොඳින් කළවම් කර ලිපන් ඉවත් කර තෙල් සිවල්පයක් තවරාගත් බන්දෙසියකට දමන්න. මෙම මිශ්‍රණය සෑදූ භාජනයට වතුර කෝප්ප 2ක් දමා එහි වටේ දැවටී ඇති පිටි දියකර නටවා කැඳක් සාදා ගන්න. එය නිවෙන්නට හැර මුං පිටි මිශ්‍රණයට දමා අත් ගසා මොළොක් කර ගන්න. ඉන්පසු තෙල් ගා ගත් තැටියක තුනී කර දික් රොම්බස හැඩයට කපා ගන්න. ඉන්පසු පිටි කවරය සෑදීම සඳහා පොල් කිරි වලට පිටි ස්වල්පය බැගින් දමා කළවම් කරන්න. ලුණු සහ කහ ද එක්කර දිය කරගන්න. කපා ගත් මුං කැවුම් කැබලි පිටි කවරයේ තවරා තෙලේ දමා බැද ගන්න. පැණි වතුර භාජනයකට වත් කරන විට එහි පතුලේ ඝන වන තරමට උණු කර ගත යුතුය. සීනි නම් ස්වල්පයක්, තරමක් කර කරගැනීමෙන් පසු සීනි සියල්ල දමා පැණි සාදා ගැනීමෙන් පැණි පැහැය ලබා ගත හැක.