top of page

කොස් මැල්ලුම
අවශ්‍ය දේ:
*හොඳින් පැසුණු කොස් මදුළු 25ක්
*කොස් ඇට 25ක්
*පොල් ගෙඩි 1/4ක්
*කහ තේ හැඳි 1/2ක්
*කුරුඳු අඟල් 2ක්
*අබ තේ හැඳි 1ක්
*අමු මිරිස් හෝ කොච්චි කරල් 3ක්
*සුදුළූණු බික් 5ක්
*රතුළූණු ගෙඩි 4ක්
*අමු ඉඟුරු කැබලි අඟල් 1/2ක්
*ගම්මිරිස් තේ හැඳි 1/2ක්
*ලුණු ස්වල්පයක්
සාදන ක්‍රමය:
කොස් මදුළු සෝදා ඇට ගලවා තරමක් සිහින්ව කපා ගන්න. කොස් ඇට ද තලා පොතු හැර සෝදා ගන්න. භාජනයකට වතුර කෝප්ප 1 1/2ක් පමණ සහ ලුණු ස්වල්පයක් දමා තැම්බෙන්නට අරින්න. කහ, අමු මිරිස්, කුරුඳු, අබ, සුදුළූණු, රතුළූණු, ගම්මිරිස්, අමු ඉඟුරු, ලුණු ස්වල්පයක් එකට අඹරා හෝ තලා ගන්න. ඊට පොල් ද එකතු කර වංගෙඩියේ කොටා ගන්න. වතුර සිඳෙන තෙක් තැම්බුණු කොස් ව්‍යංජනයට පොල් මැල්ලුම දමා හොඳින් කලවම් කරන්න. ස්වල්ප වේලාවක් වසා තැම්බෙන්නට හැර ළිපෙන් බා ගන්න.
Please reload
bottom of page