top of page

අලුවා
අවශ්‍ය දේ:
* සුදු හාල් පිටි කි.ග්‍රෑම් 1ක්
* සුදු සීනි කි.ග්‍රෑම් 1ක්
* කරදමුංගු/කරාබුනැටි 3ක්
* කජු මද කිහිපයක් (අවශ්‍ය නම්)
සාදන ක්‍රමය:
මුලින්ම හාල් පිටි හොඳින් බැද ගන්න. (මෙය රන්වන් පැහැ වන තුරු මද ගින්නේ බැද ගන්න. නැත්නම් පිටි කර වීමට ඉඩ ඇත). ඉන්පසු පිටි හලා ගන්න. බඳුනකට සීනි දමා එයට වතුර කෝප්ප 2 1/2 ක් පමණ දමා පත්පැණි වනතුරු උණු කරන්න. (ඉහලට එසවූ විට නූලක් මෙන් ඇදෙන තුරු) එයටම සුවඳ ද්‍රව්‍ය එක් කරන්න. තලපයක් මෙන් වනතුරු අනාගන්න. ලැල්ලක් හෝ තැටියක පිටි ස්වල්පයක් ඉස ඒ මත හොඳින් අතුරා තුනී කර ගන්න. නැවත ඒ මත පිටි ඉස ඝන වීමට පෙර කෑලි කපා ගන්න.
Please reload
bottom of page