top of page

ආස්මී
අවශ්‍ය දේ:
* හාල් පිටි කි. ග්‍රෑම් 1ක්
* දවුල් කුරුඳු කොළ ටිකක්
* පොල් බෑයක පමණ කිරි (කෝප්ප 02)
* පැණි (උණු කළ සීනි ග්‍රෑම් 500ක්) බෝතල් 1/2 ක්
සාදන ක්‍රමය:
හාල් කොටා කිහිප වාරයක් හලා ගන්න. පොල් කිරි ලුණු සමඟ මිශ්‍ර කර ඝන මිශ්‍රණයක් සාදා ගන්න. දවුල් කුරුඳු කොළ වලට වතුර ටිකක් දමා කොටා ඉස්ම මිරිකා ගන්න. (නානු)මෙම නානු පිටි මිශ්‍රණයට දමා කලවම් කරගන්න. මිශ්‍රණයෙන් ස්වල්පයක් ගෙන ආස්මි හැන්දෙන් තෙල් තාච්චියට රවුම් කීපයක් සිටින සේ වක්කර දැලක් සේ සාදාගන්න.ඉන්පසු එය දෙකට නමා කෙළවර තද කර ගන්න. අනෙක් පැත්තද හරවා බැදගන්න. ඉන්පසු දවස් 2-3ක් තබාගෙන නැවත වරක් බැද ඒවා මත මෝස්තරයට උණු කල පැණි හෝ සීනි (කැමති නම් වර්ණ ගැන්විය හැක.) වත් කරන්න.
Please reload
bottom of page