top of page

අල කොළ ඇඹුල

අවශ්‍ය ද්‍රව්‍ය

 

වෙල් අල කොළ 500g

මිරිස් කුඩු තේ හැඳි 2

කහ කුඩු තේ හැඳි 1/2

තුනපහ කුඩු තේ හැඳි 1/2

ගොරකා කැබලි 2 -3

කරපිංචා

රම්පෙ

සුදුළූණු අවශ්‍ය පමණ

රතුළූණු අවශ්‍ය පමණ

උළුහාල් ස්වල්පයක්

 

සාදන අයුරු

 

අල කොළ සෝදා දිය බේරෙන්නට තබා අඟල් 1ක පමණ දිගට කැබලි කපා ගෙන පසෙක තබන්න. (අල කොළ කඩා දින 2 -3ක් තබා ගත් ඒවා නම් වඩා සුදුසුයි) මිරිස්, තුනපහ සියල්ල ජලය සමඟ මිශ්‍ර කර ලිප තබා හොඳින් පැස්සවා ගන්න. හොඳින් පැසුණු මිශ්‍රණයට කපාගත් අල කොළ දමා සෙමින් ඉදෙන්න හරින්න. අල කොළ ඉස්ම හිඳෙන තෙක් පිසගන්න. මෙය වඩා රසවත් වීමට තෙම්පරාදු කරගත හැක.

 

තෙම්පාරාදුව

 

කරල් මිරිස් කැබලි, අබ, රම්පෙ, සුදුළූණු, කරපිංචා මේ සියල්ල තෙල් ලිප තබා තෙම්පරාදු කර අල කොළවලට මිශ්‍ර කර, ලුණු බලා ලිපෙන් බාගන්න.

Please reload

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page